• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට මේක ශාන්තිකර්මයක් වගේ

January 23, 2021
in Heart
Reading Time: 3 mins read
A A
මට මේක ශාන්තිකර්මයක් වගේ
Share on WhatsAppShare on Facebook

⬤ මම මහ ලොකු මිනිහෙක් නෙමෙයි…

⬤ මම තුළ බින්නබැහැපු ගමේකම මතුවෙන්නෙ නිර්මාණ තුළින්…

ශ්‍රී ලාංකීය ටෙලි කලා කෙත සාර්ථකව අස්වැද්දවීම සඳහා පෙළගැසී සිටින, අතළොස්සක් වූ ‘නිර්මාණශීලී බීජ වපුරන්නන්’ කෙමෙන් කෙමෙන් දැන් දැන් හරසුන් මෙගා කලාවට අභියෝග කරමින් සිටිති. සුමිත් රත්නායකද ඒ වටිනා කියන මෙහෙවර තුළ අද්විතීය කලාකරුවකු වී හමාරය. ‘මද්දහන’ හරහා දුෂ්කර මෙහෙවරක යෙදුණු මේ කදිම නිර්මාණකරුවා මේ දිනවල ‘මහපොළොව’ සමඟ මානුෂීය වූත්, සංවේදී වූත් ගැටුමකට මුහුණ දෙමින් සිටින්නේය. සිනමාවට ඉමහත් වූ අසිරියක් වීමට නියමිතව තිබෙන ‘රන් කොල්ලා’ ඔහුගේ තවත් එක් ආශ්වාදනීය වූ කලාත්මක නිර්මාණයකි. සුමිත් සමඟ කතා කරන්නට බොහෝ දේ ඇත. ඒ.., ඔහු පලකට ඇති දෑ කතාබහ කරන නිසාය. එය එසේ වී නම්, අප මැදිවෙමු… මේ අපූරු නිර්මාණකරුවා සමඟ අලංකෘත වූ දොඩමලුවකට..,

