පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව පවතින නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව අද (11) දින මඩකලපුව අධිකරණයට දැනුම් දී ඇත.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීම යන චෝදනාව මත පිල්ලෙයාන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණ.










