මුදල් අමාත්‍යංශය විසින් පසුගියදා සීනි සඳහා පනවා තිබූ බදු මුදල වෙනස් කිරීමට නිකුත් කළ ගැසට් නිවේදන කිහිපයකින් ආණ්ඩුවට විශාල බදු මුදලක් අහිමිවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
එම ගැසට් නිවේදන උපයෝගි කරගනිමින් ආණ්ඩුවට හිතවත් සීනි ආනයනකරුවෙකු විසින් විශාල ලාභයක් උපයාගැනීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස එම පැමිණිල්ල මගින් ඔවුන් ඉල්ලීමක් කොට තිබේ.
මෙම පැමිණිල්ල අද (04) දින පෙ.ව. 11.00ට ජවිපෙ මධ්‍යමකාරක සභිකයින් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සහ නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.










