ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොරෝනා කාර්ය සාධක බළකාය අද (10) සවස රැස්වීමට නියමිතව ඇත.
මෙහිදී කොරෝනා වැලදුණු මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ජා කරනු ඇති බව දැනගන්නට තිබේ.
අනතුරුව එම තීන්දුව නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇති බවද වාර්තා වේ.










