• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

යමු පිලිපීනේ

September 16, 2019
in Holiday
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

කලින් බාලි ටුවර් එක ගැන ලිව්ව වෙලේ පොරොන්දු වුණා වගේ පිලිපීන් ටුවර් එක ගැනත් ලියන්නම්. ට්‍රැවල් කරන්න ආස අයට වැදගත් දේවල් ගොඩක් මේකෙත් ඇති.ලස්සන බීච් තියෙන තැන් හොයන් යන අතරේ ආසියාවෙ ලස්සනම බීච් වන මෝල්ඩිව්ස්, බාලි, ක්‍රාබි මායා බේ, පීපී අයිලන්ඞ්, රැලේ බීච් (තායිලන්තයෙ) කවර් කරල අන්තිමට ලිස්ට් එකේ ඉතිරිවෙලා තිබුණේ ලෝකෙ ලස්සනම බීච් එකක් හැටියට ලැයිස්තුවේ තියෙන පිලිපීනය.
පිලිපීනයේ දූපත් 7,500කට වඩා තියෙනවා එකිනෙකට වෙනස්. ටුවරිස්ට් ඇට්‍රැක්ෂන්ස් තියෙන. ඒ අතරින් පලවාන් කියන දූපතේ Coron El Nido සහ Puerto Princessa යන්න හිතුවේ විවිධ ඇඞ්වෙන්චර්ස්, ලස්සන බීච් සහ අයිලන්ඞ් ටුවර්ස් තියෙන නිසා.
ඒත් ප්‍රධාන ගැටලු දෙකක් මට ආවා. එකක් වීසා ගන්න එක. අනෙක් එක කොහොමද ටුවර් එක අඩු බජට් එකකට ප්ලෑන් කරන්නෙ කියන එක. වීසා ප්‍රශ්නෙ නම් දැනට මම වර්ක් කරන රටේ පිලිපීන් එම්බසියෙන් ගන්න පුළුවන් වුණු නිසා ගැටලුවක් වුණේ නෑ. අඩු බජට් එකට ටුවර් එකක් ප්ලෑන් කරද්දි මුලින්ම ගුවන් ටිකට්පත් අඩුවට තියෙන එයාර් ලයින් චෙක් කරල බැලුවා. කොළඹ මැනිලා ඩිරෙක්ට් ටිකට් මිල වැඩියි. 75,000ක් විතර වෙනවා. ඒ නිසා මම කොළඹ ඉඳන් සිංගප්පූරුවට මිල අඩු ප්‍රමෝෂන් එකකින් (30,000 වගේ වුණේ) ටිකට් එක අරන් සිංගප්පූරු ඉඳන් මැනිලාවලට (Jet Air) බජට් ෆ්ලයිට් එකක් රුපියල් 14,000කට බුක් කරගත්තා, සිංගප්පූරුව වීසා ෆ්‍රී නිසා. එහෙත් දවස් දෙකක් ඉන්න ප්ලෑන් කළා. ටිකට් ඒ විදියට දාගත්ත නිසා 44,000කින් වැඬේ ගොඩදාගන්න පුළුවන් වුණා.

