• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඉන්දියාවට අලුත් සටනක්

February 5, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
ඉන්දියාවට අලුත් සටනක්
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවට එරෙහිව කෙරෙන එදිරිවාදී ක්‍රියාකාරකම්වල පැළ තවාන තුර්කියයි. තුර්කිය සහ පාකිස්ථානය අතර නුදුරු අතීතයේ දී ඇති වූ පයුරුපාසානය (සුහදතාවය) ඉන්දියාවට විරුද්ධව කුමන්ත්‍රණකාරී අන්දමකින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනක ප්‍රහාරක බූවල්ලාය. එමගින් අධ්‍යාපනික සහ මාධ්‍ය මෙන්ම ස්වේච්ඡා සේවා සියල්ල සැලසුම් කෙරී ඇත්තේ ඉන්දියාවට “ඇනීමේ” පරමාර්ථය ඉලක්ක කර ගනිමිනි.

තත්ත්වය මෙසේ මෙහෙයුම් ගතවෙද්දී තුර්කි ජනාධිපති තමා ඉස්ලාම්වරුන්ගේ එකමුතු සංධානයේ නායක කාලිෆ් ටත් වඩා මුදුනා බව කියයි. ඉන්දියාවට එරෙහි ඕනෑම ප්‍රචණ්ඩකාරී කඩාකප්පල්කාරයකුට වසංවී සිටීමට හොර රහසේ විවර කර ඇති පස්සා fදාර තුර්කියයි. එපමණක් නොව එවැනි අන්දමේ ක්‍රියාවලට අර අඳින හිංසාකාරීනට සිය සැලසුම් ගැන සාකච්ඡා කිරීමට බියක් සැකක් නැතිව හමුවිය හැකි ගුබ්බෑයම නොහොත් කුප්පායමද තුර්කිය වී තිබේ. තුර්කියේ සියලුම මාධ්‍ය මගින් සමාජගත කෙරෙන්නේ ඉන්දියා විරෝධි ප්‍රචාරක වැඩසටහන්ය. එමගින් ප්‍රධාන වශයෙන්ම ඉන්දීය ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කෙරේ. එරට ගුවන් විදුලිය රූපවාහිය සහ ඇනඩෝලු ආයතනය මෙහෙයුමේ කප්පිත්තෝය. කාශ්මීරයේ මුස්ලිම් ප්‍රජාව කෙරෙහි ඉන්දියාව ඉතා කෲර අන්දමින් සලකන බවට තවත් මාධ්‍ය ආයතන දෙකක් මදිනොකියන්නටම කාලතුවක්කු ප්‍රහාර එල්ල කරයි. ශ්‍රව්‍ය සහ දාෘශ්‍ය මාධ්‍ය ආයතතන එසේ පහර දෙද්දී මුද්‍රිත මාධ්‍යද “බකං නිලාගෙන” සිටින්නේද නැත. ඔවුන්ද හැරි හැරී හැම පැත්තටම දැැත බදා නෙලන්නේමය

. එරට යෙනි සෆැක් පුවත් පසුගිය දෙසැම්බර් විසි හය වැනිදා (2019.12.26) ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩිට “ගුජරාට් මිනීමරුවා” යැයි කියමින් බැණ වැදුණේය. තුර්කි රජයද මේ සම්බන්ධයෙන් කිසිදු වචනයක් හෝ නොකියා මාධ්‍ය ආයතනවලට ඕනෑ දෙයක් කරන්නට ඉඩදී නෑහුනා වගේ නොදැක්කා වගේ, වගේ වගක් නැතිව බලා සිටියි.
එහෙත් මේ සියල්ල ඉන්දියාවේ තදබල අන්දමට සමාජ ගතවෙයි.

තුර්කියේ එර්තුග්‍රල් සහ බාබා වැනි පුවත්පත් කාශ්මීර මිටියාවතේ වැඩි වශයෙන්ම අලෙවි වන පුවත්පත්ය. එලෙස ඒවායේ පළවන පුවත් ලිපි ආදිය කියවූ ප්‍රජාව ඉන්දියාවෙන් නිදහස්වීමට කෑමොර දෙමින් වීදි බැස තිබේ. මේ පුවත් ඉන්දියාවේද පැතිර ගොස් ඇති අතර ඉන් කුපිත වූ ආවේගශීලීන් කාශ්මීර ප්‍රජාව මෙන් සටනකටද සැරසී ඇත. මේ උසිගැන්වීම් මගින් හුවාදක්වනු ලැබ ඇත්තේ තුර්කි ජාතික දෙදහසක (2000) පමණ කුඩා ගෝත්‍රික කණ්ඩායමක් විසින් ආක්‍රමණිකයන් පළවා හරින ලද සිද්ධියකි. තම මාධ්‍ය ආයතනවලට භාරත විරෝධී ක්‍රියාකාරීන් සමග පාකිස්තානුවන් එකට කටයුතු කිරීම සඳහා යෙදවීමේ වැඩ පිළිවෙළක්ද තුර්කි මාධ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.
පාකිස්තානයට පක්‍ෂපාතී භාරත ප්‍රවෘත්ති ආයතන ගණනාවක මීට පෙර සේවය කළ කාශ්මීරයේ මාධ්‍යවේදියකු මේවන විට තුර්කියේ ඇනඩෝලු ප්‍රවෘත්ති ආයතනයේ සේවය කරමින් භාරත විරෝධී මෙහෙයුම් සන්නිවේදන කාර්යේ යෙදෙයි. හෙතෙම පාකිස්තානයේ අයි.එස්.අයි. කණ්ඩායම සමග සම්බන්ධව ඉන්දියාවට එරෙහි වෙබ් සයිට් එකක් කිරීමට යයි. මේ සඳහා වන සමස්ත බරපැන අයි.එස්.අයි.වලිනි. මේ වන විට එම ව්‍යාපෘතියේ සියලු වැඩකටයුතු නිමවී ඇති අතර මෙහෙයුම් ආරම්භ කිරීමට ආසන්නය. බටහිර රටවල වෙසෙන නිරීක්‍ෂකයින් මෙමගින් ග්‍රහණය කරගැනීම එක් ඉලක්කයකි. මේ හා සමාන ව්‍යාපෘතියක් ඉන්දියාවේ ආරම්භ කිරීමටද සැලසුම් කෙරී ඇතැයි මේ ව්‍යාපෘතිවලට සම්බන්ධ ඉහළ කළමනාකරණයේ ප්‍රකාශකයකු සී නිවුස් ආයතනයට ප්‍රකාශ කර තිබේ.

