• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2020 මීයාගෙන් විනාස වුණු ලෝකය 2021දී ගොනාගෙන් ගොඩ යයිද?

January 12, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
2020 මීයාගෙන් විනාස වුණු ලෝකය 2021දී ගොනාගෙන් ගොඩ යයිද?
Share on WhatsAppShare on Facebook

‘කකා කුරුම්බා ගෙඩි බිම දමන එකා,
විකා උගේ ඇට, නහර, මස්, ලේ උරා කකා,
යකුනේ මහ සොහොන්, දිවි හරිනු උගේ මකා’

අපි එදිනෙදා අහන කවියක හතර පදයක් තිබෙනවා.
ඒත් මොකක්ද මේ අත්භූත, බියකරු තුන්පදයක කවිය. මස්කන, ලේ උරා බොන මේ කවිය කියන්නේ කා වෙනුවෙන්ද? මේක එසේ මෙසේ පැබැඳුමක් නොවෙයි. මේක භයංකාර වස් කවියක්. සෙත්කවිය, ශාන්තිය උදෙසාත්, වස් කවිය පළිගැනීම උදෙසාත් කියනවා. එසේ නම් මේ වස් කවිය කා වෙනුවෙන් කිව්වේද යන්න සොයන්නට ප්‍රථම එය කිව්වේ (ගායනා කළේ) කවුදැයි සොයා බලමු. මෙය සත්‍ය සිදුවීමක් ලෙසයි අපේ ඉතිහාසයේ පෙන්වා දෙන්නේ.
එනම්, මෙය ප්‍රකාශ කර තිබෙන්නේ ප්‍රකට හිමිනමක් වන කුංකුණාවේ සුමංගල හිමියන් විසිනි. ‘කුංකුණාවේ හාමුදුරුවෝ’ යැයි කෙටි වදනින් ඉතිහාසයේදී ප්‍රකට උන්වහන්සේ, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ නාහිමියන්ගේ ගෝල හිමිනමක් ලෙසටද ප්‍රකටයි. මෙය සැබෑ ලෙසම රසවත් වගතුගකි.

කුංකුණාවේ හාමුදුරුවන් එකල සෙත්කවි කීමට මෙන්ම බලගතු වස්කවි කීමටත් ප්‍රකට හිමිනමකි. එක් කාලයක් පුරාම උන්වහන්සේ වැඩවසන පන්සල් භූමියේ ඇති පොල්ගස්වල තිබෙන පොල්ගෙඩි, කුරුම්බා කාලයේදීම දැඩි ලෙස විනාශ කර දමා ඇත්තේ මීයන් විසිනි. මීයන් වසංගතයක් මෙන් බෝවී පොල්ගස් විනාශ කළ අතර, කිසිදු පොල් ගෙඩියක් ආහාරයට ගැනීමට නනොහැකි විය. මෙම විනාශයට නොයෙකුත් ප්‍රතිකර්ම කළත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැත. අවසානයේදී කුංකුණාවේ හාමුදුරුවන් තීරණය කළේ මෙම මී වසංගතයට හොඳම බෙහෙත ‘වස්කවි’ කීම බැව්ය. විවිධ අසත්පුරුෂ මිනිසුන් උදෙසා උන්වහන්සේ වස්කවි ගොතා ඇතත්, සතෙකුට වස් කවියක් ගෙතූ ප්‍රථම අවස්ථාව මෙය විය. මෙම සතුන් එතරම්ම මහා කරදරයක් වී තිබිණි.

කරන්නට වෙනත් ප්‍රතිකර්මයක් නොමැති හෙයින් තමා එසේ කරන්නේ යැයි කුංකුණාවේ හාමුදුරුවෝ පැවැසූහ. කෙසේ හෝ උන්වහන්සේ වස්කවි හතරක් ගොතා සවස් යාමයේදී කියන්නට ගත්තේය. සිදුවූයේ දෙනෙත් අදහාගත නොහැකි පුදුමයකි. කුරුම්බා විනාශ කරමින් ගස් මත සිටි මීයන් එකින්, එකා මැරි මැරී බිම වැටෙන්නට විය. මහසෝන් යක්‍ෂයාගේ බලය හරහා ගෙතූ වස්කවි ඉතාමත්ම බලවත් විය. ගතවූයේ දින දෙක තුනක් පමණි. මී වසංගතය සහමුලින්ම දුරුවිය. පන්සලේ සිටි අනෙකුත් හිමිවරුන්, දායකයනුත් තුෂ්ණිම්භූතව මෙම සිදුවීම් බලා සිටියේය.

