අද වන විට මෙරට තුළ කොරෝනා පාලනය ගිලිහී අවසන් බවත්, කොරෝනා පාලනය යනු දැන් අතිශය අභියෝගාත්මක තත්ත්වයක් බවත්, රජයට මෙය පාලනය කර ගැනීමට අපහසු බවත් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
කොරෝනා ආසාදිත වි ඉන් සුවවීමෙන් පසු මුල් වරට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ අන්තර්ජාල නාලිකාවක පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.
තම ඉල්ලීම නම් දැන් කොරෝනා ආසාදිතයන් නිවෙස්වලම නිරෝධායනයට ඉඩ සැලැස්වීම බවද ඔහු පැවසීය.
කොරෝනා සුවපත් වීම සදහා තමන් කිසිවකුගේ පැණියක් නොබිවු බව පැවසූ ඔහු තමන් වෙනුවෙන් ගෙන එන ලද පැණි ගෙදර ගේට්ටුවෙ එල්ලන යැයි පැවසූ බවද සඳහන් කළේය.