ෂයිඩ් අලි ෂහා්ගාලානිගේ මිනිබිරිය වන රුවා ෂාහ්,

ඇගේ නමින් සතිපතා විකාශනය කෙරෙන දේශන මාලාවක් එරට ගුවන් විදුලිය සහ රූපවාහියේ පටන් ගෙන තිබේ. එහි අරමුණ භාරත විරෝධී මතවාද කාශ්මීර වාසීන් අතර රෝපණය කිරීමයි. ඇය සේම මුහම්මද් කාසිම්ගේ පුත්‍රයා වන අහමඩ් බින් කාසිම්ද ඉන්දියාවට එරෙහිව ගුවන් විදුලිය සහ රූපවාහිනිය ක්‍රියාත්මක කරන දැවැන්ත මාධ්‍ය ප්‍රචාරක සටනේ විශාල කාර්යභාරයකට උර දුන් මහ සෙනවියෙකි.

මේ වැඩසටහන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල සපයනු ලබන්නේ සංචාරක කඩතුරාවට වසංවී ලබා ගන්නා වීසා මගින් ඉන්දියාවට රිංගන තුර්කි මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීන් විසිනි. පාකිස්ථානයේ මාධ්‍ය ආයතන මෙසේ කරන අන්තවාදී බෙදුම්වාදී කුමන්ත්‍රණ සනාථ කිරීමට අවශ්‍ය තරම් සාක්‍ෂි සාධක ඇතැයි මේ සම්බන්ධව එක් නිරීක්‍ෂකයෙක් “සී” ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කෙළේය.

තුර්කිය ඉන්දියාවට එරෙහි සටනේ සොල්දාදුවකු වශයෙන් මාධ්‍ය පමණක් නොව අධ්‍යාපන ක්‍ෂෙත්‍රය පවා යොදා ගෙන ඇත්තේය. ඉන්දියාවේ සහ කාශ්මීරයේ සිසුන්ට සහනශීලී සහ ලාභදායී අන්දමට අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීම සහ බුද්ධි හුවමාරුව තුර්කිය තම අපේක්‍ෂාව සාධනය කර ගැනීම වෙනුවෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රය යොදා ගැනීමකි. අධ්‍යාපන ක්‍ෂේත්‍රය හා බැඳුණු මේ වැඩසටහන ක්‍රියාත්මක කර ගැනීම සඳහා තුර්කිය යොදවා ගත් බළල් අත රාජ්‍ය (තුර්කි) අනුග්‍රහ ලබන ස්වේච්ඡා සංවිධානයි. එසේ පිරිනැමෙන ශීෂ්‍යත්ව ලබාගත් ශිෂ්‍යත්වලාභීන් තුර්කි ගුවන්තොටු පොළෙන් බට (බැස්ස) වහාම පාකිස්ථානු කණ්ඩායමක් විසින් රැගෙන යනු ලැබේ. ඉන්දියාවට එරෙහි එම ව්‍යාපෘතියේ බලධාරීහු ඔවුහුය. ඉන්පසු ශිෂ්‍යත්වධාරීන් ඔවුන්ගේ අණසකට යටත් වූ රූකඩ බවට පත්වේ.

මේ සැඟවුණු අරමුණු හැරෙන්නට තුර්කිය තවක් ගේමක් ගහන්න අර අදී.

ඒ ඉන්දියාවේ ඉහළ සමාජයේ හෝ පාලනාධිකාරියේ හෝ ඉහළ තලයේ සිටින ඉන්දීය විරෝධීන් ඒකරාශී කිරීමය. ඒ සඳහා ප්‍රථමයෙන්ම තුර්කියේ පුරවැසිභාවය දීමය. මේ සඳහා දැනටමත් කණ්ඩායමකට ඒ වරම ලබාදී ඇත. බාබා උමාර් රියාස් උල් කාලික් තෂීන් නසාර් ඒ වරම ලද්දවුන්ය. ඔවුහු තුර්කියේ රාජ්‍ය මාධය අංශයට අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සහ ලාභ නොලබන සංවිධානවලටයොදවා ඇත්තාහ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ධර්මදාසගේ ගෝලයා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට බාල ටී ෂර්ට් දීලා

Next Post

මන්ත්‍රී සටනින් රන්ජන් දිනුම්

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.