ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක දසුන් ශානක ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටව නොගිය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී.
අමෙරිකානු වීසා සහිතව තිබු විදේශ ගමන් බලපත්‍රය අස්ථානගතවිම හේතුවෙන් දසුන් ශානක මෙම තත්ත්වයට මුහුණ පා තිබෙන බව වාර්තා වේ.
මේ වන විට දසුන් ශානක ගේ ගුවන් ගමන් බලපත්‍රය සකස් කිරීමට සහ අවශ්‍ය වීසා පහසුකම් ලබාගැනීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්වී සිදුකරනු ලබන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ගැටලුව විසඳුනු වහාම දසුන් ශානක බටහිර ඉන්දීය කොදෙව් දුපත් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතය.










