• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැණි ධම්මිකයි දත් දොස්තරයි ගේ ඇතුළේ ගුටි කෙළියේ CID SPECIAL

January 24, 2021
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
පැණි ධම්මිකයි දත් දොස්තරයි ගේ ඇතුළේ ගුටි කෙළියේ CID SPECIAL
Share on WhatsAppShare on Facebook

කාලයක් අපේ රටේ තරුණ පරපුර අතර ප්‍රසිද්ධම පැණිය වූයේ කොරෙක්ස් ඩී. නම් වූ පැණියයි. කුඩා දරුවන්ට කැස්සට වෛද්‍යවරුන් නිර්දේශ කරන එම ඖෂධය අපේ රටේ වැඩිහිටි පාසල් දරුවාගේ පටන් තරුණයින් භාවිතා කරන්නට වූයේ මත්ද්‍රව්‍යක් ලෙසිනි. දැන් අපේ රටේ බාල මහලු කොයි කා අතරත් ජනප්‍රියතම පැණිය බවට පත්ව ඇත්තේ ධම්මික පැණියයි. කොවිඩ් 19 වෛරසයට දේශීය ප්‍රතිකාරයක් ලෙස නිෂ්පාදිත මෙම පැණියට තවමත් නිසි අවසර නැතත් හොර අරක්කු විකුණන ගානට පැණිය අලෙවි වෙමින් ඇත්තේ හොර රහසේය. රාජ්‍ය මෙන්ම පුද්ගලික ආයතනද සිය සේවකයන්ට ලබාදීමට මෙම පැණිය ලබා ගැනීමට ඇත්තේ දැඩි තරගකාරීත්වයකි.

පොලිසියත් පැණිය ගන්න පෝලිමේ

පොලීසියද මේ තරගයේ කොටස්කරුවෙකි. කොවිඩ් ආසාදිතව කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ රඳවා සිටි පොලිස් නිලධාරීන්ට පමණක් නොව, පොලීසියේ ලොකු මහත්වරුන්ද මේ පැණිය භාවිතා කර තිබුණේ කොවිඩ්වලින් ආරක්ෂා වීමටය. කොළඹ වරායේ සේවකයින් මෙන්ම ගුවන් තොටුපොළ සේවකයින්ටද මේ පැණිය ලැබී තිබුණේ යම් මූල්‍යමය වටිනාකමකටය. අන්තර්ජාලයේ පවා දැන්වීම් පළකරමින් ධම්මික පැණිය අලෙවියට තබා ඇත්තේ ද ඉහළ මිල ගණන්වලටය.
මේ සටහන තබන්නට මුල පිරෙන්නේ ධම්මික පැණියේ ගුණදොස් සදහන් කරන්නට නොවේ. එහි ගුණදොස් දන්නේ කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීමට පැණිය භාවිතා කළ අය පමණි. ඒ පැණිය භාවිතා කළ අය අතර වෛරසය ආසාදනය වූවන් මෙන්ම ආසාදනය නොවූවන්ද සිටින බැවිනි. පොලීසිය පැත්තෙන් නම් කියැවෙන්නේ පැණිය භාවිතා කළ වෛරසය ආසාදිත පොලිස් නිලධාරීන්ගෙන් සියයට 75 කට පමණ ඉක්මන් සුවය ලැබුණු බවකි. ඒ නිසා පොලීසිය සිටින්නේ ධම්මික පැණිය ගැන යම් විශ්වාසයක් ඇතිවය. පැණියේ නිර්මාතෘ ධම්මික දැන් චන්ඩියෙක් වී සිටින්නේ ඒ නිසා විය හැකිය.

බොඩිගාඩ්ලාත් ධම්මික වටේ

බොහෝ අය දැන් ධම්මිකව හදුන්වන්නේ පැණි ධම්මික යැයි කියාය. පැණි ධම්මික දැන් බොඩිගාඩ්ලා කිහිප දෙනෙක්ද තබාගෙන සිටිති. ඒ අයට ඔහු කියන්නේ මගේ උදව්වට සිටින දරුවන් යැයි කියාය. එවන් දරුවන් දහ දොළොස් දෙනෙක්ම ධම්මික ළග සිටිති. ඒ අය ධම්මිකත් සමග එක්ව ඉකුත් දිනක පේරාදෙණියේ වෛද්‍යවරයෙකුට අමානුෂික ලෙස පහර දෙන්නේ ඔහුගේ පැණි නිෂ්පාදනාගාරය පිහිටි කෑගල්ලේ නිවස තුළය. එම පහරදීම සිදුවන්නේ පේරාදෙණිය රෝහලේම සේවයේ නිරත තවත් වෛද්‍යවරයෙක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් ඉදිරියේය. ධම්මිකගේ ගෝලබාලයින්ගේ මැර බලය හමුවේ ඒ අයටද සිදුව ඇත්තේ සිය සහෝදර වෛද්‍යවරයාට පහරදෙන විට ඒ දෙස බලා සිටීමටය.

