• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසිය ඇතුළේ බිම්සානිට වළ කපන කව්ද මේ ‘සුදු පුතා’ සහ ‘කළු පුතා’

February 21, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
පොලිසිය ඇතුළේ බිම්සානිට වළ කපන කව්ද මේ ‘සුදු පුතා’ සහ ‘කළු පුතා’
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පති ධුරයට හිමිකම් කියන්නේ බිම්ෂානි ජාසිංහආරච්චිය. මේ වන විට ඇයගේ උසස්වීමට එරෙහිව පිරිමි පොලිස් නිලධාරීන් සටනක් ආරම්භකර ඇත්තේ කාන්තාවන්ට නියෝජ්‍ය පොලිස්පති ධුරයන් දැරීමට අවස්ථාවක් නැතැයි කියමින් ඇගේ තනතුර අධිකරණය හරහා ගලවන්නටය.

ඇයට එරෙහි මේ සටන අද ඊයේ ඇති වූවක් නොවේ. ඇයට මේ උසස්වීම ජාතික පොලිස් කොමිසම නිර්දේශ කිරීමත් සමග හටගත්තකි. ඊට නායකත්වය දෙන්නේ යැයි පොලීසිය තුළ කියැවෙන චරිත දෙකක් බවට චෝදනා එල්ල වී තිබේ. ඒ සුදු පුතා සහ කළු පුතා යැයි පොලීසිය තුළ නිරන්තරයෙන් කියැවෙන නිලධාරීන් දෙදෙනෙකි. පොලිස්පතිවරයාට ඉතා සමීපව සිටිමින් ඔහුවද නොමග යවා පොලිස්පතිවරයාගේ කීර්ති නාමය පවා විනාශ කරමින් සිටින මේ නිලධාරීන් දෙදෙනාට පොලීසිය තුළ ඇත්තේ දැඩි විරෝධයක් බවද කියවේ. තමන්ට වඩා ඉහළ නිලධාරීන්ට පවා නිසි ගරුත්වයක් නොමැති මේ නිලධාරීන් දෙදෙනා උත්සහ දරන්නේ යැයි කියැවෙන්නේ පොලිස්පතිවරයාත් අන්දවමින් උසස්වීම් ලබන්නට බවට චෝදනා එල්ලවී ඇත.

මේ දෙදෙනාට බාධාවක් වන නිලධාරීන්ට මේ වන විටත් ඔවුන් හීන් නූලෙන් වැඩ දෙමින් ඇත්තේ පොලීස් පොතේත් නැති නීති තර්ක ඉදිරිපත් කරමිනි. බිම්සානිට එරෙහිව ඔවුන් සටන අරඹන්නේද කාන්තා නිලධාරීන්ට නියෝජ්‍ය පොලිස්පති ධුරයන් වෙන්ව නැති බව කියමිනි. මේ තර්කය සැබෑ නම් මෙම නිලධාරීන් පොලිස් අධිකාරී ධුරයන්ට උසස්වීම් ලබන්නේ පොලිස් අධිකාරීවරුන් සිටිය යුතු සීමාව ඉක්මවා ගොස් තිබියදීය. එසේ නම් මේ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය තිබිය යුත්තේ පහළිනි. එසේම මේ වන විට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිටිය යුතු සැරයන්වරුන්ගේත් උපපොලිස් පරීක්ෂකවරුන්ගේත් පොලිස් පරීක්ෂකවරුන්ගේත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ගේත් සීමාව ඉක්මවා ගොස් ඇත්තේ දෙතුන් ගුණයකටත් වඩා වැඩියෙනි. මේ අය ඊට එරෙහිව සටන් කරන්නේ නැත.

එසේම ශ්‍රී ලංකා පොලීසියේ අනුමත කාන්තා පොලිස් අධිකාරීවරුන්ගේ ගණන 01 කි. කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු නැත. එහෙත් කාන්තා නිලධාරීන් 09 දෙනෙක් අදටත් පොලිස් සේවයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු දරති. ඒ අයට එරෙහිව මේ අය යන්නේ නැත. බිමිසානිට එරෙහිව යන්නේ මේ කළුපුතාටත්, සුදු පුතාටත් නියෝජ්‍ය පොලිස්පති ධුරයන් ඉක්මනින් ලබා ගැනීමට පාර කපා ගන්නටය. ඒ වෙනුවෙන් මේ වන විටත් බිමිසානිට පමණක් නොව, පිරිමි නිලධාරීන් රැසකටද මොවුන් වළ කපා අවසන් බවට චෝදනා එල්ල වී ඇත.

එහෙත් ඔවුන්ට වැඩ වරදින්නේ බිම්සානිට වළ කපන්නට ගොසිනි. අද වන විට කාන්තා සංවිධාන මෙන්ම පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ද පක්ෂ පාට නොබල බිම්සානි වෙනුවෙන් පෙළ ගැසී සිටින්නේ කාන්තාවන්ට නියෝජ්‍ය පොලිස්පතිධුර පමණක් නොව, පොලිස්පති දක්වා ඉහළට ගමන් කිරීමට මග විවරකර දෙන්නටය. ඒ ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පතිවරියන් වන්නට දැනටමත් කාන්තා නිලධාරීන් දෙදෙනෙක්ට අවස්ථාව ඇති බැවිනි.

