ඉන්දියානු රජයේ සෘජු මැදිහත් වීම මත කොරෝනා එන්නත ඉදිරි සති දෙක තුළ අඩු මිලට මෙරටට ගෙන්වා ලබන මස මැද භාගයේ සිට එන්නත ලබා දීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඞ් 19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මව්රටට පැවසුවාය.
එම එන්නත ප්‍රථමයෙන්ම ලබා දිය යුතු පුද්ගල ලැයිස්තු දැනටමත් පිළියෙළ කර ඇති අතර 60ට වැඩි සහ අවදානම් කලාපවල සිටින පුද්ගලයින් මෙන්ම සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව සහ පොලිසියද, ආර්ථික කටයුතුවලට උරදෙන ආයතනවල සේවකයන්ද එම ලැයිස්තුවේ ප්‍රමුඛතාව හිමි වී ඇත.
මෙම එන්නත ගෙන්වා ගැනීමේදී වැයවන මුදලින් කොටසක් හෝ ඇතැම් පෞද්ගලික ඇඟලුම් ආයතනවල හිමිකරුවන් විසින් ලබා දීමට කැමැත්ත පළ කොට ඇති බවද ඇමැතිවරිය සඳහන් කළාය.
එමෙන්ම මෙම එන්නත සෞඛ්‍ය අධිකාරියේ අනුමැතියට යටත්ව පෞද්ගලික සමාගම්වලට ගෙන්වීමට අවසර ලබාදීමටද ආණ්ඩුව එකඟතාව පළකොට ඇති බව දැනගන්නට ඇත.










