සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට පහර වදින ආකාරයට පුවත් පළ කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට අයත් ලංකාදීප පුවත්පත් සමූහයට ඒ මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලංකාදීප පුවත්පත් සමූහය පසුගිය දින කිහිපය පුරාම සජිත් ප්‍රේමදාස මහතාටත්, සමගි ජන බලවේගයටත් පහර වදින ආකාරයේ පුවත් කිහිපයක්ම පළ කිරීමට පියවර ගෙන තිබිණ.
විශේෂයෙන්ම සමඟි ජනබලවේගයේ නිලධාරි මණ්ඩලය පත්වූ වහා ‘ලංකාදීප’ පුවත්පතේ මුල් පිටුවේ පළවූ පුවතකින් කියැවුණේ මෙතෙක් කල් පැවැති සාම්ප්‍රදායන් කඩමින් පක්‍ෂ සභාපති ධුරය ෆොන්සේකාට ලබා දී ඇතැයි කියාය.
මෙතුවක් කල් එම තනතුර දැරුවේ සුළු ජාතිකයකු විසින් බවද එම පුවතේ වැඩිදුරටත් දැක්විණි.
මීට අමතරව ප්‍රධාන විපක්ෂය වුවද සමගි ජන බලවේගයට වැඩි ප්‍රචාරයක් ලබා නොදෙන ලෙසටද රුවන් විජයවර්ධන මහතා ලංකාදීප පුවත්පත් සමූහයට උපදෙස් ලබා දී ඇති බවද පැවසේ.










