• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

තල් වැට පැන පහන් වැට ළග නැවතුණ කිරුබාකරන්: ලක්ෂ ගණන් වියදම් කර බුදුපිළිම-චෛත්‍ය හදලා

January 19, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
තල් වැට පැන පහන් වැට ළග නැවතුණ කිරුබාකරන්: ලක්ෂ ගණන් වියදම් කර බුදුපිළිම-චෛත්‍ය හදලා
Share on WhatsAppShare on Facebook

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයකු රුපියල් ලක්‍ෂ 40ක වියදමින් බෞද්ධ විහාරස්ථානයක චෛත්‍යයක් හදන්න බාර අරන්. මේ කතාව ඇහුවාම පොඩි අමුත්තක් දැනෙන්න ඇති. මෙය පසුගිය දින කිහිපයේ අන්තර්ජාලයේ උණුසුම් ලෙස හුවමාරු වෙන්නත් ඒකම හේතුවත් වෙන්න ඇති. හැබැයි මේ කතාව බොරුවක් නෙවේ ඇත්තක්. මේ සිදුවීම අපට වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් වැලිඔය ශ්‍රී දේවගිරි විහාරස්ථානයෙන්. එම විහාරස්ථානයට විශාල අඩුවක්ව පැවැති චෛත්‍යයක් ඉදිකර දීමට ඉදිරිපත් වෙලා තියෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත්ව හමුදාවට බාර වීමෙන් පසුව පුනරුත්ථාපනය වී මේ වන විට කොන්ත්‍රාත්කරුවකු ලෙස ව්‍යාපාරික කටයුතු කරන්නෙකි. හෙතෙම සිය ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්‍ෂ 40ක් වියදම් කර දේවගිරි විහාරස්ථානයට චෛත්‍ය ඉදිරකර දීමේ වගකීම බාරගෙන තිබේ.
උපතින්ම හින්දු භක්තිකයකු වන කිරුබාකරන් බෞද්ධ පොතපත කියැවීමෙන් හා භික්‍ෂුන් වහන්සේලාගෙන් ලබාගත් දැනුමෙන් බෞද්ධ ආගම කෙරෙහි ආශාවක් ඇතිකර ගෙන තිබේ. එතැන් පටන් බෞද්ධාගම වැළඳගන්නා කිරුබාකරන් දානමාන, පුණ්‍යකර්මවලට ඉදිරිපත්ව ඇත්තේ දැඩි කැමැත්තෙනි.

සටන්බිමේදී පාදයක් අහිමි වූ ඔහු මේ වන විට සිය ධන පරිත්‍යාගයෙන් කර ඇති පින්කම් රාශියකි. ඒ අතර, වැලිඔය නයාරු ගුරුකන්ද විහාරස්ථානයේ ලක්‍ෂ හයහමාරක වියදමින් කළ බුද්ධ ප්‍රතිමාව තවත් විශේෂ පුණ්‍යකර්මයකි.
වරක් අනුරාධපුර රුවන්මැලි සෑරදුන් වන්දනා කරන්නට පැමිණි කිරුබාකරන්ට බෞද්ධ පොතපත කියැවීමේ ආශාවක් සහ පෙළඹවීමක් ඇති වී තිබෙන අතර, එතැන් පටන් සිය කැමැත්ත අත්නොහළ ඔහු බෞද්ධාගම පිළිබඳව බොහෝ දේ දැනඉගෙන ගත් බව පැවැසේ. මේ වන විට 38 හැවිරිදි කිරුබාකරන් දෙදරු පියෙකි. ඔහු සිය කතාව මාධ්‍යයට හෙළිකළේ මෙලෙසිනි.

මගේ අම්මයි, තාත්තයි දෙන්නම ජීවතුන් අතර ඉන්නවා. තාත්තා රත්තරන් බඩු නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගියා. ඒ නිසා අපට හොඳට සල්ලි තිබුණා. අයියා කෙනෙක්, නංගිලා දෙන්නෙක් හා මල්ලි කෙනෙක් මට ඉන්නවා. මම පවුලේ දෙවැනියා. එක නංගී කෙනෙක් යුද්ධය කාලේ මියගියා.

මම ඉගෙන ගත්තේ මුලතිව් විද්‍යානන්ද මහා විද්‍යාලයෙන්. එල්.ටී.ටී.ඊ. සංවිධානය ඒ කාලයේ එක පවුලකින් කෙනෙක් සංවිධානයට බැඳිය යුතු බවට නියෝගයක් පනවා තිබුණා. එහෙම නැත්නම් ගෙදරට ඇවිත් හරි බලහත්කාරයෙන් පැහැරගෙන යනවා. ඒ අනුව එම නියෝගයට අවනත වෙමින් මම එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳුණා. මම 10 වැනි වසර දක්වා පමණක් ඉගෙනගෙන තිබෙනවා. 2006 වසරේ මම කොටි සංවිධානයට බැඳුණා. එතකොට මගේ වයස අවුරුදු 23ක් වෙනවා. ගරිල්ලා සටන් ක්‍රම පිළිබඳව මාස 3ක පුහුණුවක් ලැබුවා. කොටි සංවිධානයේ මගේ ලියාපදිංචි අංකය 563. සංවිධානය මට ‘කාර්මුගිලන්’ කියන නම ලබා දුන්නා.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ එවකට සිටි ප්‍රධාන පෙළේ නායකයකු වන කර්නල් තීපන් යටතේ ඔහුගේ සන්නද්ධ බළකායේ සේවය කළා. කොටි සෙබළෙක් විදිහට බැඳුණු මම පසුකාලයක කපිතාන් තනතුරට උසස් කළා.
මුහමාලේ ඉදිරි ආරක්‍ෂක වළල්ලේ හමුදාවක් එක්ක සටන් කිරීමට ගොස් එක් කකුලකට වෙඩි වැදී බරපතළ තුවාල වුණා. ඉන්පසු කොටි සංවිධානයේ වෛද්‍යවරු ශල්‍යකර්මයකින් එම වෙඩි වැදුණු කකුල දණ හිස පහළින් කපා ඉවත් කළා.