🔴 ආරංචියෙ හැටියට නම් සුමිත්.., මේ දිනවල ඔබ ‘මහපොළොව’සමඟ ගැටෙනවා..?
ඔව්… ගැටීම ආරම්භ වී හමාරයි.
🔴 කොහොමද සුමිත් ඒ ආරම්භය?
ආරම්භය, හිතන විදියට සාර්ථකයි. නිවෙස්වල ආලින්දය පුරා ‘මහපොළොව’ ගැන කතාබහ කරන්නට පටන්ගෙන තිබෙනවා.
🔴 ‘ලක්‍ෂ්මන් මෙන්ඩිස්’ ‘මව්රට’ට වරක් කියා තිබුණා, ‘කබරා’ වෙනුවෙන් ඔබ ඔහුව කදිමට මෙහෙයවූවා කියා?
ලක්‍ෂ්මන් මෙන්ඩිස් කියන්නේ දශක කිහිපයකට පෙර ‘කඩුල්ල’ තුළින් තම ප්‍රතිභාව පෙන්වූ අයෙක්.., මම හිතන්නේ ‘කබරා’ වෙනුවෙන් ඔහුව මෙහෙය වීම මට ලොකු ගැටලුවක් වුණේ නැහැ. ලක්‍ෂ්මන් මෙන්ඩිස් විතරක් නෙවෙයි.., මහපොළොවට පය තැබූ සෑම රංගන ශිල්පියෙක්ම තම තමන්ගේ කාර්යභාරය ඉතා මැනවින් ඉටු කළා.
🔴 එය ඔබේ හපන්කම නෙවෙයිද සුමිත්?
මෙහෙමයි… රංගනය යන විෂය තුළ සෑම අයකුටම ආවේණික වූ යම් ප්‍රතිභාවක් ඔවුන්ගේ සිරුර තුළ සැඟව තිබෙනවා. හොඳ නිර්මාණයකට දායක වූ විටෙක එකී අධ්‍යක්‍ෂවරයාගේ උකුසු කලා ඇසට ඒ සැඟවීම නිරාවරණය වෙනවා. එම නිරාවරණය වීම තුළ තමයි අර කී නිර්මාණකරුවා රංගවේදියාව මෙහෙය වන්නේ. සුමිත් රත්නායක ලෙස මම මං ගැන මෙහෙම කියන්නම්, මම මහලොකු මිනිහෙක් නෙවෙයි. මා ගැන මම ලොකු පම්පෝරි ගහන්නෙත් නැහැ. හැබැයි කලාවට කැපවුණු, කලාව වෙනුවෙන්ම උපන් කෙනෙක් වූ මම මගේ නිර්මාණයන් සඳහා දායක වන්නන්ව ලෙහෙසියෙන් අතහරින්නේ නැහැ. සරලව කියනවා නම් මම ඔවුන්ගේ නිර්මාණ හැකියාව තුළින් මට ගන්නට පුළුවන් උපරිමය බලෙන් හෝ ගන්නවා.
🔴 ‘මහපොළොව’ රූගත කිරීම් තුළදී ජංගම දුරකතන භාවිතය තහනම් කළා කියන්නෙ ඇත්තක්ද?
‘මහපොළොව’ නෙවෙයි, මගේ මෙහෙය වීම තුළ අධ්‍යක්‍ෂණය වන ඕනෑම නිර්මාණයකදී සෙට් එක තුළ දුරකතන භාවිතය තහනම්. සෙල්ෆි ගැනීම, නරක විහිළු-තහළු තහනම්. යම් නිර්මාණයකදී මා සතු දර්ශනය තලය ඉතාම කලාත්මක විය යුතුයි. ඒ ඒ රංගනවේදීන් තම තමන්ගේ තිරපිටපත සමඟ දැහැන්ගත විය යුතුයි. නිර්මාණයක් කරන විට මට හැඟෙන්නේ, මම ශාන්ති කර්මයක් තුළ ඉන්නවා වාගෙයි… එය ඒ තරමටම මට පූජනීයයි. අන්න ඒ පූජනීය බව රකින්න අවශ්‍ය විනය මම රංගන ශිල්පීන්ගෙන්ද බලාපොරොත්තු වෙනවා.
🔴 ඔවුන් ඔබේ හැඟීම්බර තහනමට අවනත වුණාද?
ඔව්… ‘මද්දහන’ වගේම ‘මහපොළොව’ තුළදී ද ඔවුන් ඉතා සුහදව මට අවනත වුණා. නවකයන් හෝ ප්‍රවීණයන් කියන භේදය එතැන තිබුණේ නැහැ. එය මට විශාල නිදහසක් වුණා. නම සඳහන් කළාට කිසිවකු වරදවා හිතන එකක් නැහැ.., ලක්‍ෂ්මන් මෙන්ඩිස් කියන ප්‍රවීණ රංගනවේදියා ‘මහපොළොව’ දර්ශන තලය තුළදී තමන්ගේ පිටපතෙන් ඇස් හෝ තම අවධානය අහකට ගන්නා මොහොතක් මම දැක්කේ නැති තරමයි.