ගේ ඇතුළේදී දත්දොස්තරට පහර දීමක්

පහර කෑමට ලක්වන වෛද්‍යවරයා දන්ත වෛද්‍යවරයෙකි. මේ සිව් දෙනා ධම්මික සොයා පැමිණෙන්නේ පැණිය ගැන තොරතුරු සොයාය. දන්ත වෛද්‍යවරයා නම් ධම්මිකගේ පැණිය දැඩිව විවේචනයට ලක්කරන්නෙකි. ධම්මිකගෙන් සහ ඔහුගේ ගෝලබාලයින්ගෙන් මෙම වෛද්‍යවරයා පහර කෑමට ලක්වන්නේ සිය ජංගම දුරකතනයෙන් එතැන සිදුවන සියල්ල රහසිගතව වීඩියෝ කරන බව ධම්මිකගේ බොඩි ගාඩ් කෙනෙකුට මාට්ටුවීම නිසාය. දැන ගන්නට ඇති ආකාරයට ධම්මිකගේ බොඩි ගාඩ් ඒ මොහොතේ කලබලයකින් තොරව මෙම වෛද්‍යවරයාගේ නම අන්තර්ජාලයෙන් පරීක්ෂා කර ඔහු සම්බන්ධයෙන් තොරතුරු විමසන්නට පටන් ගෙන ඇත. ඒ ජංගම දුරකතනයෙනි. අනතුරුව එම වෛද්‍යවරයාගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී ධම්මිකගේ බොඩි ගාඩ්ට පෙනී ගොස් ඇත්තේ ඔහු පැණිය මෙන්ම ධම්මිකවද දැඩිව විවේචනයට ලක්කරන්නෙක් බවකි. එම වෛද්‍යවරයාට දොරගුළු වසා නිවස තුළ සිරකරගෙන ගුටි පූජාවක් ලැබෙන්නේ ඒ බව ධම්මිකට පැවසීමත් සමගිනි.

සමාව ගන්නත් කියලා

අනතුරුව වෛද්‍යවරයාගේ ජංගම දුරකතනය ධම්මික ඔහු අතට ගෙන ගෝලයෙක්ට ලබාදෙන්නේ පටිගත කර ඇති සියල්ල මකා දමන ලෙසටය. අනතුරුව පැයක් හමාරක් නිවසේ සිරකර ගෙන පහරදෙමින් වෛද්‍යවරයාට ඔවුන් පවසා ඇත්තේ මෑණියන්ගෙන් සමාව අයදින ලෙසටය. මෑණියන් යැයි එහිදී ඔවුන් හදුන්වා ඇත්තේ ධම්මිකවය. සමාව නොගතහොත් නිදහස් නොකරන බව පැවැසීමත් දිගින් දිගටම එල්ලවන පහරදීම් ඉවසා ගන්නට නොහැකිවත් අවසානයේ වෛද්‍යවරයාට සමාව ගැනීම හැරුණු කොට වෙනත් විකල්පයක් නොවීය. සමාවෙන් පසු නිදහස ලබන ඔවුන්ට ධම්මික විසින් තර්ජනය කළේ යැයි කියන්නේ කඩුගන්නාවෙන් පහළ තමාට ඉහළින් කිසිවෙකුත් නොමැති බවය.

