• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කැලණි පාලම යටදී ගීත මට බිම දාගෙන ගැහුවා

February 5, 2021
in Heart
Reading Time: 2 mins read
A A
කැලණි පාලම යටදී ගීත මට බිම දාගෙන ගැහුවා
Share on WhatsAppShare on Facebook

⬤ තුවාලත් වුණා… තාමත් කැළැල් තියෙනවා…

⬤ කෙල්ලො කොල්ලො පිස්සුවෙන් ටික්ටොක් කරන දයාවතී…

දයාවති ගැන කතා කරනකොට කෝපි කඩේවත්, කෝපි කඩේ ගැන කතා කරන කොට දයාවතීවවත් අමතක කරන්නට බැහැ. ඒ තරමටම දයාවතීගේ චරිතය ‘කෝපි කඩේ’ ටෙලියත් එක්ක යාවෙලා තිබුණා. කෝපිකඩේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය කරවීමේ මෙහෙවරට දයාවතී දුන් දායකත්වය අමිලයි. කෝපිකඩේ හාමිනේට හතර අත ණය වෙමින් කට්ටකමට බඩු ටික මල්ලට දාගත්තට ටී.වී. එක ඉස්සරහා ඉඳගන්න හැමෝම වාගේ දයාවතීට ආස කළා. දයාවතීගේ චරිතයට පණ දුන්න සුසිලා කෝට්ටගේ කියන්නේ ‘දයාවතී’ කියන නාමය ඇගේ කලා ජීවිතයට කිසිදා වියැකී නොයන වාසනාවක් ගෙනාවා කියලයි. ඉතින් එහෙම නම් සුසිලා ඇයි දයාවතීව අතහැර දැමුවේ, එය පරණ කතාවකි. දැන් සුසිලා සිටින්නේ අලුතෙන් කතා කළ යුතු තැනකය. දයාවතීගේ රසවත් අතීතය වාගේම සුසිලා රසවත් අද දවස සහ හෙට දවස ගැන කතාබහ කරන්නට අප ඇයව කොටුකර ගත්තේ බොහෝ වෑයමින්ය. ඒ එච්චරටම ඈ කාර්යබහුල බැවිනි.
🔴 ඉතින් සුසිලා වැඩ ගොඩක හිරවලා ඉන්න බව ආරංචි වුණා?
ඔව්. කියන්නට සතුටුයි. මේ දවස්වල මම ටිකක් කාර්යබහුලයි. විකාශනය වන ටෙලිනාට්‍යවල රූගත කිරීම් අතරට අලුත් ටෙලිනාට්‍ය කිහිපයකටද ඇරැයුම් ලැබුණා. ඒ රූගත කිරීම් පෙබරවාරි මස ආරම්භ වෙනවා. ඒ වගේම කුඩා දූදරුවන් සමඟ දවස ගෙවෙන ‘සඳ තරු මල්’ වැනි ටෙලි කතාවල රූගත කිරීම්වලට මම සහභාගි වන්නේ හරිම සතුටින්.
🔴 ‘සිරස ටී.වී.’ සමඟ ඔබ අලුත් වැඩකට අතගැහුවා?
ඔව්. ඒක කොමඩි එකක්. රංගනයට අමතරව ඔවුන් මට තිළිණ දුන් ඒ අවස්ථාව ගැන මම ‘සිරස’ට බොහෝ ස්තුතිවන්ත වෙනවා. කොමඩිය නම් කරලා තියෙන්නේ .්‍යමබබහ ත්‍මබබහ. කියලයි.
🔴 කොහොමද .්‍යමබබහ ත්‍මබබහ.ට ප්‍රතිචාර තියෙනවද?
තවම එක කොටසයි කළේ. බලමු ඉස්සරහට. කිහිපදෙනෙක්ම දුරකතනයෙන් කතා කරලා එය අගය කළා. එච්චරයි.
🔴 ‘ටික් ටොක්’ ෆැෂන් එක තුළද ඔබ ජනප්‍රියයි. තරුණ, තරුණියෝ ඔබව බොහෝ අනුකරණය කරනවා?
