• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එල්.පී.එල්. පාවා දුන් ලංකාවේ ක්‍රීඩකයා කව්ද? පොලිසියට එන්න කීවාම මග ඇරලා: ෆෝන් එක ඉල්ලුවාම බිරිදගේ එක දීලා EXCLUSIVE

February 21, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
එල්.පී.එල්. පාවා දුන් ලංකාවේ ක්‍රීඩකයා කව්ද? පොලිසියට එන්න කීවාම මග ඇරලා: ෆෝන් එක ඉල්ලුවාම බිරිදගේ එක දීලා EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය මේ වන විට ලෝකයේම අවධානයට ලක්වූ තරගාවලියකි. ක්‍රිකට් ක්‍රීඩකයන්ට යම් මූල්‍යමය වටිනාකමක් පවා හිමිවන අයි.පී.එල්. තරගාවලියේ අඩිපාරේ යමින් අපේ රටද ක්‍රිකට් තරගාවලියක් නිර්මාණය කළේය. ඊට නම් තැබුවේ එල්.පී.එල්. කියාය. ඉන්දියාවේ අයි.පී.එල්. තරම් එල්.පී.එල්. තවමත් ක්‍රිකට් ලෝකය දිනාගත් තරගාවලියක් නොවූවත් පළමු තරගාවලියෙන්ම ක්‍රිකට් ලෝකය හමුවට ශ්‍රී ලංකාව රැගෙන යාමට එල්.පී.එල්. තරගාවලිය සමත්වූ බව ඊට ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන් දැක්වූ ප්‍රතිචාරවලින්ම පැහැදිලිය.

සීමිත කණ්ඩායම් කිහිපයකින් ආරම්භ කළ එල්.පී.එල්. තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ද සහභාගී වීම කැපී පෙනෙන්නට විය. ඒත් එක්කම සීමිත කණ්ඩායම් කිහිපයෙන් පවා වැඩි ප්‍රමාණයක හිමිකාරීත්වය දැරුවේද විදෙස් ජාතිකයන් වීමද විශේෂත්වයකි. ඒ අතරින් දඹුල්ලේ වයිකිං කණ්ඩායමේ හිමිකරුවා වූයේ සචින් ජෝෂි ය. ඉන්දියානු ජාතිකයෙක් වන ඔහු ව්‍යාපාරිකයෙකි. නළුවෙකි. ඉන්දියානු පොලීසිය ඉකුත් සතියේ ඔහුව අත්අඩංගුවට ගන්නේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ විමර්ශනයකට අදාළවය. ඒ ඔහු බැංකුවකින් ලබාගත් මුදලක් සම්බන්ධයෙනි.

සචින් ජෝෂි අත්අඩංගුවට ගැනීමට මුල්වූ ඇතැම් තොරතුරු තවමත් එරට මාධ්‍යවලට රහසකි. මෙරට ක්‍රිකට් පරිපාලනය සඳහන් කරන්නේ ඔහුගේ අත්අඩංගුවට ගැනීම හා මෙරට ක්‍රිකට් අතර සම්බන්ධයක් නොමැති බවකි. හුදෙක් ඔහු එරදී කරන ලද ගනුදෙනුවකට අදාළව එම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවද ඒ අය කියති. අයි.පී.එල්. තරගාවලියේදී ඔහු දඹුල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය දරමින් ක්‍රීඩකයන් මිලදී ගත් බවත් ඊට අදාළ ගෙවීම් ක්‍රීඩකයන්ට නිසි ලෙස කර ඇති බවත් ඉන් එහාට ඔහු සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බවත් ඒ අය වැඩිදුරටත් කියති.

‍ ඔවුන්ගේ පැත්තෙන් ඒ කථාව නිවැරදී වූවත් එල්.පී.එල්. තරගාවලිය මෙරට පැවැත්වෙමින් තිබියදී එය සූදුවක් බවට පත්කර ගැනීමට ක්‍රීඩකයන් බිලි බා ගැනීමට කෙරුණු රහස් මෙහෙයුමක් ගැන මේ වන විටත් විමර්ශනයක් පැවැත්වෙමින් ඇති බැවින් එහි කොන් කොතනක තිබේදැයි තවමත් සඳහන් කරන්නට කල්වැඩිය. එම විමර්ශනය පැවැත්වෙන්නේ ක්‍රීඩා වැරදි විමර්ශනය කිරීමට පත්කර ඇති විශේෂ පොලිස් ඒකකය විසිනි. ඒ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් කළ දැනුම් දීමකට අනුවය. එල්.පී.එල්. තරගාවලිය පැවැත්වෙන අතරතුර සිදුවන්නට ගිය එම සූදුව ගැන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දෙන්නේද මෙරට ක්‍රීඩකයන් දෙදෙනෙකි. ඒ තරග පාවාදීමකට යම් ක්‍රීඩකයෙක් ඩුබායි සිට දුරකතනයකින් කළ යෝජනාවක් සම්බන්ධයෙනි.