වරකාපොලින් ප්‍රතිචාරයක් නෑ

එදා පණබේරාගෙන කඩුගන්නාව තරණය කර පේරාදෙණියට ගිය දන්ත වෛද්‍යවරයා ඒ ගැන පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් කරන්නේ ධම්මිකට සහ ඔවුන්ගේ මැරයන්ට පාඩමක් උගන්වන්නටය. එහෙත් එදා මහා රෑ පේරාදෙණිය පොලීසිය එම පැමිණිල්ල පොලිස් පොතේ ලියාගත්තද ක්ෂණිකව ඊට පියවරක් නොගන්නේ ධම්මිකට ඇති බිය නිසාද නැති නම් ධම්මිකගේ පැණිය පානය කළ පොලීසියේ ලොක්කන්ට ඇති බිය නිසාදැයි දන්නේ ඒ අය පමණි. පේරාදෙණිය පොලීසියේ ලියැවුණු ධම්මිකට එරෙහි පැමිණිල්ල අවසානයේදී යොමු වන්නේ වරකාපොළ පොලීසියටය. ඒ පහරදීම සිදුවන්නේ වරකාපොළ පොලිස් බල ප්‍රෙද්ශයේ වූ බැවිනි. එහෙත් වරකාපොළ පොලීසියට ඒ ගැන විමර්ශනයක් පවත්වන්නට ඉඩක් නොවීය. එය කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පවරනු ලැබීය. මේ සටහන තබන මොහොත වන විට එම පහරදීමෙන් සතියක් ඉක්මවා ගොසිනි. ධමිම්කගෙන් තබා ඔහුගේ ගෝලයෙකුගෙන්වත් පොලීසිය ප්‍රකාශයක්වත් සටහන් කරගෙන නොතිබුණි. පුදුමයට කරුණක් වන්නේ පැණි ධම්මික වෛද්‍යවරයෙකුට පහරදීම මාධ්‍ය පවා වසන් කිරීමය. අප විසින් අන්තර්ජාල වෙබ් පිටුවේ මේ ගැන පළමුවරට හෙළිකරන තුරු පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවා ඒ ගැන අනුගමනය කරනු ලැබුවේ නිහඬ ප්‍රතිපත්තියකි. පොඩි දේටත් නිල නිවේදන නිකුත් කරන පොලිස් මාධ්‍ය ඒකකයෙන් අදටත් ඒ ගැන නිල නිවේදනයක් හෝ ප්‍රකාශයක් නැත. ඉකුත් සති අන්තයේදීත් පොලීසියේ ආරක්ෂාවක් ඇතිව ධම්මික පැණි බෙදන්නට ගත්තේ පොලීසිය ගැන ඔහුට බියක් නොමැති නිසා වන්නට හැකිය.

පොලිසිය පස්ස ගහන්න‌ේ ඇයි?

කෑගල්ලේ පොලිස් ලොක්කන් නම් පවසන්නේ වෛද්‍යවරයාට පහරදීම සම්බන්ධයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් කළ විමර්ශනය අවසන් බවය. ධම්මික සහ ඔහුගේ ගෝලයින් විසින් වෛද්‍යවරයාට පහරදුන් බවට පැහැදිලි සාක්ෂි ඇතැයිද ඒ අය කියති. එම සාක්ෂි, පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා සමග ධම්මිකගේ නිවසට ගිය පේරාදෙණිය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුගෙන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනාගෙනි. ඒ අය හෙද සේවයේ සිටින කාන්තාවක් සහ පිරිමියෙකි. කෑගල්ලේ පොලිස් ලොක්කන් සඳහන් කරන්නේ මෙතෙක් පහර කෑමට ලක්වුණු වෛද්‍යවරයා ප්‍රකාශයක් ලබා නොදුන් බවය. පේරාදෙණිය පොලීසියට ඔහු කළ පැමිණිල්ල ප්‍රමාණවත් නොවන බවද ඔවුහු සදහන් කරති. ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව කියමින් වෛද්‍යවරයාද වැඩිදුර ප්‍රකාශයක් ලබාදීමට මැලිකමක් දක්වන බව ඒ අය කියති. ධම්මිකගෙන් සහ ඔහුගේ ගෝලබාලයින්ගෙන් ප්‍රශ්න කරන්නට නොගියේ ඒ නිසා බවට නිදහසට කරණාද පොලිස් ලොක්කෝ කියති. ඒ තත්වය මත කෑගල්ල කොට්ඨා අපරාධ විමර්ශන ඒකකය විසින් කළ විමර්ශන සති අන්තය වන විට යොමු කර තිබුණේ වරකාපොළ පොලීසියටය. ඒ ඉදිරි නීතිමය පියවර සඳහාය. පොලීස් ලොක්කන් කියන්නේ අඩුම තරමින් පහරකෑමට ලක්වුණු වෛද්‍යවරයා රෝහල් ගත වීමක් හෝ සිදුව නැති බැවින් මෙම පහරදීම සම්බන්ධයෙන් වූ විමර්ශන බැරූරුම් සිදුවීමක් ලෙස තකන්නට බැරි බවකි.

