පසුගිය දෙසැම්බර් 20 වැනිදා සිට මේ දක්වා සිදු වී ඇති මාර්ග රිය අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් සිදු වී ඇත්තේ යතුරුපැදිකරුවන් සම්බන්ධව බව පොලිස් සමීක්ෂණයකදී හෙළි වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවැනි අන්දමට යතුරුපැදි අනතුරු හේතුවෙන් මියගිය සංඛ්‍යාව 80 ඉක්මවා ඇති බවය.
වැඩි වශයෙන් යතුරුපැදිකරුවන් විශාල ප්‍රමාණයේ වාහනවල ගැටීම වැඩි වී ඇති බවද හෙළි වී තිබේ. ඉන් පසු එම තත්ත්වයට මුහුණදී ඇත්තේ ත්‍රිරෝද සහ පදිකයන් බවද ඒ මහතා සඳහන් කළේය.









