කොරෝනා වැළදුණු මුස්ලිම් මළසිරුරු භූමදානය කිරීමට ඉඩ ලබා දෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මුස්ලිම් මැතිඇමැතිවරුන් සියලු දෙනාම අගමැතිවරයාගේ නිල කාමරයට ගොස් ඇති බව දැනගන්නට තිබේ.
එහිදී අගමැතිවරයාට ස්තූති කිරීමට මුස්ලිම් මැතිඇමැතිවරුන් කටයුතු කොට ඇත.










