• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතිකවාදයට විරුද්ධව මිලින්දගෙන් ආන්දෝලනාත්මක ලිපියක්

January 6, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
ජාතිකවාදයට විරුද්ධව  මිලින්දගෙන් ආන්දෝලනාත්මක ලිපියක්
Share on WhatsAppShare on Facebook

ජාතිකවාදය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක අදහස් පළකරමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත් කොට ඇති මිලින්ද මොරගොඩ මහතා ලිපියක් පළ කොට තිබේ.

එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.

‘ජන සමාජ එකමුතුකර, එක අරමුණක තබන වෑයම ඉතා දුෂ්කරය. විවිධ සංස්කෘතී, එකිනෙකට වෙනස් භාෂා, අදහන ආගම් සහ අසමාන සමාජ පසුබිම් ගැටළු ඇතිකරයි. එය සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. සමාජ සංකල්ප එකී අරමුණ සංකීර්ණ කරන තැනකය. ප‍්‍රකට ගවේශනශීලී කතුවරයෙකු වූ ජෝන් ලැකාරේ ප‍්‍රකාශ කරන ද අදහසක් මෙහි දී උපුටා දැක්විය හැකිය. ‘‘දේශපේ‍්‍රමය හා ජාතිකවාදය අතර ප‍්‍රධාන වෙනස්කමක් ඇත’’. ඔහුට අනුව ජාතිකවාදයට සතුරෙකු අවශ්‍යය. අසල්වාසීන් සතුරන් කරන තරම ජාතිකවාදයට බිහිසුණුය. ජෝන් කෝන්වෙල් වන හෙතෙම ආරක්ෂක හා ආරක්ෂක බුද්ධි අංශවල සේවය කළ බි‍්‍රතාන්‍ය ජාතිකයෙකි. හෙතෙම සේවයේ නිරතව සිටිය දී නවකතා රචනා කළේය. විශිෂ්ඨ ප‍්‍රතිචාරයක් හිමිවිය. සාහිත්‍යකරණයට එන්නේ ජෝන් ලැකාරේ යන අන්වර්ථ නාමයෙන්ය.

වෙනත් නමකින් ලියන ලැකාරේ සමාජ සංසිද්ධි වෙනස් මානයකින් විනිවිද දකින්නට උත්සාහ කළේය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ජීවිතක්ෂයට පත් වූ හෙතෙම  දැනට මහත් ආන්දෝලනයට පත්ව ඇති ජාතිවාදය හා දේශපේ‍්‍රමය ගැන කරන ලද මෙම නිර්චචනය බලවත් අවධානයකට ලක්ව ඇත.

දේශපේ‍්‍රමය අප සියළු දෙනා රට වෙනුවෙන් දක්වන අප‍්‍රමාණ හැගීමකි. දේශපේ‍්‍රමියෙක් බව අගවන්නට කිසිවෙකු නිල පදක්කමක් පළදින්නේ නැත. එය  රට  වෙනුවෙන් හදවතින්ම කරන පරිත්‍යාගයකි. ජාතිකවාදය එසේ නොවේ. රට අවුල් කරන්නට ජාතිකවාදය සමත්ය. දේශපාලනයේ දී එය ආයුධයකි. සමහර දේශපාලනඥයෝ ජාතිකවාදය පටු පරමාර්ථයෙන් ප‍්‍රයෝජනයට ගනිති. සාමකාමීව, සහජීවනයෙකින් වෙසෙන ජනී ජනයාගේ සිත්සතන් අවුල්කරන අතර විනාශය කැදවන්නට ජාතිකවාදයට හැකියාව ඇත. දේශපේ‍්‍රමයට සතුරන් අවශ්‍ය නැත. ජාතිකවාදයේ දී සතුරෙකු සිටී. සතුරාට අභියෝගකර කෑගසා පෙන්වන ඇතැම් දේශපාලනඥයෝ ජාතිය ගලවාගැනීම සදහා වහා පියවර ගත යුතු බව දක්වති. එම ඝෝෂාව රටට සුගතියක් නොවේ. සතුරෙකු රහිතව ජාතිකවාදයක් පවතින්නේ නැත. දේශපාලනයේ දී ජාතිකවාදය පැතිරවීම බහුලව සිදුවෙයි. සතුරන් මවන දේශපාලනඥයෝ ඒවායෙන් ඇති කරන මහා විනාශයෙන් යැපෙන තැනට පත්ව සිටී. එය ඉතාම ඛේදණීය තත්ත්වයකි.