මෑණියන්ගෙන් සමාව ගන්නා වීඩියෝවක්

පහරකෑමෙන් පසුව දන්ත වෛද්‍යවරයා අසරණව බියෙන් වෙව්ලමින් මෑණියන්ගෙන් සමාව ගන්නා වීඩියෝ පටයක් ධම්මික විසින් මාධයට නිකුත් කරන්නේද මේ අතරතුරදීය. එම වීඩියෝ පටය ධම්මිකගේ ගෝලබාලයින් විසින් ජංගම දුරකතනයකින් වීඩියෝගත කර තිබූවකි. වෛද්‍යවරයා එම වීඩියෝ දර්ශනයේ පෙනී සිටින්නේ දෑත් එක්කොට වැඳගෙන බයාදු ආකාරයටය. එම වීඩියෝවේ වෛද්‍යවරයා විසින් කරන ප්‍රකාශයන්ට අනුව ඔහු කරන්නේ සමාව අයැද සිටීමකි. හරිහැටි එහි ඇතැම් ප්‍රකාශ පැහැදිලි නැතත් ගලපා ගත් කල ඔහුගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ සිය බිරිඳගේ උවමනාවට පැණිය ගන්නට ඔහු එහි පැමිණ ඇති බවකි. වෛද්‍යවරුන් පැණියට විරුද්ධ බවත් තමාද පැණියට විරුද්ධ බවත් එහි තැනින් තැන කියැවෙනු ඇසේ. “ඔබ වහන්සේ දඬුවම් දුන්නා. මම දඬුවම් වින්දා“ යැයිද බියෙන් වෙව්ලමින් ඔහු පවසන අයුරුද විඩියෝවෙන් පැහැදිලිය. “නෝනට පෙන්වන්නයි මම වීඩියෝ කළේ. “ යැයිද තවත් තැනකදී වෛද්‍යවරයා සඳහන් කරනු ඇසේ.

පටිගත කළේ බලෙන්ද?

එම වීඩියෝව හොදින් නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ වෛද්‍යවරයෙක් වූවත් ඔහු දැඩිව භීතියට පත්ව සිටින බවකි. ඒ වන විට වෛද්‍යවරයා ධමිම්කගෙන් සහ ඔහුගේ ගෝලයින්ගෙන් දැඩිව පහරකෑමට ලක්ව ඔවුන්ගේ ග්‍රහණයේ සිටි බව මෙහිදී අමතක නොකළ යුතුය. මේ ප්‍රකාශය ඔහු විසින් කරන්නේත්, ධම්මිකගේ ගෝලයෙක් එය පටිගත කරන්නේත් එවිටය. ඒ ඔවුන්ගේ ගැලවිල්ලට බව පැහැදිලිය.
එම වීඩියෝව මාධ්‍යට නිකුත් කරමින් ධම්මික සඳහන් කරන්නේ තමා දන්නා කියන අනුරාධපුරයේ වෛද්‍යවරයෙක් සමග අදාළ වෛද්‍යවරයා සහ තවත් දෙදෙනෙක් තමා මුණගැසීමට ඉකුත් 12 වෙනිදා රාත්‍රී 7.30 ට පමණ පැමිණි බවය. ඒ අය තමාගෙන් නොයෙකුත් ප්‍රශ්න ඇසූ බවත්, ඒවා වීඩියෝ කරන බව දැක දුරකතනය රැගෙන පරීක්ෂා කර බැලූ බවත් ඔහු කියයි. එම අවස්ථාවේදී වෛද්‍යවරයා තමාට වැඳ සමාව ඉල්ලමින් පොලීසි නොයන ලෙස ඉල්ලා සිටි බවත්, පොලීසි ගියහොත් රැකියාවට ප්‍රශ්නයක් වනු ඇතැයි සදහන් කළ බවත් ධම්මික මාධ්‍ය ඉදිරියේ පවසන්නට වූයේ තමන් අතේ කිසිදු වරදක් නොමැති බව කියමිනි. ඒ ඉකුත් 21 වෙනිදාය.

