• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිදුහත් කුමාරයා සැප විඳපු සුපිරි මාලිගා තුන හිමාල කන්දෙන් හොයාගනී

February 11, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
සිදුහත් කුමාරයා සැප විඳපු සුපිරි මාලිගා තුන හිමාල කන්දෙන් හොයාගනී
Share on WhatsAppShare on Facebook

රම්‍ය, සුරම්‍ය, සුබ මේ නම් තුන බෞද්ධයන්ගේ වගේම බුද්ධ චරිතය ගැන දන්න කියන සොයන බලන හැම කෙනකුගේම පුංචි අවධියේ සිටම මතකයේ රුඳුණු නම් තුනක්. සිදුහත් කුමාරයා ගිහිගෙය අතහැරලා යයි කියලා ඔහුට සුවසේ වාසය කරන්න තමයි රජතුමා මේ සැප පහසු සුපිරි මාලිගා තුන හැදුවේ. හැබැයි එහෙම කියලා සිදුහත් කුමාරයා තමන්ගෙ ගමන යන එක නතර කළේ නැහැ තමයි. ඒක වෙනමම කතාවක්. අපි ඒ කතාව පැත්තකින් තියලා සුද්ධෝදන රජතුමා හැදුවයි කියන මේ රම්‍ය, සුරම්‍ය, සුබ කියන සුපිරි මාලිගා තුන ගැනත් ඔහු ජීවත් වූ සුපිරි පුරවරය කොහෙද තියෙන්නෙ කියලත් හොයලා බැලුවා. මොකද එහෙම තැනක් ගැන තාමත් කිසිම කෙනෙක්ගෙ වැඩි කතාබහක් හෝ ආරංචියක් නැති නිසා.

තර්ක විතර්ක මොනවා තිබුණත් තවමත් සාමාන්‍ය පිළිගැනීම වෙන්නෙ බුදුන් වහන්සේගෙ උපත එහෙමත් නැත්නම් සිදුහත් කුමාරයාගෙ උපත සිදුවුණේ දඹදිව කියලයි. මෙහිදී වැදගත් කාරණයකුත් කිවයුතු වෙනවා. ඒ තමයි දඹදිව කිව්වාම ඒ ඉන්දියාව පමණක්ම නොවේ කියන එක. ඉන්දියාව කියන්නෙ පුරාණ දඹදිවට අයත් කොටසක් පමණයි. එකල මහා භාරතය එහෙමත් නැත්නම් ජම්බුද්දීපය හෙවත් දඹදිවට ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය ආදී රටවල් රාශියක් අයත්ව තිබූ බවට අද වෙද්දි කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සිදුහත් චරිතයට සම්බන්ධ සියලු තොරතුරු සැඟවී තිබෙන්නේ කපිලවස්තු පුරය එහෙමත් නැත්නම් කපිලවස්තු රාජධානිය හා සම්බන්ධවයි. කපිලවස්තු රාජධානිය ශාක්‍යයන්ගේ පුරාණ සමූහාණ්ඩුවක් ලෙසිනුයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ. කෙසේ නමුත් කපිලවස්තු රාජධානිය මෙකල පිහිටියේ නේපාලය තුළයි. සිදුහත් කුමාරයා සිය ජීවිතයේ ගිහිගෙයි වාසය කළ අවුරුදු විසි නවයක්ම ගත කර ඇත්තේ මේ රාජධානියේ කියන එක බෞද්ධ සාහිත්‍ය තුළින්ම පැහැදිලි වන දෙයක්. එසේ නම් සිදුහත් ජීවිතයට අදාළ බොහෝ දේ සැඟවී තිබිය යුත්තේත් නේපාලයට අයත් කපිලවස්තු රාජධානියේම බව පිළිගත හැකි සහ පිළිගත යුතු කරුණක්.

කපිලවස්තු රාජධානිය සම්බන්ධ විවිධ කරුණු කාරණා ඉපැරැණි බෞද්ධ සාහිත්‍ය තුළ සඳහන් වෙනවා. කපිලවස්ථු, කපිලතීර්ථ හා කිඹුල්වත් යනුවෙනුත් මේ මහා රාජධානිය එවකට හඳුන්වා ඇති අතර මෙය ශාක්‍යයන්ගේ පුරය නැතහොත් රාජධානිය ලෙසින්ද නම්කර තිබෙනවා. මෙම පුරයට නම් ලැබුණු ආකාරය ගැනද රසවත් තොරතුරු රාශියක් තිබෙනවා එනම් කි.පූ. අටවැනි සියවසටත් එහා කාලයකදී කපිල නම් වූ ඍෂිවරයකුගේ නාමයෙන් මෙම පුරවරය නම්කර තිබෙනවා.