ඇත්තටම එය මට ලොකු සතුටක්. දයාවතීගේ චරිතය වාගෙම මා කළ බොහෝ චරිත අනුසාරයෙන් තරුණ ළමයි නොයෙකුත් මාදිලියේ ‘ටික් ටොක්’ රංගනයන් කරනවා. ඒ වාගේම ඒවා ජනප්‍රියයි කියලත් මට ආරංචියි. කසුන් වීරසිංහ නිෂ්පාදනය කළ ‘සයිබර් බෙගර්’ නම් ‘යූ-ටියුබ්’ නිර්මාණය තුළින්ද මා නොසිතූ ජනප්‍රියත්වයක් ලැබුවා. මේ සියල්ල තුළ මා අත්විඳින සතුට අසීමිතයි.
🔴 ඒ සියලු දෑ ඔබට ලැබුණේ ‘දයාවතී’ කියන නමෙහි වූ ‘ලක්’ එකට කියන්නේ ඇත්තද?
සම්පූර්ණ ඇත්ත. සුසිලා කෝට්ටගේ අද සිටින තැන කොතැනද. එතැන ඇයට ලැබුණේ ‘දයාවතී’ යන නාම මාත්‍රයෙහි වාසනාවටයි.
🔴 එච්චරටම ලක් එකක් වූ දයාවතීව අතහැර දැමුවේ ඇයි එහෙනම්?
ඒක නම් ටිකක් පරණ කතාවක්. හැබැයි මම කෙටියෙන් උත්තර දෙන්නම්. ඒ දවස්වල ‘කෝපි කඩේ’ කියන ජනප්‍රිය නිර්මාණය යම් ඒකාකාරී බවකට පත්වන විට එය අලුත් විදියට නිර්මාණය කරන්නටත්, එම ශිල්පීන් වෙනුවෙන් යම් සාධාරණ දේ ඉටුකරන්නටත් පෙළගැසුණු අය අතර මමද එක් අයකු වුණා. බොහෝ කැපවීමෙන් අප ඒ සඳහා ගන්නා උත්සාහයට ස්වාධීන රූපවාහිනියෙන් අපට සහායක් ලැබුණේ නැහැ. කෝපිකඩේ සාර්ථකව ගොඩනඟන්න අප ගත් උත්සාහයට ඒ අය අතහිත නොදුන්නා විතරක් නෙවෙයි අඩුම තරමේ අපට අගයක් දුන්නේද නැහැ. දැනුණු කලකිරීම අපමණයි. ඉතින් හැමදාමත් කෝපි කඩේට ණය වන දයාවතීට මම හරි දුකෙන් සමු දුන්නා.
🔴 එවකට ‘දිනමිණ’ පුවත්පත මඟින් පැවැත්වූ සම්මාන උළෙලේදී ‘දයාවතී’ ඔබව ජනප්‍රිය නිළිය කළා?
ඔව්. ඒ විතරක් නෙවෙයි 2010 වසරේ දකුණු පළාතේ හොඳම දසදෙනාට දුන් ‘කලා ප්‍රසාදනී’ සම්මානයද මට ලැබුණා. සත්තකින්ම එදා මට හරි අහිංසක ආඩම්බරයක් දැනුණා. දන්නවද ඒ ඇයි කියලා. සම්මාන ප්‍රදානය අවසානයේ මා හා වේදිකාවේ හිටපු අය අතර සිටියේ විවිධ ක්‍ෂේත්‍රයන්හි නම රැන්දූ පුද්ගලයන්. දේශපාලනයෙන් මහින්ද රාජපක්ෂ, ක්‍රීඩාවෙන් සනත් ජයසූරිය, ලේඛන කලාවෙන් සුගතපාල ද සිල්වා යන ප්‍රවීණයන් සමඟ මම සිටියා. ඒ හැමදේටමත් දයාවතීගේ වාසනාව බලපෑවා මං හිතන්නේ.
🔴 ‘දයාවතී’ව හැර යෑම ගැන ඔබ කනගාටු වෙනවද දැන්?
අනේ නැහැ. ක්‍රිෂ්ටි ෂෙල්ටන් මහත්තයට තමයි මම එදා කිව්වේ පළමුවෙන්ම ‘කෝපි කඩේ’ මම අතෑරියා මෙතැනින් මට ඇතිවෙයිද, නැති වෙයිද දන්නේ නැහැ කියලා. එතකොට එතුමා මට කිව්වා බය වෙන්න එපා ‘කෝපි කඩේට’ සමුදීම ඔබට හොඳ ආරම්භයකට මඟපාදාවී කියලා. ඒ අනාවැකිය හරියටම හරි ගියා. පළමුවෙන් ඔහු මාව හිතවත් අධ්‍යක්ෂවරුන්ට රෙකමදාරු කළා. ඒ රෙකමදාරුව තමයි අද වන තුරුම මගේ ටෙලි කලාවට ආරම්භය වුණේ.
