ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වී සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලි හට කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ.
එංගලන්ත කණ්ඩායම මත්තල ගුවන්තොටුපළින් ඊයේ මෙරටට පැමිණි අතර එහිදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහු ආසාදිත බව එහිදී තහවුරු වී තිබේ.
ඒ අනුව, මොයීන් අලි දින 10ක් නිරෝධායනය සඳහා ගාල්ලට යැවීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.
කෙසේවෙතත් මොයින් අලිට වැළදී ඇත්තේ බ්‍රිතාන්‍ය නව කොරෝනා ප්‍රබේදයදැයි සැකයක් මේ වනවිට මතුව තිබේ.
ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරඟය ජනවාරි 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අරම්භ වීමට නියමිත අතර එම තරඟයට මොයීන් ට එක්වීම අපහසු ය.
මේ අතර, මොයීන් ගේ ආශ්‍රිතයෙක් ලෙස සලකා වේග පන්දු යවන ක්‍රිස් වෝක්ස් ට ද ස්වයං නිරෝධායනය වන ලෙස දන්වා තිබේ.