“ඔයාලට මේ තරගාවලියට සෙල්ලම් කලාම වැඩිම වුණොත් ලැබෙන්නේ ඩොලර් 15000යිනේ. කැමතිනම් ඊට වැඩි ගානක් අතට ගන්න පුළුවන්. ඔයාලට එක්කෙනෙක් කථාකරයි. එයා කියන විදිහට වැඩේ කරන්න“ මේ ඩුබායි සිට ක්‍රීඩකයන් දෙදෙනාට තරග පාවාදීමකට පොළඹවමින් තවත් ක්‍රීකට් ක්‍රීඩකයෙකුගෙන් ලැබුණේ යැයි කියන ඇමතුමේ සාරංශයයි.

ඩුබායි සිට ඇමතුම ලබාදුන් එම ක්‍රීඩකයා මේ යෝජනාව කරන්නේ ක්‍රිකට් ඔට්ටු මේ වන විට ලෝකයේ ජනප්‍රියතම සූදුවක් බවට පත්වෙමින් ඇති බැවිනි. ක්‍රිකට් ඔට්ටු සදහා වැඩි ඉල්ලුමක් ඇත්තේ ඉන්දියාව තුළය. මෙරටත් ඇතැම් බුකීවල ක්‍රිකට් ඔට්ටුවලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. මෙරට ක්‍රිකට් තරගාවලි පැවැත්වෙන වකවානුවලදී රේස් බුකීවල වැඩියෙන්ම අශ්වයින්ට වඩා ඔට්ටු අල්ලන්නේ ක්‍රීඩකයන්ටය. ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳුණු සූදුව ඉන්දියාව තුළ කොතරම් දරුණු ලෙස ව්‍යාප්තව තිබේදැයි කියන්නට ඇති හොදම උදාහරණය වන්නේ කොවිඩ් පළමු රැල්ල හේතුවෙන් රට වසා තිබියදී ව්‍යාජ එල්.පී.එල්.තරගාවලියක් අන්තර් ජාලය තුළ සැරිසරමින් ඔට්ටු ඇල්ලීම් ජයටම සිදුවීමය. එම ව්‍යාජ ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන්නට වූයේ බදුලු බණ්ඩාරවෙල පැත්තේ ක්‍රීඩාංගණවලය. ක්‍රීඩකයන් ලබාගන්නා ලකුණු , විකට් ආදිය පවා සජීවීව අන්තර්ජාලයේ පළවන්නටද ගත්තේය. බැලින්නම් ඒ සිදුවී තිබුණේ නැති ක්‍රිකට් තරගාවලියක් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ ලෙස විකාශය කරමින් සූදුවකි.

සැබෑ එල්.පී.එල්. තරගාවලිය පැවැත්වෙමින් තිබියදී ක්‍රිකට් සූදු අන්තුවෝ අපේ රටේම ක්‍රීඩකයෙක් බිලිබාගනිමින් තරගාවලියේ සිටි ක්‍රීඩකයන් බිලිබා ගන්නට උත්සහයක නිරත වන්නට ඇත්තේ එල්.පී.එල්. තරගාවලියත් බුකීකරුවන්ට හිතැති ලෙස හැසිරවීමට විය හැකිය. කෙසේ වෙතත් මේ ගැන කොලොම්බු කිග්ස් ක්‍රීඩකයන් දෙදෙනක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට මේ ගැන පැමිණිලි කරන්නේ එම යෝජනාවේ ඇති බරපතළකම ගැන යම් වැටහීමක් තිබුණු නිසා විය හැකිය. එතැන් සිට එම ක්‍රීඩකයන් හැසිරෙන්නේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උපදෙස්වලට අනුවය. සියල්ලක්ම ඔවුන් පටිගත කරනු ලැබීය. ඒ සියල්ලක්ම අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට යොමු කළේය. මේ ගැන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් අපේ රටට නිල වශයෙන් දැනුම් දීමක් සිදුවන්නේ අනතුරුවය. ක්‍රිඩා වැරදි විමර්ශන ඒකකය විසින් එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙමින් තිබියදී ක්‍රීඩකයන් මුදලට ගෙන තරග පාවාදීමකට ගත් උත්සහයක් ගැන විමර්ශනයක් ආරම්භ කරන්නේ ඒ අනුවය.

