ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා වන ජයන්ත ධර්මදාස මහතාගේ සමීපතමයකු ලෙස සැලකෙන ෂිබ්ලි විල්කාසිම් මහතා විසින් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බාල ඒී ෂර්ට් තොගයක් සපයා ඇති බව වාර්තා වේ.
මේ වනවිට ක්‍රිකට් කණ්ඩායමට ඉකුත් අගෝස්තුවේ සිට ටී ෂර්ට් සැපයීමේ කොන්ත්‍රාත්තුව බාරවී ඇත්තේ ෂිබ්ලි විල්කාසිම් මහතා වෙතය.
ඒ අනුව ඉකුත් එංගලන්ත සංචාරයේදී ක්‍රිඩකයන්ට සහ නිලධාරීන්ට ලබා දීම සදහා ෂිබ්ලි මහතා විසින් ටී ෂර්ට් 500කට අධික ප්‍රමාණයක් සපයා ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙම ටී ෂර්ට් සියල්ල එක්වරක් සේදීමෙන් පසු එහි ප්‍රමාණය කුඩා වී ඇති බවත්, ප්‍රමිතිය බාල රෙදිවලින් මෙම ටී ෂර්ට් සකසා තිබීම ඊට හේතුව වී ඇති බවත් දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් දැනටමත් පැමිණිලි විශාල ප්‍රමාණයක් ක්‍රිකට් ආයතනය වෙත ලැබී ඇති බවද දැනගන්නට තිබේ.