කුංකුණාවේ හාමුදුරුවන් සහ මීයන්ගේ එම කතාව ඔබට ලියා තැබුවේ, තවත් අපූරු මීයන්ගේ කතාවක් ලියා තබන්නට පෙරය. එය නම් අද නූතන ලෝකයෙන් අසන්නට ලැබෙන ‘චීනයේ සහ මීයාගේ’ කතාවයි. මේ දිනවල බොහෝ විදෙස් පුවත් හරහා අසන්නට ලැබෙන ‘චීනය සහ මීයා’ වගතුගෙන් කියැවෙන්නේ කුමක්ද? එය නම් පසුගිය අවසන් වූ 2020 වසර යනු මීයාගේ වසර ලෙස චීනය විසින් සැලකීමයි. මෙය චීන ජ්‍යොතිෂවේදයේ ඇති සාම්ප්‍රදායික මතයක් වන අතර, එක දිගට වසර 12ක් සත්වයන් වර්ග 12කට අනුව නම් කෙරෙයි. එම ක්‍රමවේදය මුලින්ම ආරම්භ වන්නේ මීයාගෙන් වන අතර, ඒ අනුව පසුගිය 2020 වසර මීයාගේ වර්ෂය ලෙස නම් කෙරී තිබිණි. එනම් එයට වසර 12කට පෙර මීයාගේ වසර තිබුණේ 2008 වසරේදීය. තවත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම් නැවැත මීයාගේ වසර එළැඹෙන්නේ 2032 වසරේදීය. ලෝකයේ අනෙක් රටවලට වඩා චීනයේ සාම්ප්‍රදායික දින දසුන් ක්‍රමවේදය බොහෝ වෙනස්ය. ලෝකයේ පොදු දින දසුන්වලට අනුව ඔවුන්ගේ සමහර නිල රාජකාරි ඉටුකළත්, චීන ජනතාව තමන්ගේ චීන දින දසුනටද අනුව කටයුතු කරති. එනම් චීන ජ්‍යොතිෂවේදයට අනුව චීනයට ‘මීයාගේ වසර’ ලැබුවේ පසුගිය 2020 ජනවාරි 15 වැනිදාය. මෙම ‘මීයාගේ වසර’ අවසන් වන්නේ 2021 පෙබරවාරි 11 වැනිදාය. ඉන්පසුව 2021 පෙබරවාරි 12 වැනිදා සිට චීනයේ නව වසර උදාවන අතර, මීයාගේ වසර ගෙවී නිමවෙයි. එම නව වසර වෙනත් සතෙකුගේ නමින් නම් කෙරෙයි. එසේ නම් චීනයේ තවම ගෙවෙන්නේ මීයාගේ වසර වන අතර, හරියටම තවත් මාසයකින් මීයාගේ වසරට තිත තැබෙයි. දැන් ඔබට අවබෝධ වන්නේ කුමක්ද? එය පැහැදිලි, ප්‍රත්‍යක්‍ෂ කරුණක් නොවේද?

පසුගිය 2020 වසර යනු කොරෝනා වසංගතයේ කූටප්‍රාප්තියේ වසරයි. එනම් ලොව මිනිසුන් මිලියන ගණන් බිලිගත් මෙම මාරක වසංගතය ලොවට දායාද කළේ චීනය තුළින් වන අතර, එය ‘චීනයේ මීයාගේ වසර’ තුළින්ම දායාද වීම සුවිශේෂිත්වයකි. කුංකුණාවේ හාමුදුරුවෝ මීයන්ට වස්කවි කිව්වා මෙන්, මීයා යන සත්වයාගෙන් මිනිසාට ලබාගත හැකි කිසිදු යහපතක් නැත. එසේ නම් ලෝකයටම කොරෝනා දුන්නේ මෙම ‘චීන මීයා’ විසින්ද? මීයා යනු සැබෑ ලෙසම අති විනාශකාරී එමෙන්ම අති භයංකර රෝගාබාධයන්ද පතුරුවන සතෙකි. මීයන් නිසා ලොව උද්ගතවූ ඉතාමත් උග්‍ර, මාරක වසංගත රැසක් ඇත. මෙම මාරක වසංගත රැසක්ම බිහිකිරීමට තෝතැන්න වුණේද චීනය බැව් ලෝක ඉතිහාසය සාක්‍ෂි දරයි. එම කාලයේදී චීනයට පැමිණි නැව්වලට නැඟුණු මීයෝ ලක්‍ෂ ගණන් වෙනත් රටවලට ගොස් රෝග පැතිරවූ ආකාරය ඉතිහාසය කියයි.

තත්ත්වය එසේ වුවද පසුගිය 2020 මීයාගේ වසර ලබන විටදී චීන ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ කියා ඇත්තේ ඉතාමත්ම අපූරු කියමන් කිහිපයකි.

