• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාගයන් 3000ක් පිරිවරාගෙන නාගමාණික්‍යයේ අබිරහස හොයාගත් රජරට උපාධිධාරියා

February 2, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
නාගයන් 3000ක් පිරිවරාගෙන නාගමාණික්‍යයේ අබිරහස හොයාගත් රජරට උපාධිධාරියා
Share on WhatsAppShare on Facebook

නයි ගැන කතා කරන කොට දැන් දැනෙන හැඟීම ඉස්සරට වඩා වෙනස්. ඉස්සර නම් නයෙක් ගැන කියපු ගමන් අපිට දැනෙන්නේ බයක්. හැබැයි දැන් නයා ගැන කිව්ව ගමන් අපිට කැලණියෙද කියලා අහන්න හිතෙනවා. ඊට පස්සේ හිනා යනවා. ඒක නයින්ට කරපු අසාධාරණයක්ද, මිනිසුන්ට කරපු සාධාරණයක්ද කියලා හොයලා උත්තරයක් හදාගන්න එක ඔයාට භාරයි. අපේ වගකීම අලුත් කතාවක් හොයලා ඒ කතාව ඔබට කියන එක. ඒ කතාවේ යටි පෙළ, ව්‍යංගාර්ථය, ගම්‍ය අර්ථය, තේරුම්-බේරුම් කරගන්න ගියාම පැහැදිලි වෙන සමහර අර්ථ නිසා කාටහරි රිදෙනව නම් අපිට නිර්ලෝභීව කියන්න පුළුවන් සමාවෙන්න කියලා තමයි. මොකද අපි කාටවත් රිදවන්න හිතාගෙන මේ දේවල් ලියනවා, කියනවා නෙමෙයි. මේ ලෑස්ති වෙන්නේ නයි ගැන කතාවක් කියන්න.

මේක අදාළ වෙන්නේ නයි ඇල්ලීමට. නයි ඇල්ලීම කියපු ගමන් ඔයා අහයි කවුද නයි අරින්නේ කියලා. මොකද අපිට නයි අල්ලන අය අඩු වුණාට නයි අරින අය ඕන තරම් හම්බවෙන හින්දා. අපි මේ කතා කරන්න යන්නේ සම්පත් මහත්තයත් එක්ක. සම්පත් මහත්තයා ඉන්නේ රාජාංගණයේ යාය තුන කියන හරියේ. සරලව කියනව නම් අනුරාධපුරයේ. සම්පත් මහත්තයව අපිට මුණගැහෙන්නේ ‘යූ-ටියුබ්’ එක හරහා. අපි මේ සම්පත් මහත්තයා ගැන ආරංචිය ලැබුණු වහාම එයත් එක්ක කතා කරන්න තීරණය කළේ හේතු කිහිපයක් හින්දා. සම්පත් මහත්තයා නයි සම්බන්ධව හොඳ දැනුම් තේරුම් තියෙන කෙනෙක් වගේම ඒ සම්බන්ධව තියෙන එක එක තාලේ දුර්මත ගැනත් හොඳට පැහැදිලි කරලා තිබුණා. හැබැයි සම්පත් කියන්නේ රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්. ඒ නිසාම ඔහුට සමාජය පිළිබඳත් හොඳ හැදෑරීමක් තියෙනවා. අපි මුලින්ම ඇහුවේ සම්පත් මහත්තයගෙන් මෙන්න මෙහෙම.

