මත්ද්‍රව්‍ය නඩුවලට අදාළව රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී තිබූ පරීක්ෂණ ගොනු 5000කට අධික සංඛ්‍යාවක තීන්දු අවසන් කර එම පරීක්ෂණ ගොනු අදාළ අධිකරණවලට යවා ඇතැයි රජයේ අතිරේක රස පරීක්ෂක ඩී. එච්. ඩබ්. ජයමාන්න මහතා පැවසීය.
කොවිඩ් 19 වසංගතය සමඟ තරමක ප්‍රමාද වී තිබූ අදාළ පරීක්ෂණ ගොනු 8500ක තොගයෙන් ඉතිරිව ඇති 3000කට වැඩි සංඛ්‍යාව මේ දිනවල පරීක්ෂණයට ලක් කර ගෙන යන බව සඳහන් කළ රස පරීක්ෂකවරයා එම පරීක්ෂණද ලබන මාර්තු මාසය වන විට අවසන් කර අදාළ අධිකරණවලට යැවීමට කඩිනම් ක්‍රියා මාර්ග ගෙන ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය කාල සීමාව තුළ මත්ද්‍රව්‍ය පිළිබඳ රජයේ රස පරීක්ෂණ වාර්තා පමා වීමෙන් නඩු විභාග කල් ගිය නමුදු එම තත්ත්වය දැන් කඩිනමින් අවසන් වෙමින් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.











