භාෂණයේ නිදහස වෙනුවෙන් සාමකාමී උද්ඝෝෂණයක් සමගි ජන බලවේගය විසින් නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ (13) අද දින පැවැත්විය.
ජනාධිපතිවරයා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ නම සදහන් කරමින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශ එක්තරා ආකාරයකින් භාෂණයේ නිදහස අහිමි කරීමක් බව එහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී මෙසේ අදහස් දැක්විය .
ශ්‍රී ලාංකාව ස්වරී ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ජන සමාජයේ වාද විවාද, විවිධ අදහස් තිබිය හැකියි.ඒත් සියළුම පුරවැසියන්ට භාෂණයේ අයිතිය, මත ඉදිරිපත් කිරීමේ අයිතිය, අදහස් දැක්වීමේ අයිතිය තියෙනවා. එය මහජන නියෝජිතයන්ට පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් සිදුකර හැකියි. කෙතරම් බලවතෙකුට උනත් එය කෙලෙසන්නට බැහැ.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ස්වකීය අදහස් ඕනෑම ආකාරයකට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. එසේ කළාම කව්රු හෝ එයට තර්ජන ගර්ජන එනවානම් එය තරයේ හෙලා දකිනවා. පුරවැසියෙකුගේ කථා කිරීමේ අයිතිය නැතිවෙනවානම් සමගි ජන බලවේග අපි ඊට එරෙහිව සටන් කරනවා. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට කළ තර්ජනය නිසා එතුමාගේ ආරක්ෂාව ගැන ගැටලු මතුවෙනවා. මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට අපි පක්ෂයක් විදියට, බලවේගයක් විදියට එකට හිටගන්නවා. ඒ විතරක් නොව, සමගි ජන බලවේගය සහෝදරත්වයෙන් එකමුතුව පෙනී සිටිනවා .
හරීන් ප්‍රනාන්දු යනු දීප්තිමත් අනාගතයක් ඇති ප්‍රගතිශීලී නායකයෙක්. දැක්මක් ඇති මන්ත්‍රීවරයෙක්. එතුමාගේ ජීවිතයට යම් හානියක් සිදුවුනොත් රජය වග කිය යුතුයි .ආණ්ඩුවේ යම්යම් මන්ත්‍රීවරුන් එයට විහිළු සහගත ආකාරයට ප්‍රකාශ ඉදිරිපත් කරනවා. ඒ අයගේ ආරක්ෂාව වැඩි ඇති. ඕනම චෝදනාවක් විද දරාගැනීමේ ශක්තියක් නායකයෙකු තුල තිබිය යුතුයි. භාෂණයේ නිදහස කෙලෙසන්නට කිසිම ආකාරයට ඉඩ ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් පක්ෂයක් විදියට අපි නිරන්තරයෙන් කැප වෙනවා.
ඒ වගේම, මානවහිතවාදී රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා ගැනත් කියන්න ඕන. සමහරු එතුමට අපේක්ෂත්වය නොදෙන මොහොතක මම එය ලබාදුන්නා. එතුමාට ආපු සෑම අභියෝගයකදීන අපි එතුමා වෙනුවෙන් පෙනී සිටියා. මොන ආකාරයටත් අධිකරණ තීන්දු ගැන පිට කතා නොකර යුතුයි .
ඔහුගේ මන්ත්‍රීධූරය ආරක්ෂා කිරීමට අපි නීති මාර්ගයෙන් කටයුතු කරනවා. රන්ජන් රාමනායක යනු ජනතාව ආදරය කරන මානව හිතවාදී අයෙක්.