සම්පත් කොහොමද මේ වැඩේට යොමු වෙන්නේ?
ඔය අහන්නේ මං මුලින්ම නයෙක් ඇල්ලුවේ කොහොමද කියන එක වෙන්න ඇති.
ඇත්තටම මම සාමාන්‍යයෙන් සත්තුන්ට ආදරය කරන කෙනෙක්. ඒක මාව නිතරම ආශ්‍රය කරන හැමෝම දන්නවා. හැබැයි මට මේ ගොල්ලන්ව අල්ලන්න පුළුවන් කියන එක නම් ගොඩක් අය දැනගෙන හිටියේ නෑ. මම විශ්වවිද්‍යාලයේ යන කාලෙත් සමහර වෙලාවට මේ විදිහට සත්තු ඇල්ලුවා. ඒත් ඒක ප්‍රසිද්ධියේ කළේ නෑ. ඒ කාලෙ මම අපේ නෝනලගෙ ගෙදර ගියාට පස්සෙ නයෙක් ආවා. ඒ ලොකු නයෙක්. නයාව මරන්න අරහෙ මෙහෙ කට්ටිය ලෑස්ති වුණාම මම ටක් ගාලා කිව්වා මරන්න එපා කියලා. එයාව අල්ලන්න පුළුවන් කියලා. එහෙම කිව්වම කට්ටිය පුදුම වුණා. මම එයාව ඇල්ලුවා. එහෙම ඇල්ලුවට පස්සෙ දිගටම ඒ ගැන කියන්න ගත්තා කට්ටිය. ඔය අස්සෙ දිගටම මා ගැන කට්ටිය කතා කරන්න ගත්තා.
නයි ආවා අල්ලන්න කියලා. මම ඒක ලේසියෙන්ම කළා. ඕක ඔය විදියට පුරුද්දකට ගියා. මම දිගටම නයි අල්ලන්න ගත්තා. දැන් මට නිතරම වගේ ටෙලිෆෝන් කෝල් එන්න ගත්තා. නයෙක් ඉන්නවා, අල්ලන්න කියලා.

දැන් නයි කොච්චර අල්ලල තියෙනවද?
නයි නම් තුන්දාහක් විතර අල්ලලා තියෙනවා. තව අනිත් සත්තුත් අල්ලනවා.

සත්තුන්ට මොකද කරන්නෙ?
මම එයාලව විල්පත්තුවට ගිහිල්ලා අත අරිනවා. සමහර වෙලාවට හය හත් දෙනෙක් එකතු වෙනවා.

එතකොට ‘විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා’ කියලා කතාවක් තියෙනවා නේද?
ඒක සාහිත්‍යයේ එන දෙයක්නෙ. මිනිස්සු ඒක තේරුම් ගන්නෙ වැරදියට. ඇත්තටම මේ කියන්නෙ වෙන කතාවක්.
දෙරණ තුළ තුඹසයා
තුඹස තුළ නාගයා
විෂඝෝර සර්පයා
දැක නෑරු මෝඩයා

කියලා.
මේ කියන්නෙ ලොකු බැරූරුම් දෙයක්. අපේ මිනිස්සු මේකෙන් අල්ලගෙන තියෙන්නෙ
විෂඝෝර සර්පයා
දැක නෑරු මෝඩයා
කියන එක විතරයි අපේ කට්ටිය තේරුම් අරගෙන තියෙන්නෙ. හැබැයි හරි නං කියන්න ඕනෙ,
‘සර්පයා දැක නොමර මෝඩයා’
කියලා.

එතකොට මේ නයාටත් අදාළද?
ඔව්. නයා කියන්නෙ අහිංසක සතෙක්. එයා අපිට හානි කරන්නෙ කලාතුරකින්. හැබැයි මිනිස්සු දැක්ක ගමන්ම නයාව මරන්න පුරුදු වෙලා තියෙනවා.

එතකොට අර ‘නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා’ කියන එක?
ඒකත් එහෙම තමයි. ඒක මේ වෙනමම ව්‍යංගාර්ථයක්. කවුරු හරි දරුණු මනුස්සයෙක් ගැනයි මේ කියන්නෙ. ඒත් අපේ මිනිස්සු ඕවා තමයි ටක් ගාලා අල්ල ගන්නෙ.