‘මීයාගේ වසරේදී ඔබට සත්‍ය ආදරය හිමිවනු ඇතිය. ඔබට මිල – මුදල් වැඩියෙන් ලැබෙනු ඇතිය. 2020 මීයාගේ වසරේදී ඔබගේ බලාපොරොත්තු සඵල වුවත්, ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යම් තීව්‍ර අභියෝගකාරී තත්ත්වයකට පත්වනු ඇතිය. එනම් මීයාගේ වසරේ මුල් භාගයේදී කිසිදු අනාවැකියක් පැවැසීමට නොහැකි තත්ත්වයකට මුහුණ දෙනු ඇතිය. ඍණ ශක්තියක් ඇතිවීම හේතුවෙන් මහා විනාශයක් හා ආපදාවක් සිදුවිය හැකිය. එහෙත් කෙසේ හෝ මීයාගේ වසර තුළදීම මෙම තත්ත්වය ජයගනු ඇතිය.’

2020 වසර ලැබීමට පෙර චීන ජ්‍යොතිෂවේදීන් විසින් පැවැසූ මෙම වගතුග ඉතාමත් සුවිශේෂී එකකි. මේ වන විට එය එසේම සිදුවී ඇත. 2020 වසර තුළදී විනාශකාරී සතෙකු වන මීයා විසින් චීනයත්, මුළු ලෝකයමත් විනාශ කර තිබෙනවාද? එසේම චීනයේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව චීනය මේ වන විට කොරෝනා මාරක වසංගතයෙන් ගැලවී ගොස් ඇති අතර, තවත් රටවල් රැසක් කොරෝනා මරුකටෙහි සිරවී සිටිති. ශ්‍රී ලංකාවද ඉන් ප්‍රධානතම රටක් වෙයි.
කෙසේ හෝ මෙම මීයාගේ හපන්කාරකම් මෙම 2021 පෙබරවාරි 11 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් නිමාවට පත්වෙයි. එසේ නම් පෙබරවාරි 12 වැනිදා සිට චීන නව වසර උදාවෙයි. එවිට එය කාගේ වසරක්ද? චීන ජ්‍යොතිෂයට අනුව මෙම 2021 වසර යනු ‘ගෙනාගේ වසර’ වෙයි.

මොකක්ද මේ චීනාගේ කේන්දරයෙන් කියන ‘ගොනාගේ අවුරුද්ද? චීන ජ්‍යොතිෂයට අනුව මෙම 2021 වසර ඉතාමත් සුබ අවුරුද්දක් ලෙස සඳහන් කරයි. මෙහිදී ගොනාගෙන් අර්ථවත් වන්නේ ශක්තිය සහ බලය වන අතර, ගොනා යනු මිනිසාට ඉතාමත්ම ප්‍රයෝජනවත් වන සත්වයෙකි. කෘෂිකර්මාන්තය, ගැල් ධාවනය, මාංශ කර්මාන්තය, ගොන්පොර වැනි ක්‍රීඩා තරග මෙන්ම, ආගමික සංකේතයක්ද වන ගොනා යනු බොහෝ විට ශක්තිමත් පිරිමි සත්වයෙකි. මෙම ගොනාගේ වසර ගැන චීන ජ්‍යොතිෂය මෙසේ කියා සිටියි.

‘2021 ගෙනාගේ වසර බොහෝ ශක්තිය සහ සෞභාග්‍යය ගෙනදෙන වසරකි. රෝග තත්ත්වයන් බොහෝ විට සමනය කර යහපත් සෞඛ්‍ය උදාකර දෙයි. මිනිසුන් බොහෝ උනන්දුවෙන් තමන්ගේ කටයුතු සිදුකරනු ලබන අතර, එම කටයුතු සාර්ථක වනු ඇතිය.

ජනතාව ආර්ථිකය මෙන්ම රටේ පොදු ආර්ථිකයද සවිශක්තිමත් වනු ඇතිය. ගොනාගේ අවුරුද්දේ මිනිසාගේ ජීවිත සාරවත් කරනු ඇති අතර, සාමය සහ නිදහසද උදාකරදෙනු ඇතිය.’

කෙසේ හෝ මෙයද එක්තරා අතකින් අපූරු කතාවකි. එනම් ගොනාගේ අවුරුද්ද උදාවෙන්නටත් පෙරම චීනය මාරක කොරෝනා වසංගතයෙන් අති සාර්ථකව මිදී මේ වන විට සෞභාග්‍යය ළඟා කරගෙන ඇත. අද මුළු මහත් චීනයෙන්ම දිනකට හමුවන්නේ කොරෝනා රෝගීන් 25 – 30ත් අතර අල්ප ප්‍රමාණයකි. මරණයක් ගැන අසන්නටවත් නැත. එහෙත් මීයන් නැති ගොනාත් නැති ශ්‍රී ලංකාවේ දැනට දිනකට කොරෝනා රෝගීන් 700 – 800 ඉක්මවති.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

බරපතළ වැඩ ඇතිව රන්ජන් අවුරුදු 4ක් හිරේ

Next Post

ඇමැති විමලවීරටත් කොරෝනා: දැන් 4යි

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.