හිමාල කඳු පාමුල ශිවාලික් කඳුවැටිය අසල පිහිටි කපිලවස්තු පුරයට පුරාණ කෝසල රාජ්‍යයෙන් පහ කරන ලද ඔක්කාන (ඉක්ෂ්වාකු) රජ පෙළපතට අයත් පිරිමි සහ ගැහැනු පිරිස් පැමිණ කපිල නම් ඍෂිවරයකුගේ අසපුව අසළ අචිරවතී ගං තීරයේ පදිංචි වී ඇති අතර පසුකාලීනව මෙම ශාක්‍ය රාජ්‍ය උතුරෙන් හිමාලයටද නැඟෙනහිරින් රෝහිනී නදියටද, බටහිරින් සහ දකුණින් රජනි නදියටද (පුරාණ අචිරවතී නදිය) මායිම්ව පිහිටා තිබෙනවා. ඒ අනුව ශාක්‍ය වංශිකයන් යනු පුරාණ ඉක්ෂ්වාකු පවුලට අයත් සූර්ය වංශිකයන් ලෙසටයි පිළිගැනෙන්නේ.

කෙසේ නමුත් මේ වන විට කපිලවස්තු පුරය හා සම්බන්ධව කළ බොහෝමයක් කැණීම් සහ පර්යේෂණ තුළින් සිදුහත් කුමරුගේ ජීවිතයට සම්බන්ධ කරුණු සහ ස්ථාන රාශියක නටබුන් හමුවී තිබෙනවා. ඒ අතරින් සිදුහත් චරිතය හා බැඳුණු රම්‍ය, සුරම්‍ය, සුබ මාලිගා තුන විශේෂිත වන අතර ඊට අමතරව සුද්ධෝදන රාජ මාලිගය, නිග්‍රෝධාරාමය, මහා වන විහාරය මෙන්ම සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් අටෙන් පංගුවක් වර්තමාන කැණීම් කටයුතුවලදී හමුවී තිබීම විශේෂයි.
කපිලවස්තු පුරය ගෞතම බුද්ධ චරිතය එහෙමත් තැන්නම් සිදුහත් කුමරුගේ ගිහි ජීවිතය හා සම්බන්ධ කරුණු කාරණාවලින් එහාට ගිය තවත් වටිනාකම් රාශියක් ඇති ප්‍රදේශයක් බවද මේ වන විටත් සාක්ෂි, සාධක සහිතව හෙළිව තිබෙනවා. ඒ අනුව අශෝක රජතුමා (පූර්ව රාජවර්ෂ 273-232) නේපාලයේ ලුම්බිණි පුදබිමට පැමිණ තමන් එහි පැමිණි වගත්, සිද්ධාර්ථ කුමාරයා එහි උපන් බවටත් බ්‍රහ්මි අක්ෂරයේ ලියූ ශිලා ටැඹක් පිහිටුවා තිබෙනවා.

තවද නේපාලයේ මෙකල නිගල්හවාහි කෝණාගම බුදු රජාණන් වහන්සේ උපන් පුදබිම සිහිවීමටද ශිලා ටැඹක් පිහිටුවා තිබෙනවා. අශෝක රජතුමා රාජ්‍යත්වයට පත්ව වසර විස්සේදී එම පුදබිමට පැමිණි බවද පැවසෙනවා. එම ගමනින් සතුටට පත් අශෝක රජු කපිලවස්තු රාජධානියට අයත් පුදබිමක කෝණාගම බුදුරජාණන් වහන්සේ සිහිවීම පිණිස ශිලා ටැඹක්ද ඉදිකර තිබේ. එහි නටබුන් වර්තමානයේද දක්නට තිබෙනවා. එමෙන්ම අශෝක රජතුමා මෙකළ නේපාලයේ ගොනිහවා ගමෙහි කකුසඳ බුදුරජාණන් වහන්සේ උපන් පුදබිමෙහිද ශෛලමය ස්ථම්භයක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. කකුසඳ බුදුන් වහන්සේට උන්වහන්සේගේ පියා හමුවූයේත් පිරිනිවන් පෑවේත් එම බිමෙහි බවටද විශ්වාසයක් සහ මතයක් පවතිනවා.

මේ ආකාරයට බලන විට පුරාණ කපිලවස්තු රාජධානියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ගෞතම බුද්ධ චරිතය හා බැඳුණු වටිනාකම් මෙන්ම ඉන් එහාට බුදුවරයන් වහන්සේලාගේ ජීවිත හා සම්බන්ධ විශේෂිත බොහෝ දෑ මේ බිමෙහි සිදුවූ බවට සාක්ෂි සාධක හමුවන බැවිනි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

භයානක තත්ත්වයක්: සියඹලාණ්ඩුවේ රිළවුන්ට ලාදුරු! සිරුරේ කෑලි කැලේ හැම තැනම

Next Post

ආණ්ඩුවේ පසුපෙළ පළමු වතාවට එළියට එයි: අද දවල් මාධ්‍ය හමුවක්

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.