නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරි යටතේම පවත්වා ගැනීමට ගන්නා ලද කැබිනට් තීරණයෙන් පසු කොළඹ සිටින ජපාන තානාපති අකිරා සුගියාමා මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හදිසි හමුවක් සිදුව තිබේ.
එම හමුවේදි නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
එමෙන්ම ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වීය සහයෝගීතාවට අදාළ කාරණා රැසක් ගැනද එහිදී අවධානය යොමු කර තිබේ.
මෙම හමුවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද සහභාගී වී ඇත.










