පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ලබා දී ඇති වාර්තාවේ පිටපත් 300ක් මුද්‍රණය කරන ලෙසට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව මේ වනවිට අදාළ පිටපත් මුද්‍රණය කිරීමට සියලු පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එම පිටපත් සියලුම මන්ත්‍රීවරුන් වෙත ලබා දීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.










