සිය පියාණන් වූ රෝහණ විජේවීරයන් සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සදහා ඔහු පුත් උවිදු විජේවීර පසුගිය දිනෙක මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවී සාකච්ජා කොට තිබේ.
ඒ සම්බන්ධයෙන් උවිදු සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.
ඔහු අප කව්රුත් දන්නා මැතිවරණ කොමසාරිස් තුමන්ය. “කොමසාරිස්තුමා, සර්, කියන්න එපා මාමා කියහන්….මාමා” ඒ එතුමාගේ වචනය. ඔහුගේ සරල මිත්‍රශීලී කම ගැන කීමට එය පමනක් සෑහේ යැයි මට සිතේ . අප සියලුම දේනාට ඔහු විශේෂ වන්නේ හිටපු මැතිවරණ කොමසාරිස් ලෙස විශිෂ්ට රාජ්‍ය සේවකයෙකු නිසා නමුත් මාහට එයට එහා ගිය විශේෂ කාරනයක් ඇත. එනම් මාගේ පියාණන් ජීවමානව ඇසුරු කළ අදට ඉතිරිව ඇති අතලොස්සක් අය අතුරින් ඔහුද එක් අයෙකු බැවිනි. මා පුද්ගලිකව අදටත් විශ්වාස කරන්නේ අම්බලන්ගොඩ නගරය, ධර්මාශෝක විද්‍යාලය ජවිපේ ද 71 අරගලයේද වැදගත්ම ස්ථානයක් බවයි. එය රුසියානු විප්ලවයේ අව්රෝරාවේ වෙඩි මුරයට සමය. අරගලයට පන්නරය දුන් උපන් බිමයි. අරගලයට සක්‍රීයව දායක වන්නේ ඔහුගේ වැඩිමහල් සහෝදර සහෝදරියන්ය. ඉතිහාසයක මතකයන් ගැන දැනගැනීමට කතා කිරීමට බොහෝ දේ ඇත ….