පිරිමි නිලධාරීන් මේ වළිකන්නේ ඒ අය ඉදිරියට පැමිණිම අහුරන්ටය. මෙවන් තත්වයක් හමුවේ කාන්තා නිලධාරීන්ගේ ඉල්ලීම වන්නේ පොලීසිය තුළ තමන්ව කොන්නොකර පොලිස් ස්ථානාධිපති ධුර මෙන්ම පොලිස් කොට්ඨාසද තමන්ට භාර දෙන ලෙසය. පිරිමි නිලධාරීන්ට වඩා හොදින් පොලිස් ස්ථාන සහ පොලිස් කොට්ඨාස පරිපාලනය කර පෙන්වන්නට තමන්ට ශක්තිය ඇතැයි එම නිලධාරිනියෝ සදහන් කරති.

ඔවුන් පෙන්වා දෙන්නේ අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ අද ප්‍රධාන පුටුව දරන්නේ කාන්තා ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරියක් බවය. ඇය ජයන්තා පද්මිණි වීරසූරියයි. එසේම ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කරන්නේ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියකි. ඇය දර්ශිකා කුමාරිය. ඊට පෙර ඇය සේවයේ නිරතව සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශක අංශයේ ප්‍රධානියා ලෙසිනි. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වන විට තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් සේවයේ නිරතව සිටින්නීය. ඇය ඉමේෂා මුතුමාලිය. රාජ්‍ය බුද්ධි සේවය් නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක් ලෙසද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියක් සේවයේ නිරතව සිටී. ඇය ඒ.ජී.එන්.ඩී. සෙනෙවිරත්නය. එසේම පොලීසියේ පරීක්ෂණ හා සැලසුම් අංශය භාරව සිටින්නේද කාන්තා නිලධාරිනියකි. ඇය ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රේණුකා ජයසුන්දරය. ඊට පෙර ඇය සේවය කළේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂිකාව ලෙසිනි. එසේම පොලිස් රෝහලේ අධ්‍යක්ෂවරිය ලෙස මේවන විට කටයුතු කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනියක් වන මදාරා ආරියසේනය. ඇයත් ඉමේෂාත් සහකාර පොලිස් අධිකාරීනියන් ලෙස 2008 වසරේ නොවැම්බර් 03 වෙනිදා පොලිස් සේවයට එක්වූවෝය. ශ්‍රී ලංකා පොලීසියේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස බැදුණු පළමු නිලධාරිනියන් අතර ඉහළින්ම සිටින්නේ මෙම දෙදෙනාය. ශ්‍රී ලංකා පොලීසියේ ලොකු පුටුවට යන්නට අවස්ථාවක් ඇත්තේ මේ දෙදෙනාටය. මෙම කණ්ඩායමට ඇතුළත්වන්නේ තවත් එක් නිලධාරිනියක් පමණි. ඇය ලංකා රාජිනී අමරසේනය.ඇය පොලිස් සේවයේ නිරතව සිටියදීම ආධුනික සහකාර පොලිස් අධිකාරිනියක් ලෙස නැවත පොලිස් සේවයට එක්වූ නිලධාරිනියකි.

කළුපුතා සහ සුදු පුතා පෙරමුණ ගෙන සිටින්නේ මෙම කාන්තා නිලධාරීනියන් ඔවුන්ට පෙර නියෝජ්‍ය පොලිස්පති ධුරයන්ට උසස්වෙතැයි අනියත බියකිනි. බිම්සානිට නියෝජ්‍ය පොලිස්පතිකම දෙන්නට එපා යැයි කියා පොලිස්පතිවරයාට බලපෑමක් කරමින් එන්තරවාසියක් පවා ඔවුන් ඉදිරිපත් කරන්නේ ඒ නිසාය. එම එත්තරවාසිය නිසා හෝ වෙනත් හේතුවක් මත පොලිස්පතිවරයා බිම්සානිට නියෝජ්‍ය පොලිස්පති ධුරය ලබාදීම ප්‍රමාදකරමින් සිටියදී පොලිස් කොමිසම ඇයට හිමි උසස්වීම ලබාදෙන්නේ කොමිසමේ බලතල ප්‍රකාරවය. පොලිස්පතිවරයාට එන්තරවාසිය යොමුකර ඇති ආකාරය නීති විරෝධි බවද කොමිසමට පෙනී ගිය බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නිර්දේශයක්ද කළේය. බිම්සානියේ නියෝජ්‍ය පොලිස්පති තනතුර ගලවන්නට කළුපුතාත් සුදු පුතාත් පෙරමුණ ගන්නේ ජාතික පොලිස් කොමිසමේ එකී නිර්දේශය පොලිස්පතිවරයා විසින් ක්‍රියාවට නගා තිබිදීදැයි පොලිස් නිලධාරීන් අතර ඇත්තේ බලවත් ගැටලුවකි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

එල්.පී.එල්. පාවා දුන් ලංකාවේ ක්‍රීඩකයා කව්ද? පොලිසියට එන්න කීවාම මග ඇරලා: ෆෝන් එක ඉල්ලුවාම බිරිදගේ එක දීලා EXCLUSIVE

Next Post

ඉම්රාන් ලංකා ගමන ස්ථිර කරයි: ට්විටර් පණිවුඩයක් තියයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.