වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේදී රන්මාල කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අද (4) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් එම සැකකරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
නිවෙස්වලට පැන රන්මාල කොල්ල කෑමේ සිව්දෙනකුගෙන් යුත් කල්ලියකට මෙම සැකකරු අයත් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
සැකකරුගේ පාදයකට තුවාල සිදුවී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.