මෙම විශේෂ පොලිස් ඒකකය පූර්ණ බලතල සහිතව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විධිවිධාන පනතකින් 2019 වසරේ ස්ථාපිත කරනු ලැබූවකි. වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම්, අධිකරණ නියෝගයක් නොමැතිව ආදායම් බදු ගොනු පරීක්ෂා කිරීම්, දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම් වැනි බලතල ගොන්නක්ම මෙම ඒකකය සතුය. මෙම පොලිස් ඒකකයේ ප්‍රධානියා අධ්‍යක්ෂකවරයෙකි. 2020 පෙබරවාරි 15 වෙනිදා මෙම ඒකකය මෙරට ස්ථාපිත කිරීමේදී පත්කරන ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා එහි අධ්‍යක්ෂ ධුරය හොබවයි. ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙසත් බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්ෂක ලෙසත් සේවය කර ඇති ඔහු අපරාධ විමර්ශනයේ දක්ෂයෙක් ලෙස පොලීසිය තුළ නමක් දිනා සිටින නිලධාරියෙකි. මෙම ඒකකයේ ප්‍රධානියා ලෙස ඔහුව පත්කරන්නේද ඒ නිසාමය. ඔහු හා සමානව වගකීමක් ඇති නිලධාරියෙක් වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාය. මේ දෙදෙනා කටයුතු කරන්නේ කොමිසමක් ලෙසිනි. මෙම තනතුරු වග කියන්නේ නීතිපතිටය.

මෙම ඒකකය ක්‍රියාත්මක වන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනතට අනුව යම් පුද්ගලයෙක් හෝ ක්‍රීඩකයෙක් වරදකරු වුවහොත් අවම දඩය රුපියල් ලක්ෂ 100කි. උපරිම දඩය රුපියල් ලක්ෂ 1000කි. එසේම බරපතළ වැඩ ඇතිව වසර තුනේ සිට 10 දක්වා උපරිමයක් දක්වා දඬුවම් නියම කිරීමටද අධිකරණයට හැකියාවක් ඇත්තේය. ක්‍රීඩාවේ දූෂණ වංචා වැළැක්වීමට මේ පනත කොතරම් ශක්තිමත්දැයි ඒ අනුව සිතා ගැනීමට හැකිය. මෙම ඒකකය විසින් මේ වන විට පවත්වන ලොකුම විමර්ශනය බවට මේ වන විට පත්ව ඇත්තේ එල්.පී.එල්. තරගාවලිය පාවාදීමට කළ උත්සහය ගැන වූ විමර්ශනයයි.

මේ වන විට එම තරගාවලියට සහභාගිවූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන හමාරය. ඒ අතර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළ ක්‍රීඩකයන් දෙදෙනාද සිටී. ඔවුන්ගේ ජංගම දුරකතන පවා තාක්ෂණික විමර්ශනයක් සඳහා මේ වන විටත් ඇත්තේ එම ඒකකය භාරයේය. තරග පාවාදීමකට ඩුබායි සිට මෙම ක්‍රීඩකයන් දෙදෙනාට ඇමතුම් දුන්නේ යැයි කියන ක්‍රීඩකයාව මෙම ඒකකයේ නිලධාරීන් හඹා යන්නේ අනතුරුවය. මුලින්ම නිලධාරීන් ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ඒ වන විට භාවිතා කරමින් සිටි ජංගම දුරකතයන්ය. ඒ අනුව ඔහු විමර්ශන සදහා සහය වෙමින් ජංගම දුරකතන දෙකක් විමර්ශකයන් අත තැබූවත් ඒ ඔහුගේ බිරිඳගේ දුරකතන බව නිලධාරීන් දැන ගන්නේ පසුවය. එම ක්‍රීඩකයා ඒ වන විටත් කර තිබුණේ නිලධාරීන් නොමග යැවීමකි. ඒත් එක්කම එම ක්‍රීඩකයා සම්බන්ධයෙන් හටගන්නේ බලවත් සැකයකි. ඒ නිසාම ඔහුව ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකයට ගෙන්වා ප්‍රශ්න කිරීමකට භාජනය කරන්නට තීරණය විය. ඒ බව එම ක්‍රීඩකයාට දැන්වීමට නිලධාරීන් නිවසට ගිය විට ඔහු සිටින්නේ නිවසින් අතුරුදන්වය. බිරිඳ පවා විමර්ශන නිලධාරීන්ව මග හරින්න ගත්තේය.