🔴 එච්. ඩී. ප්‍රේමරත්නගේ ‘පාලම යට’ චිත්‍රපටයේදී ගීතා කුමාරසිංහ ඔබට ඉතා දරුනු ලෙස පහරදුන් කතාව කුමක්ද?
ඔය ගැන කතා කිරීමෙන් දැන් පලක් නැහැ මම හිතන්නෙ. මොකද දැන් ඈ මා සමඟ සුහදව කතාබහ කරනවා.
🔴 ඒ දවස්වල ‘කෝපි කඩේ’ තිරනාටකයටද එම පහරදීමට විරුද්ධව කතාංගයක් ගෙතුණා?
නොකියා කොහොමද? මට සිදුවූ අසාධාරණය ගැන හැම තැනකම කතාබහ කළා මතකයි. ඉතාම සුළු කාරණයක් හේතුකොට ගෙනයි ගීතා කුමාරසිංහ මාව බිම දාගෙන ඉතාම දරුනු ලෙස පහර දුන්නේ. තවමත් තුවාල කැළැල් මගේ සිරුරේ තියෙනවා. එච්. ඩී. ප්‍රේමරත්න මහතා මැදිහත් නොවන්නට මට එදා ඊට වැඩි දෙයක් වෙන්නට තිබුණා.
🔴 දයාවතීට සමුදීමත් සමඟ ස්වාධීන රූපවාහිනියෙන් ඔබට ලැබුණේ කුඩම්මා සැලකිලිද?
මෙහෙමයි. හැම තැනකම, හැමදාමත් ශ්‍රී ලාංකේය කලාකරුවන්ට කුඩම්මා සැලකිලි තමයි ලැබුණේ. අර සංගමය, මේ සංගමය කියලා සංගම් තියෙනවා. ඒවා නමට පමණයි. තවත් පැත්තකින් කලාකාරයෝ විවිධ ආණ්ඩුවලට කඩේ යනවා. තනතුරු ගත්තට පස්සේ බලන්නේ තමා ගැන විතරයි. එන්නෙ නම් කලාවට සෙතක් කරන්න කියලයි. ‘කෝපි කඩේ’ පරණම රංගන ශිල්පියකු වූ කේ. ඩී. සිරිපාල මහතා අසනීපව ඉන්නවා. කිසිම කෙනකුගෙන් තවම නම් ඔහුට අනුග්‍රහයක් ලැබී නැහැ. හැබැයි කියන්න සතුටට කාරණයක් තියෙනවා. ඒ තමයි ස්වාධීන රූපවාහිනියේ වත්මන් සභාපතිත්වය ගැන. ඇත්තෙන් සුදත් රෝහණ මහතා කලාකරුවන් වෙනුවෙන් යමක් කරනවාය කියන හැඟීම කාටත් දැනී තියෙනවා. අඩුගානේ වයසට ගිහින් ඉන්න කලාකරුවන් ගැන රටට තොරතුරු කියන, කලාකරුවන්ගේ උපන් දිනය සමරන මෙහෙවරක්වත් එතුමා ස්වාධීන රූපවාහිනිය තුළ ආරම්භ කර තියෙනවා. මහලොකු යමක් නෙවෙයි වුණත් රටට අමතකව යන කලාකරුවන් වෙනුවෙන් එවැන්නක් හෝ කරවීම කාටත් සතුටක්.
🔴 නවකයන්ට පැවසීමට යමක් ඔබ සතුව තියෙනවද?
කිසිවකින් සැලෙන්නට එපා. බාධක ජයගන්න, කැපිලි, කෙටිලි, පහරදීම් ගැහීම් දරාගන්න. එදා පාලම යටදී ගීතා කුමාරසිංහගෙන් වැදුණු වැදිල්ලට මම මානසිකව වැටුණා නම් සුසිලා කෝට්ටගේ අද සුන්. මේ ගමන එන්නට තවමත් කලාව තුළ නමක් තියාගෙන ඉන්නට පන්නරය දුන්නේ ගීතා මට එදා ගහපු ගැහිල්ල තමා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මාමා නැතුව බෑණාට මොන ෂෝද?

Next Post

මම ගොසිප් හදාගත්තු චරිතයක් නෙමෙයි

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.