  1. Coron Island – පිලිපීන් ගිය දවසෙ මැනිලා මේන් සිටි එකේ ඉඳලා මැනිලා ඉඳන් කොරොන්වලට මම ආවෙ ඩොමෙස්ටික් ෆ්ලයිට් එකකින්. ඒකට ගියෙත් 11,000 වගේ පොඩි මුදලක්. මොකද ඒ රටවල ඩොමෙස්ටික් ෆ්ලයිට් මිල හරිම අඩුයි. මැනිලා ඉඳන් කොරොන්වලට ටිකට් දැම්මට රිටන් එක දැම්මෙ Puerto Princessa වලින්. ඒ රටවල හැම දූපතකටම වගේ ළඟ ළඟ ඩොමෙස්ටික් එයාර් පෝර්ට් තියෙන නිසා ගුවන් ගමන් හරිම පහසුයි. වෙලාවත් ඉතිරියි.
    කොරොන්වල දවස් තුනක් හිටියා. පිලිපීනය විදේශිකයන් බහුල රටක්. ඒ නිසා එහි දූපත් හැම එකක්ම වගේ ටුවරිස්ට්ලට ඇඞ්වෙන්චර්ස් සංවිධාන කරන ඒජන්සි තියෙනව.
    කොරෝන්වල දූපත් සංචාරයක් ගියා (7 Islands Tour) එකක්. ඒ රටටම ආවේණික ලී බෝට්ටුවකින් ලස්සන දූපත් 7ක් බලන්න ගියා. කොරෝන් මුහුදෙ ලස්සන කොරල් බහුලයි. කෙළින්ම මින්මැඳුරකට බැස්සා වගේ. එයාල කෑම බෝට් එකේම හදනවා ටුවරිස්ට්ල අයිලන්ඞ්ස් සංචාරය කරද්දි. එහේ මුහුදු කෑම ඕනෙ තරම්. බෝට්ස් 20-30 මේ සංචාරයට එකතු වෙලා. හරිම මිත්‍රශීලී ජාතියක්. ඒ වගේම තමන්ගෙ රටට පුදුමාකාර ආදරයක් එයාලගෙ තියෙන්නෙ. කිසිම කෙනෙක් දූපත්වල අපද්‍රව්‍ය ඉතිරි කරල එන්නෙ නෑ. ගියා වගේම පිරිසුදු කරල එන්නෙ. ඒ අතින් නියමයි.
  2. El Nido – ඊට පස්සෙ ගියෙ ලස්සනම දූපතකට. El Nido කියල. නියම ටුවරිස්ට් ලොකේෂන් එකක්. කොරෝන් ඉඳන් එල් නීඩෝවලට පැය 3-4 විතර බෝට් ටුවර් එකක් තියෙනවා. එල් නීඩෝවල අයිලන්ඞ් ටුවර්ස් තියෙන්නෙ ABCD කියල පැකේජ් ගෲප් කරල. කොයි ටුවරිස්ට් ඒජන්සියක් වුණත් ඒ පැකේජ් වෙනසක් නැ. වැඩියම ලස්සන A and C ටුවර් පැකේජ්. පැකේජ් දෙකට දවස් දෙකක් ඕනෙ. ලස්සන විවිධ පුන්චි දූපත්, ගුහා, ලැගූන්වලින් බහුල Mysterious and Adventurous ටුවර් දෙකක් Tour A and C Snorkeling Divingවලට කියාපු තැන්.
    El Nidoදවල ලස්සන Water Falls කිහිපයකුත් තියෙනවා.
    එහේ බීච් පාර්ටි, බෝට් පාර්ටි, නයිට් ලයිෆ් Hapenning තියෙනවා. කෑම බීම හරිම ලාබයි.Fresh Sea Food නම් El Nido බීච් තමයි.
  1. Puerto Princessa – Palawan කියන විශාල දූපතේ Main City එක Puerto Princessa. හරිම පිරිසුදු ලස්සන නගරයක්. ෂොපින් කම්ප්ලෙක්ස්, සිනමා ශාලා, Branded Cloth Shops හැමදේම තියෙනවා. Puerto princessaගියොත් එහේ Honda Bay tour එකත් අමතක කරන්න එපා. ඒකත් දූපත් සංචාරයක්. අමතක නොවෙන ලස්සනම දූපත් කිහිපයක් කවර් කරනවා. පිලිපීන් ෂොපින් කරනවා නම් Puerto Princessa මරු.
    පිලිපීන් Currency එක USD 1 = Pesso 53ක් විතර වෙනවා. පුළුවන් නම් මැනිලාවලින් USD Exchange කරන් යන්න. නැත්නම් දූපත්වල ෑංExchange Rates ගොඩක් අඩුයි.
    මැනිලා ඇවිදින්න වුණොත් ගොඩක් පරිස්සම් වෙන්න. බෑග්ස්, බැක්පැක් වගේ ඒවා ඉස්සරහට දාගෙන යන්න. ෆෝන් මුදල් පසුම්බි අතේ තියන් යන්න එපා. ඒ වගේම අමතක කරන්න එපා මැනිලාවල වාහන තදබදය බහුලයි. එයාර්පෝර්ට් එහෙම යනව නම් පුළුවන් තරම් කලින් යන්න.
    පිලිපීන වැසියන් බොහෝ විට ඉංග්‍රීසි කතා කරනවා. හරිම මිත්‍රශීලී ජාතියක්.
    පිලිපීන සංචාරයට මම තෝරාගත්තෙ අගෝස්තු මාසේ. එහෙ දවස් 12ක් හිටියා. ගුවන් ප්‍රවේශ පත්‍ර, නවාතැන්, ආහාර, රට ඇතුළේ ප්‍රවාහන වියදම්, ඇතුළු ඔක්කොටම මේ දවස් 12ටම ගියේ ඩොලර් 1000ක් විතරයි.

ගයාන් මහගමගේ

SendShareShare
Previous Post

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Next Post

ශ්‍රීලනිපය ජනපතිවරණයට එයි: අපේක්ෂකයා දයාසිරි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.