ගොවිතැන් වනසන සතුන්ට වෙඩි තැබීමට හැකිවන පරිදි අක්කරයකට වැඩි ඉඩම් හිමි ගොවීන්ට ගිනි අවි බලපත්‍ර ලබා දීමට කෘෂිකර්ම ඇමැති තීරණය කර තිබේ.
අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සුජිත් විදානපතිරණ මහතා සඳහන් කළේ මීට පෙර අක්කර පහට වැඩි ඉඩම් හිමියන්ට මෙම ගිනි අවි බලපත්‍ර ලබා දීම ක්‍රියාත්මක වූ බවය.
එම පහේ සීමාව අක්කරය දක්වා අඩු කර ඇති අතර බලපත්‍රය ලබා ගැනීමට ගොවීන් විසින් ඉඩම් හිමිකම් පිළිබඳ ලේඛන ඉදිරිපත් කළ යුතු බවද ලේකම්වරයා සඳහන් කළේය.
ප්‍රාදේශීය ලේකම්ගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව ගිනි අවි ලබා දීමේ ක්‍රමවේදය ඉදිරියේදී ගැසට් කිරීමට නියමිතය. ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේ වාර්ෂිකව ගොවීන්ගේ වගාවන්ගෙන් 40%ක් පමණ වන සතුන් විනාශ කරන බව සමීක්ෂණයකදී හෙළි වී ඇති බවය.