දොස්තර කියපු කතාව

වෛද්‍යවරයාට පහරදීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ඒකපාර්ශවීයව තොරතුරු වාර්තා කරමින් ධම්මිකව ශුද්ධවත්තයෙක් කරමින් සිටියදී තවත් මාධ්‍ය ආයතනයක් පහරකෑමට ලක්වුණු වෛද්‍යවරයා සොයාගෙන ගොස් ඔහුගේ පැත්තෙන්ද කරුණු විමසා තිබුණේ මහජනතාවට ඇත්ත නැත්ත දැන ගැනීමේ අවස්ථාව උදාකර දෙමිනි. ඔහු එස්.ඒ.ආර්. මද්දුම බණ්ඩාරය. ඔහු පවසන්නේ පේරාදෙණිය රෝහලේ කාර්ය භාර නිලධාරියා 12 වෙනිදා දහවල් තමාව අමතමින් ධම්මික පැණිය මිලදී ගැනීමට කාර්ය මණ්ඩලය මුදල් එකතුකර ඇති බැවින් එම පැණිය රැගෙන ඒමට යා හැකිදැයි තමාගෙන් විමසා සිටි බවය. ඊට අනුව තමා එහි ගියේ පැණිය ප්‍රවාහනය කිරීමේ කටයුත්තට පමණක් බවද ඔහු සඳහන් කරන්නේය. තමා සමග චමින්ද නැමැති වෛද්‍යවරයෙක්ද ගිය බව ඔහු පවසයි. පැණිය මිලදී ගැනීමට ගිය තම කණ්ඩායමට ධම්මිකගේ දීර්ඝ කථාවක් අසන්නට ලැබුණු බවත්, එම අවස්ථාවේදී තමා වෛද්‍ය චමින්ද අමතා “අපි ආවේ ඉක්මනින් යන්න නේද“ යැයි කියා විමසූ බවත්, එම අවස්ථාවේදී ධමිම්ක වෙද මහතා පැණිය ලබාදෙන්නේ මෑණියන් කියන වේලාවට බව පැවැසූ බවත් ඔහු කියයි. මේ සිදුවීම තමා වීඩියෝ කරනු ලැබුවේ සිය බිරිදට පෙන්වීමට බවද ඔහු පවසන්නේ කිසිදු පැකිලීමකින් තොරවය. තමා එය වීඩියෝ කරනු දුටු ධම්මික වෙද මහතා කලබල වී තමාව දින 14 ක් රිමාන්ඩ් කරන බවටත්, ගැට ගසන්නට කඹයක් ගෙන එන ලෙසට ගෝලයන්ට කෑගසමින් පැවැසූ බවත්, තමාට පහරදුන් බවත් වෛද්‍ය මද්දුමබණ්ඩාර කියයි. තමාගේ දරුවාගෙන් පළිගන්නා බවත්, කඩුගන්නාව හෙළින් පහලට දමන බවටත් ආදී වශයෙන් කළ තර්ජන ගැන පවා ඔහු පවසයි. තමාටගේ ජංගම දුරකතනයද අතට ගෙන පොළොවේ ගසා එය කා දමන ලෙසට තර්ජනය කළ බවද ඔහු කියයි.

ධම්මිකට වෙනම් නීතියක්ද?

ධම්මික වෙද මහතා මාධ්‍යට නිකුත් කළ වීඩියෝව තමාව බිය ගන්වා ලබාගත්තක් බවද ඔහු කියන්නේ ධම්මිකට එරෙහිව නිසි විමර්ශනයක් පවත්වන්නේ නම් පොලීසියට ඊට පාරක් කපා දෙමිනි.
ධම්මිකගෙන් පහරකෑමට ලක්වූ වෛද්‍ය මද්දුමබණ්ඩාර මේ ප්‍රකාශය සිදුකරන්නේ ඉකුත් 21 වෙනිදාය. ඒ ඔහු ස්වයං නිරෝධායනය වෙමින් සිටින බැවින් ප්‍රකාශයක් සටහන් කරන ගැනීමට නොහැකි බව පොලීසිය කියන විටදීය. වෛද්‍ය මද්දුම බණ්ඩාර මෙම ප්‍රකාශය ලබාදෙන්නේද වීඩියෝ තාක්ෂණය ඔස්සේ නොව මාධ්‍ය ඉදිරියට පැමිණිය. ඒ අනුව පොලීසිය කියන ආකාරයට අනුව ඔහු ස්වයං නිරෝධායනයක් වන්නේ නැත. මේ සියල්ලක්ම සිදුවන්නේ ධම්මිකගේ නිදහස වෙනුවෙන්දැයි සාධාරණ සැකයක් ඇතිවීම වැළැක්විය නොහැකිය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

ජිනීවා රස්නය එන්න එන්නම වැඩි වෙයි: ආණ්ඩුව දරුස්මාන් වාර්තාවත් එළියට ගනී (රාජ්‍ය රහස්)

Next Post

උදේ පාන්දරම මහින්ද ගැන ගිය විශාල බොරුවකින් සමාජ මාධ්‍ය ගිනි ගනී

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.