🔴 ‘මද්දහන’ තුළදී ඔබ විසින් ඔබටත් ඒ තහනම දැමුවාද?
අනෙක් රංගවේදීනට වඩා තදින් මම ඒ නීති පද්ධතිය තුළ මාව මෙහෙයවූවා.
🔴 ඔබ ඔබවම අධ්‍යක්‍ෂණය කරන මෙහෙවර ‘මද්දහන’දී නිර්මාණය කළේ කොහොමද සුමිත්?
හොඳ නිර්මාණකරුවකුට එය මහ ලොකු දෙයකැයි මම සිතන්නේ නැහැ. මොකද මීට පළමුව මට වඩා බොහෝ ප්‍රවීණයන් අධ්‍යක්‍ෂණය තුළ තමතමාව කදිමට මෙහෙයවූ අවස්ථා ඕනෑ තරම්.
🔴 ‘මද්දහන’ ඔබේ පළමු අධ්‍යක්‍ෂණය. සම්මානනීය වන තරමට ඔබව මෙහෙයවීම ‘මැජික්’ එකක් නෙවෙයිද?
මැජික් එකක් කෙසේ වෙතත් භාවනාවක් තරමට සංයමයකින් නම් මම මාව මෙහෙය වූවා කියා නම් මට කිව හැකියි. ඇත්තෙන්ම සුමිත් රත්නායක නම් අධ්‍යක්‍ෂවරයා තමා තුළ සිටි සුමිත් රත්නායක නම් රංගවේදියාව මෙහෙයවන ආකාරය ඔවුන් අතර තුන්වැන්නෙක් වූ මම පසෙකට වී බලා සිටියා. ඔබට කියන්නට එය වචනවලින් මෙහෙමයි කියා පහදන්නට බැරි වින්දනීය සංසිද්ධියක්.
🔴 ඒ වින්දනය තුළ ඔබ සාර්ථක වූ නිසාද හොඳම නළුවා සහ අධ්‍යක්‍ෂණය යන සම්මාන දෙකම ගත්තේ?
මම හිතන්නේ එහෙම වෙන්න ඇති.
🔴 ශාන්ති දිසානායකගේ කෘති පමණක්ම තෝරාගන්නේ ‘මද්දහන’ සාර්ථක වූ නිසාද?
නැහැ.., හේතුව වෙනත් කාරණයක්… මම ගමක කෙනෙක්… මගේ ගම අනුරාධපුර – තඹුත්තේගමයි. නගරයට ආවට, නගරයක හිටියට මම තවමත් ගම තුළ දවස ගෙවනවා. එහි ඇවිදිනවා. ඒ ගහකොළට, ඇලදොළට මම හරිම ළැදියි. මෙය අතීතකාමයට සම්බන්ධ කාරණයක් කියා වරදවා සිතන්නට එපා. මම හිතන්නේ ගමේකම කියන්නේ එයයි. ඉතින් මා තුළ බින්නබැස තිබෙන ඒ ගමේකම මම දුටුවේ ශාන්ති දිසානායකගේ අලංකාර අකුරුකරණය තුළයි. ඒ නිසා මම ඇගේ කෘතිවලට අතිශයින්ම ප්‍රිය කරනවා. අනෙක් කාරණය, ශාන්ති අක්කා මට පොතක් දෙන්නේ ඒ පොත ගැන ඈ සතු අයිතිය ආයුධයක් කරගෙන නෙවෙයි. කවදාවත් ඈ මගේ නිර්මාණකරණයට ඇඟිලි ගැසුවේ නැහැ. සාර්ථක නිර්මාණශීලී මෙහෙවරක් සඳහා එය මට විශාල සැහැල්ලුවක්.
🔴 තිරපිටපත ලියන විට ඔබ ඇගේ කෘති වෙනස් කරන්නට උත්සාහ කරනවද?
කවදාවත් නැහැ, හැබැයි කෘතියෙහි අනන්‍යතාවයට හානි නොවන ආකාරයට මගේ කලාකාමී හැඟීම් තුළින් එයට රසවත් අනුපාන එකතු කරනවා.
🔴 ශාන්ති දිසානායක ඒ රසවත් අනුපානයට විරුද්ධ වන අවස්ථා නැතිද?
කවදාවත් එවැන්නක් සිදුවී නැහැ. ශාන්ති අක්කා මා ගැන තබා ඇති විශ්වාසය පලුදු වීමට මම ඉඩ තබන්නේද නැහැ.
🔴 ‘රන් කොල්ලා’ ගැන කතා නොකළොත් අඩුවක් නේද සුමිත්?
