අද උදෑසන සිට සමාජ මාධ්‍ය ජාලාවල අගමැතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පළව ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අගමැති කාර්යාල ආරංචි මාර්ග තහවුරු කරයි.
අගමැතිවරයා සාමාන්‍ය ආකාරයට රාජකාරීන්හි නිරත වන බවත්, හෙට (25) දිනයේදීත් අගමැතිවරයා යොදාගත් රාජකාරී කිහිපයකටම සහභාගී වීමට සූදානමින් සිටින බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
අද උදෑසන සමාජ මාධ්‍ය ජාලාවල අගමැතිවරයා බරපතළ ලෙස අසනීපව සිටින බවට විශාල මාධ්‍ය ප්‍රචාරයක් යනු ආකාරයක් දැකගත හැකිවිය.