හරි එතකොට ඔය පන්සල්වල, දේවාලවල නයි ඉන්නවා කියන්නෙ, ඒවට අධිගෘහිත අය?
පන්සල්වල, දේවාලවල නයි ඉන්නවා කියන එක ඇත්ත. මට මතකයි මම ඒ කාලෙ පන්සලක හිටියා කුරුණෑගල පැත්තෙ. එහෙ බුද්ධ වන්දනාවට යනකොට නයා ඉන්නෙ තොරණ උඩ. ඒ නයා එන්නෙ පන්සල බලාගන්න අරහෙ මෙහෙ නෙමේ, ඒ ගොල්ලො ගොදුරු හොයාගෙන එන්නෙ. කොහොමත් පන්සල්, දේවාල වගේ ඒවා අන්ධකාර තැන්. ඒවයෙ පොඩි පොඩි සත්තු ඉන්නවා. නිතරම සෙනඟ ගැවසෙන්නෙ නෑ. ඒ වගේම පිළිම හදලා තියෙන්නෙ මැටිවලින්. ඒවා අස්සෙ ඉන්න පුළුවන් සත්තුන්ට. ඒ වගේම හුඹස් වගේ ඒවා තියෙනවා වටේම. ඒ නිසා පන්සල්වල, දේවාලවල නයි ඉන්නවා. හැබැයි මේ පන්සල, දේවාලෙ පරිස්සං කරන්න ආපු නයි නෙමේ.

එතකොට අර නාග මාණික්‍ය කියන සංකල්පෙ?
ඒකත් බොරුවක්. මම ඕනෑ තරම් නයි අල්ලලා තියෙනවා. ඕනෑ තරම් නයි දැකලා තියෙනවා. මම මැරුණ නයෙක්ගෙ ඔළුව කපලා බැලුවා, හැමෝටම පේන්න. එහෙම එකක් නෑ. මේ ගැන මම සමාජ ජාලවල දැම්මම කට්ටිය මට කියලා තිබුණා, නෑ නාග මාණික්‍ය කියලා එකක් තියෙනවා කියලා. එහෙම ඒවයෙ පින්තූරත් දාලා තිබුණා. මොකක්ද මුට්ටියක ලයිට් එකක් වගේ පේන. ඒවා ඔක්කොම බොරු කතා. මම නං හිතන්නෙ මේ වගේ මිත්‍යාවල් පස්සෙ යන්න හොඳ නෑ.

හරි දැන් නයෙක් හම්බවුණොත් මොකක්ද කරන්න ඕනෙ?
මෙහේ ළඟපාතක නම් මට කියන්න. එහෙම නැත්නම් මට සම්බන්ධ කෙනෙක්ව එවන්න පුළුවන්. ඒත් නැත්නම් සත්තු මරන්න එපා. ඔයාලටම පුළුවන් එයාලව අල්ලන්න. හුඟාක් අයට තියෙන්නෙ බයයි, අප්පිරියාවයිනෙ. එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් බෝතලේකට හරි ගෝනියකට හරි සතෙක්ව අල්ලන්න අමාරු නෑ.

එතකොට අර නාග ලෝකෙන් නයි එන කතාව?
ඒවා බොරු මිථ්‍යා විශ්වාස. ඔය පොත්පත්වල තියෙනවා ඒවා. ධර්මසේන හාමුදුරුවෝ කියලා තියෙනවා සර්ධාව නැති අයගෙ ඇති කරන්නත්, ඇති අයගෙ සර්ධාව වැඩි කරන්නත් මේවගේ ඒවා ලිව්වා කියලා. මොන උවමනාවකට වුණත් මේවා කියන්නෙ සාක්ෂි ඇතුව නෙමේනෙ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සිංහ කොඩියේ සිංහයා වෙනස් කරන්න යයි

Next Post

මාධ්‍ය ඉස්සරහ වීරයෝ වෙන්න හදනවා: පොහොට්ටුවේ ලේකම් විමල්ගේ පලු යවයි (VIDEO)

MORE NEWS

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

Load More
වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

එකමත් එක දවසක ඔබ ගමනක් යමින් ඉන්නවා. ඔබ එදා එතරම්ම කාර්යබහුල නෑ. මගදී හම්බවෙන ප්‍රියමනාප තරුණයෙක් හෝ තරුණියක් ඇවිල්ලා ඔබව...

Read more
හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.