මාස හතරක් තිස්සේ වෛද්‍ය ප්‍රතිකාර ලබා සුවය ලැබූ පසු ඉදිරිපෙළ කොටි සටන්කරුවන්ට කෑම – බීම සැපැයීමට මාව යෙදෙව්වා.

වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ අවසන් සටන් පැවැති වකවානුවේ එනම් 2009 වසරේ අප්‍රේල් මාසයේ 05 වැනිදා කොටි අඩවියෙන් පැන ඇවිත් යුද හමුදාවට බාර වුණා. මාත් එක්ක එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් දහදෙනකු පමණ සාමාන්‍ය ජනතාව අතරේ සැඟවී එදා හමුදා පාලන ප්‍රදේශයට කොටි වෙඩි වරුසා මැද්දේ පැන ආවා.
අපි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉදිරිපෙළ සටන්කරුවන් වුවත්, යුද හමුදාව අපිට කිසිම කරදරයක්, හිරිහැරයක් කළේ නැහැ. ඒ ගැන විශේෂයෙන්ම කියන්න ඕනෑ. යුද හමුදාව අපිට හොඳට සැලකුවා. පසුව පුනරුත්ථාපනයට යැව්වා. මම එහිදී හොඳට සිංහල කතා කරන්න ඉගෙන ගත්තා.

අපි එල්.ටී.ටී.ඊ. එකට බැඳුණට පස්සේ නායකයන් ඉගැන්නුවේ සිංහල ජාතිය මිනීමරු ජාතියක් කියලයි. එය පට්ටපල් බොරුවක් බව පස්සේ අවබෝධ වුණා. අපේ ජාතියටත් වඩා සිංහල ජාතිය හොඳයි කියා මා බය නැතිව කියනවා.
පස්සෙ කාලෙක මං නයාරු ගුරුකන්ද පන්සලේ මේධාලංකාර කිත්ති හිමියන්ගේ ඇසුරට පත්වුණා. උන්වහන්සේගෙන් බණ දහම් ගැන අවබෝධයක් ලබාගත්තා. දෙමළ භාෂාවෙන් ලියැවුණු බෞද්ධාගමික පොතපත කියවා දැනුම තවදුරටත් වැඩිදියුණු කරගත්තා. දවසක් මම අනුරාධපුර රුවන්මැලිසෑය වඳින්න ගියා. ඒ වෙලාවේ තමා බුදුදහම ඉගෙන ගන්න ඕනෑ කියා මුලින්ම අදහසක් පහළ වුණේ. මේධාලංකාර හිමියන් මේ වෙනකොට අපවත් වෙලා. මේධාලංකාර හිමියන්ගේ දේහය පන්සලට ගේන්න ඉඩ දෙන්න බැහැ කියා දෙමළ අන්තවාදීන් පිරිසක් කලහකාරී ලෙස හැසිරුණා. මේධාලංකාර නාහිමියන්ට කරන ගෞරවයක් වශයෙන් මම ලක්‍ෂ 6 1/2ක් විතර වියදම් කරලා බුදුපිළිමයක් පන්සලේ හැදුවා. ජල පහසුකම් ලබාදුන්නා.

වැලිඔය ශ්‍රී දේවගිරි රජමහා විහාරස්ථානයට කාලයක් තිස්සේ ලොකු අඩුපාඩුවක්ව පැවැති චෛත්‍යයක් ඉදිකිරීමේ වැඩ මේ වෙනකොට ආරම්භ කර තිබෙනවා. චෛත්‍යයේ ඉදිකිරීම්වලට ලක්‍ෂ 40ක් විතර වැයවන බවට ගණන් බලා තිබෙනවා.

රුවන්මැලි මහසෑය පිහිටි ස්ථානයේ 2019 වසරේ ලක්‍ෂ 3 1/2ක් විතර වියදම් කර පිඩලි ඇල්ලුවා.
මම කාලයක ඉඳලා සෑම පොහොයකටම අනුරාධපුරයට ගිහින් රුවන්මැලි මහාසෑය වන්දනා කරන්න අමතක කරන්නේ නැහැ. මම ඉපදුණේ 1982 වසරේ සැප්තැම්බර් මාසයේ 18 වැනිදා. පසුගිය වසරේ මගේ උපන් දිනය දවසේ අටපිරිකර 150ක් රුවන්මැලි සෑයට පූජා කළා.

ප්‍රභාකරන් හමුදාවෙන් වෙඩි කා මියගිය බව අසා මා ලොකු සතුටකට පත්වුණා. මේ කිව්වේ ඇත්තමයි. අද අපි කවුරුත් නිදහසේ ජීවත් වෙනවා. ඒ නිදහස සෑම ජාතිකයකුටම අත්කර දුන් මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ලාට සමස්ත ජාතියේම ප්‍රණාමය හා ගෞරවය හිමිවෙනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉදිරි පෙළ සටන්කරුවන් වුණත් අපිට ජීවිත දානය ලැබුණේ එතුමන්ලා නිසා.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

‘පැණි ධම්මික’ දොස්තර කෙනෙකුට වට කරගෙන ගහලා: කෑගල්ල පොලිසියෙන් පරීක්ෂණ අරඹයි

Next Post

අගමැති පාර්ලිමේන්තු ඇවිත් නෑ

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.