අනතුරුව විමර්ශන ඒකකයට විවිධ පාර්ශව හරහා බලපෑම් කිරීමටද පටන් ගත්තේය. ඒ අතර ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් යැයි කියන පුද්ගලයෙක්ද සිටියේය. ප්‍රබල ක්‍රීඩා ඇමතිවරයෙක් සිටීම නිසාම ඒ බලපෑම්වලට විමර්ශන ඒකකය නතුකර ගැනීමට හැකියාවක් නොවීය. ඒ නිසාම වෙනත් උප්පරවැට්ටි යොදමින් විමර්ශන ඒකකයේ නිලධාරීන් බිලිබා ගන්නට පවා විවිධ පාර්ශව උත්සහ ගත්තේය. ඒ වන විට සටහන් කරගෙන තිබුණු ක්‍රීඩකයන්ගේ ප්‍රකාශ පවා ජායාරූප ගතකර ගැනීමට පවා යම් උත්සහයක් පැවතුණේය. ඒ සියල්ලක්ම ව්‍යාර්ථ වන්නේ ඒ ගැන කල්තියා එහි අධ්‍යක්ෂ ජගත් ෆොන්සේකාට දැන ගැනීමට ලැබුණු බැවිනි. ඒත් එක්කම ඉකුත් සතියේ සිට සියලු කටඋත්තර සහ විමර්ශන ගොනුව පවතින්නේ ඔහුගේ භාරයේය. ඒ වැඩි ආරක්ෂාවටය.

ඉකුත් සදුදා ප්‍රකාශයක් ගැනීමට ඔහුව කැඳවෙන්නේ මෙවන් වාතාරණයක් හමුවේය. සදුදා උදෑසනම ඔහුගේ නීතීඥයාගෙන් විමර්ශන ඒකකයට ඇමතුමක් ලැබෙන්නේ බදාදා දක්වා කල් ඉල්ලමිනි. අධ්‍යක්ෂකවරයා ඒ ඇමතුම ලැබෙන බව කල්තියා දැන සිටියේය. ඒ අනුව බදාදාට දක්වා කල් දුන්නේය. ඒත් ඉකුත් බදාදා ඔහු විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියේ නැත. ලබන බදාදාට කල් ගත්තේය. ඊටද අවස්ථාව දුන්නේ ඒ අවසන් අවස්ථාව බවට පත්කරමිනි. ඒ අතර පොලීසියේ ලොක්කන්ගෙන්ද විමර්ශන ඒකකයට ලැබෙන ඇමතුම්වලින් අඩුවක් නොවීය. ඒ ඔහු වෙනුවෙනි. බොහෝ අය උත්සහ දරන්නේ ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසට වක්‍රාකරයෙන් බලපෑමක් කරන්නටය. එසේ ඝෘජු හෝ වක්‍රාකාරයෙන් කෙරන කිසිදු බලපෑමකට අධ්‍යක්ෂකවරයාව නම්මන්නට බැරිය.

ඔහු මේ විමර්ශනය සිදුකරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වෙමිනි. මේ තත්වය මත ක්‍රීඩකයාට නීතීඥ උපදෙස් ලැබී ඇත්තේ ප්‍රශ්න කිරීම්වලින් ගැලවෙන්නට මෙම විමර්ශන ඒකකයේ නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කරන්නටය. ඒ ඔහුගේ බිරියගේ දුරකතන මෙම ඒකකයේ නිලධාරීන් විසින් බලහත්කාරයෙන් ලබාගෙන රඳවාගෙන සිටින බවට චෝදනා නගාය. එම පෙත්සම අධිකරණයට ඉදිරිපත්වේවිද, ක්‍රීඩකයා ක්‍රීඩා වංචාවකට හෝ දූෂණයකට හසුවේවිද යැයි කියා දැන්ම කියන්නට බැරිය. ඒ සියල්ල කාලය විසින් නුදුරු දිනකදී විසඳනු ඇත.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

කුසල්ලා දෙන්නයි-ඉසුරයි-භානුකයි වෙස්ට් ඉන්ඩීස් ටුවර් එකෙන් හලයි

Next Post

පොලිසිය ඇතුළේ බිම්සානිට වළ කපන කව්ද මේ ‘සුදු පුතා’ සහ ‘කළු පුතා’

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.