ඔව්.., අපි ඒ ගැන කතා කරමු. ශාන්ති දිසානායකගේම කෘතියකට අනුව මා ‘මද්දහන’ට පසුව කළ නිර්මාණය ‘රන් කොල්ලා.’ ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තය තුළ තිබෙන සෝදාපාළුව සහ මාෆියාව නිසා ‘රන් කොල්ලා’ නියමිත කලට තිරගත කරන්නට හැකියාව ලැබුණේ නැහැ.
🔴 දේශපාලන මැදහත්වීමක්ද සුමිත් ඔය කියන්නේ?
දේශපාලන මැදහත්වීමකට වඩා එය නරකයි. මම හිතන්නේ අපි වාගේ නිර්මාණකරුවනට ඉදිරියට එන්නට තිබෙන ඉඩකඩ මදිය කියලයි. ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තය තුළ විවිධ පුද්ගලයන්ගේ අත යටින් සිදුවන ගනුදෙනු මත සිදුවන අක්‍රමිකතා ගැනයි මම මේ කියන්නේ. දේශපාලන මැදිහත්වීම්වලට වඩා එය දරුණුයි… කියා කීවේ ඒ නිසයි. මං හිතන්නේ සිනමා කර්මාන්තයට හිස ඔසවන්නට බැරි එක් හේතුවක් වන්නේ ඔය මාෆියාවයි.
🔴 2021 අවුරුද්දේවත් ‘රන් කොල්ලා’ සිනමාව තරණය කරයිද සුමිත්?
චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති ජයන්ත ධර්මදාස මහතා ඒ සඳහා අවශ්‍ය සියලුම විධිවිධාන සලස්වාදී අවසානයි. දැන් නම් ‘රන් කොල්ලා’ බලා සිටින්නේ, කොරෝනා උවදුර තරමක් හෝ සමථයකට පත්වන තුරුයි.
🔴 ජයලත් මනෝරත්න මහතා ‘රන් කොල්ලා’ හි අතිවිශිෂ්ට රංගනයක යෙදුණා?
සත්තකින්ම ඔහුව සිහි නොකළොත් එය ‘අපරාධයකට’ සමානයි. ඔහු වැනි අති විශිෂ්ට රංගවේදියකු මෙහෙයවීම මට මහා ගෞරවයක් වුණා. ඔහු බලා සිටියා ඉතාම බලාපොරොත්තු සහගතව ‘රන් කොල්ලා’ තිරගත වනතුරු… ඒත් අවාසනාවකට එය ඔහුට මගහැරුණා. නමුත්… මාධ්‍ය දර්ශනයක් සඳහා ‘රන් කොල්ලා’ ප්‍රදර්ශනය කරන විට ජයලත් මනෝරත්න මහතාට එය නැරැඹීමේ වාසනාව උදාවුණා.
🔴 ඔහු ඔබව අගය කළ බව නිසැකයි?
ඇත්තෙන්ම නොසිතූ ලෙස ඉතාම නිහතමානීව ඔහු ‘රන් කොල්ලා’ අගය කළා.
🔴 තව යමක් තියෙනවද මේ කතාබහ තුළ ඔබට මඟහැරුණු?
‘මහපොළොව’ සඳහා මට අතහිත දුන් ‘සෙරනිට්’ ආයතනය ගැන වචනයක් කිව යුතුමයි. මගේ නිර්මාණ කාර්යය සඳහා ඉතාම නිර්ලෝභීව අතහිත දුන්, කිසිදු බලපෑමකින් තොරව නිදහසේ ‘මහපොළොව’ නිර්මාණය කරන්නට සහාය දුන් ‘සෙරනිට් පියසට මම මගේ ගෞරවනීය ස්තුතිය පුදදෙනවා. ‘සෙරනිට් පියස’ මට අතහිත නොදුන්නා නම් කවදාත් ‘මහපොළොව’ බිහි නොවන බව විශ්වාසයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අතක් බලලා ජීවිත කතාව කියන්නේ කොහොමද

Next Post

‘‘Park & Ride’’ නාගරික බස් සේවාව SLT-MOBITEL සබඳතා බලගැන්වෙයි

MORE NEWS

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News
Heart

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.