• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම ගොසිප් හදාගත්තු චරිතයක් නෙමෙයි

February 5, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම ගොසිප් හදාගත්තු චරිතයක් නෙමෙයි
Share on WhatsAppShare on Facebook

⬤ මට මාධ්‍යයට කතා කරන්න දෙයක් නැහැ…

⬤ මාධ්‍ය හොයන්නෙම අනුන්ගේ ගොසිප්…

ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ සිහින කුමරුකු ලෙස පෙම්බැන්ද, කාගෙත් ආදරවන්තයා වුණු නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පියෙක් අකිල සඳකැළුම් කියන්නේ. ඔහු වසර තුනක නිහැඬියාවකින් පසු නැවැත ටෙලි කරළියට ඇවිත් මේ දිනවල විකාශය වන ‘පාවෙන යකඩ’ ටෙලිනාට්‍ය තුළින් ඔහුව අපට දැකගන්නට පුළුවන්. ඇත්තටම ඔහු මෙපමණ කාලයක් නිහඬව සිටියේ ඇයි දැයි කියා ඔහුගෙන් දැනගැනීමට ඔහුට අප කතා කළේ මේ විදියට.
🔴 ‘පාවෙන යකඩ’ එක්ක කාලෙකට පස්සේ අකිල නැවැත රඟපෑමට ඇවිත් වගෙයි?
‘පාවෙන යකඩ’ ටෙලිනාට්‍ය මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා. කාලෙකට පස්සේ තමයි මම ඉන්න ටෙලිනාට්‍යයක් විකාශය වෙන්නේ. මම හිතන්නේ අවුරුදු තුනකින් විතර නිහැඬියාවකට පස්සේ තමයි මම ඉන්න නිර්මාණයක් විකාශය වෙන්නේ.
🔴 වෘත්තීය රංගන ශිල්පියෙක් ලෙසට කටයුතු කළ ඔබ ඇයි කලාව අතහැර දැම්මේ?
කලාව මම අත්හැරියේ නැහැ. මාව නිර්මාණවල දැකගන්න නොලැබුණාට මම කලාව එක්කමයි ජීවත් වුණේ. ටෙලිනාට්‍ය පිටපත් කිහිපයක් රචනා කළා. එයට අමතරව ටෙලිනාට්‍යයක් අධ්‍යක්‍ෂණය කළා. ඉතින් ඒ කටයුතුත් එක්ක මම ටිකක් කාර්යබහුල වෙලා හිටියේ.
🔴 පුංචි තිරයේ පෙම්වතා විදියට තමයි අපි ඔබ දැක්කේ. ‘පාවෙන යකඩ’ ටෙලිනාට්‍ය හරහා වෙනත් මාවතකට ගෙනගියා නේද?
ඇත්තටම එය මට වෙනස්ම අත්දැකීමක්. ඉතින් මම හිතනවා මට වගේම මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ටත් ඒ වෙනස තදින්ම දැනෙයි. ‘පාවෙන යකඩ’ ටෙලිනාට්‍යයේ මම උමයංගනා වික්‍රමසිංහගේ අයියා ලෙසට තමයි රඟපාන්නේ. හරිම ආශාවෙන් තමයි මම ඒ චරිතය නිරූපණය කිරීමට සම්බන්ධ වුණේ.
🔴 වසර තුනක් පමණ නිහැඬියාවකින් සිටිය නිසා ඔබේ ආර්ථිකය පැත්තටත් යම් බලපෑමක් සිදුවන්නට ඇති?
ඒ පැත්ත සාර්ථක කරගැනීමට මම ව්‍යාපාර කටයුත්තක් කරගෙන ගියා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ලංකාවේ නළුවෙක් වෙන්න තමයි පුංචිම කාලේ ඉඳලා මගේ හිතේ ආශාවක් තිබුණේ. මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. ඉතින් මගේ අරමුණට මම කොහොම හරි කට්ටක් කාලා ආවා. ඒ කාලේ මම සිනමාවේ හිටිය දැවැන්තයෝ දැක්කා. ඒ වගේම ඔවුන් අවසානයේ ගෙවපු ජීවිතය කොයි වගේද ගෙව්වෙ කියලා මමත් අවසානයේ දැක්කා. අවුරුදු දහයක් විතර මම එක දිගට රඟපෑවා. ඉතින් ආර්ථික පැත්ත ගැන හිතලා තමයි මම නිහඬව හිටියේ. වෘත්තීය මට්ටමින් මේ කලාව කරන්න බැරි නිසා.
🔴 ඔබ හිතනවද ටෙලිනාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරපු පලියට එය විකාශය කරගැනීමට පහසුයි කියලා?
දක්‍ෂ පිරිසක් සම්බන්ධ කරගෙන නිර්මාණයක් කළොත් එහෙම අපහසුතාවයක් වෙන්නේ නැහැ. දැනටමත් මගේ නිර්මාණය රූපවාහිනි නාලිකාවට දීලා තියෙන්නේ.
🔴 ඔබ අනෙකුත් නිර්මාණකරුවන් සේම ඔබේ නිර්මාණවල රඟපානවද?
එහෙම අදහසක් නෑ. පසුගිය කාලයේ ජනප්‍රිය වුණු ටෙලිනාට්‍යයක් තමයි තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යය. එය අධ්‍යක්ෂණය කරපු රොෂාන් රවීන්ද්‍ර එහි පිටපත ලියලා තියෙන්නේ ප්‍රධාන චරිතය ඔහුට කිරීමට. ඒත් එයට නිෂ්පාදකවරයෙක් ලැබුණේ පසුකාලීනව. අවසානයේ ඔහු තීරණය කළා ඒ චරිතය දැන් ඔහුට ගැලපෙන්නැහැ කියලා. අවසානයේ ඔහුගේ නිර්මාණය ගැන හිතලා ඒ චරිතයට දනුක ඩිල්ෂාන්ව තෝරාගත්තා.
🔴 ඔබ ගැන මාධ්‍ය වුණත් කතාබහ වෙනවා අඩුබවක් අපි දකිනවා. එයට හේතුව?
මාධ්‍ය හොයන්නේ ඉතින් කාගේ හරි ගොසිප්නේ. මම එහෙම ගොසිප් හදාගත්තු කෙනෙක් නෙවෙයි. අනෙක මාධ්‍යවල මගේ හිතවත් මිතුරන් ගොඩදෙනෙක් ඉන්නවා. ඒ කිසිම කෙනෙක් එහෙම අපේ විස්තරයක් කතා කරන්නේ නැහැ. අපි දකිනවා ටෙලිනාට්‍යවල සුළු චරිත රඟපාන අය ගැන ඕනෑවට වඩා හොයා බලලා ඔවුන් ගැන ලියනවා. අනෙක මාධ්‍යයට කතා කරන්න කියලා දෙයකුත් මට තිබුණේ නැහැනේ. නදි කම්මැල්ලවීර කියන්නේ දක්‍ෂ ශිල්පිනියක්. ඒ ගැනවත් කිසිම කෙනෙක් කතාබහ කරනවා මම දකින් නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කැලණි පාලම යටදී ගීත මට බිම දාගෙන ගැහුවා

Next Post

රවිට-ඇලෝසියස්ට අධි චෝදනා ගොනු වෙයි

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.