ආගමික, වෘත්තීයවේදීන්, බුද්ධිමතුන් හා මාධ්‍යයේ ඇතැම් පිරිස් ජාතිකවාදය අතට ගෙන තිබේ. වගකීමක් රහිත ස්වභාවය තුළ එය ඉහවහා ගොස් ඇත. බුද්ධ දර්ශනය තුළ අන්තවාදයට ඉඩක් නැත. බහුතර බෞද්ධයන් ජීවත්වන සහ ඉතා බාරධුර ශාසනික මෙහෙවරක නිරත මහා ස්වාමීන්වහන්සේලා සිටින පසුබිමක් තුළ පවා අන්තවාදී වෛරී අදහස් පතුරවන තත්ත්වයක් මතු වී තිබේ. වෛරී අදහස් කිසිම ආගමක දර්ශනය නොවේ. ජාතික හෝ ආගමික මතිමතාන්තර විසුරුවීමක් නොකළ යුතුය. එහෙත් එය සිදුවෙමින් තිබේ. ජාතිය, ආගම, පංතිය පමණක් නොව ජාත්‍යන්තරය ද ජාතිකවාදීව පතුරවන පසුබිම රට ආරක්ෂාකරන මහා කඩතුරාවක් සේ දක්වති. ජාතික හා ආගමික නායකයෝ මෙවැනි අභාග්‍ය සම්පන්න පැති හදුනා ගත යුතුය.

ජාතිකවාදී බව සතුරන් ඇති කරන විට එය ප‍්‍රබලව පතුරවන සන්නිවේදන ව්‍යාපාර බහුලය. සම්ප‍්‍රදායික මාධ්‍ය ඉක්මවා කි‍්‍රියාත්මක සමාජ මාධ්‍ය ධාරා අන්තවාදීන්ගේ ඇවිලවීම් වලට තෙල් ඉසින බව පෙන්වා දිය යුතුය. මෑත කාලය තුළ ලෝකයේ සිදුවූ බරපතල සිද්ධි වලට ජාතිකවාදය හා එය පතුරවන ලද සමාජ මාධ්‍ය බලපෑම හෙළිදරව් කර තිබේ. විනාශය හැර අනෙකක් ජාතිකත්වයෙන් ලැබී නැත. ශ‍්‍රී ලංකාවට අතීතයෙන් අත්දැකීම් තිබේ. පැතිරුණ දරුණු ඇවිලවීම් මතකයේ ඇත. ඒවායෙන් දැවී ගියේ ජන හදවත් පමණක් නොවේ. සබදතා පළුදු විය. ආත්මයක් නැති ගර්භිත සමාජ ඉතිරිවී තිබේ. අප සියළුම දෙනා නැවත නැවතත් පණ පොවන ජාතිකවාදයට ගොදුරුවෙමින් සිටින්නෙමු. අලූතින් ගොඩනැගිය නොහැකි මහා පරිහානියක් අභිමුවෙහි පවා ජාතිකවාදී සතුරන් සොයන තැනට පත්ව ඇති රටකි.

දේශපේ‍්‍රමීත්වය රටට අවශ්‍ය කර තිබේ. ජාතිකවාදය සදහා සතුරන් සොයන ව්‍යුහය පරාජය කර ජනතා සිත් සතන් තුළ ඇති දේශපේ‍්‍රමීත්වය මතු කරගත යුතුව ඇත. තමන්ගේ රටට දක්වන ආදරය වෙනස් කළ නොහැකි එකකි. එය අභිබවා රට කෙරෙහි දරුණු වෛරයක් ඇතැම් ජන කොටස් තුළ කොටස් තුළ ඇතිකරන්නට ජාතිකවාදය සමත්ව තිබේ. එහි විපාක වලින් පාඩම් ඉගෙන ගත යුතුය. දේශපේ‍්‍රමීන් වශයෙන් මහත් ආඩම්බරයෙන් එක රටක  ජීවත්වන පදනමක් සූදානම් කිරීම අවශ්‍යතාවයකි. නව වසරේ අධිශ්ඨානය විය යුතුය.

SendShareShare
Previous Post

සමහරු අපව කොටවන්න හදනවා: මම නම් කවදාවත් මාධ්‍යට පහර දෙන්නෙ නෑ -සජිත් කර්තෘවරුන් හමුවේ කියයි

Next Post

ඉන්දීය විදේශ ඇමැති කොළඹ වරාය ගැන ජනපති සමග කතා කරයි

MORE NEWS

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Load More
එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අල්ලස් ගැනීම, අල්ලස් දීම හෝ අල්ලස් දීමට උත්සාහ කිරීම, අල්ලස් ගැනීමට උත්සාහ කිරීම කියන මේ...

Read more
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.