මධ්‍යම පළාතේ වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල ඇති වූ භූ කම්පන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ 12 දෙනකුගෙන් සමන්විත සරසවි මහාචාර්ය කමිටුව ඉදිරියේදී එමඟින් බරපතළ හානි කිසිවක් සිදු නොවන බව පෙන්වා දී තිබේ.
ඒ ගැන මහජනයා කිසිදු බියක් ඇති කර නොගත යුතු බව එම කමිටුවේ මූලික වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි භූ විද්‍යා සහ පතල් කැණීමේ කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසීය.
ඒ පිළිබඳව මූලික වාර්තාවක් පසුගිය සඳුදා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට පරිසර අමාත්‍යාංශයේදී බාර දී තිබේ. එම සරසවි කමිටුව ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙනද වික්ටෝරියා ජලාශ ආශ්‍රිතව පරීක්ෂණ පවත්වා ඇති බව සඳහන්. ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් ඇත.
-ප්‍රේමලාල් විජේරත්න










