• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ගෝඨා පරද්දන සැලසුම ගැන ෆීල්ඩ් මාෂල් කට අරී

September 15, 2019
in Politics, Uncategorized
Reading Time: 5 mins read
A A
ගෝඨා පරද්දන සැලසුම ගැන ෆීල්ඩ් මාෂල් කට අරී
Share on WhatsAppShare on Facebook

රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතාකරන සෑම අවස්ථාවකම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ඉදිරියෙන්ම කියැවේ. ඒ ඔහු වසර 30ක් ඇදි ඇදී ගිය යුද්ධයක් නිමාකළ හමුදාවට නායකත්වය දුන් හමුදා ප්‍රධානියා නිසාය. එමෙන්ම ෆොන්සේකා යනු 2010 ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරගයට ඉදිරිපත් වූ පුද්ගලයාය. මේ වන විට රට ජනාධිපතිවරණයක් ආසන්නයේ තිබෙන නිසාත්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැඟී ඇති නිසාත් මෙවර ෆොන්සේකා මහතා දැන් ඉරිදා මව්රට සමඟ සාකච්ඡාවකට එක්වූයේ මෙසේය.

එක්සත් ජාතික පක්ෂය ඇතුළේ මේ දිනවල ඇතිවෙලා තියෙන අර්බුදය ඔබ දකින්නේ කොහොමද?
ඇත්තටම පක්ෂයේ අර්බුදයක් තියෙනවා. ඒක පක්ෂයේ නියෝජ්‍ය නායකයා විසින් නිර්මාණය කරපු අර්බුදයක්. ඒකට සම්බන්ධ වෙලා ඉන්න මැති ඇමැතිවරුත් ඉන්නවා. පාක්ෂිකයොත් ඉන්නවා. හැබැයි මම දකින්නෙ මෙහෙම අර්බුදයක් තිබුණ කියල ඒක මත හිටගෙන අපේක්ෂකයා තෝරන්න බෑ. පක්ෂෙ ව්‍යවස්ථාවක් තියෙනවා, නිලතල දරන කණ්ඩායමක් ඉන්නවා, කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තියෙනවා. මේ දේවල් මත ඉඳල තමයි අපේක්ෂකයා තීන්දු කරන්න ඕනෙ. එහෙම නැතුව පාරේ කෑකෝ ගැහුව කියල පක්ෂයට තීන්දු, තීරණ ගන්න බෑ. අනෙක ජනාධිපතිවරයා තෝරද්දි බිම් මට්ටමේ කෙනෙක් තේරුව කියල දිනන්න බෑ. ඒ අපේක්ෂකයට විශාල වගකීමක් පැවරෙනවා. රටේ බර කරට ගන්න ඕනෙ. එයාගෙ අතීත හැසිරීම් බලන්න ඕනෙ. රට වෙනුවෙන්, පක්ෂය වෙනුවෙන් කරපු කැපවීම බලන්න ඕනෙ. ජාතික මට්ටමින් කරපු දේවල් බලන්න ඕනෙ.


ඔබතුමා 2010 ජනාධිපතිවරණයට එජාපයෙන් ඉදිරිපත් වුණා. ඒ වෙද්දි ඔබතුමාට තිබුණු සුදුසුකම් මොනවාද?
ඒක යුද්ධය ඉවර වුණු වෙලාව. යූ.ඇන්.පී.ය හිටියෙ යුද්ධයට විරුද්ධව. යූ.ඇන්.පී.යට උපදෙස් දුන්නෙත් යුද්ධයට විරුද්ධ කට්ටිය. අවුරුදු 30ක් තිස්සේ අපි යුද්ධයෙන් අසාර්ථක වෙච්ච හින්ද යූ.ඇන්.පී. එක හිතුවෙ යුද්ධය දිනන්න බැරිවෙයි කියල. සමහරු මටත් කිව්වෙ මම සුදුසු සැල්වේෂන් ආමි එකට කියලයි. හැබැයි ජනතාව ඒව ප්‍රතිකේෂ්ප කළා. රණවිරුවොත් ඒව ප්‍රතික්ෂේප කළා. අපි යුද්ධය දිනුව. ඒක යුද ජයග්‍රහණයක් වුණත්, රාජපක්ෂලා ඒ යුද ජයග්‍රහණයේ වාසිය අරගෙන ඉහළ මට්ටමකයි වැජඹුණේ. නමුත් කැපකිරීම් කළේ හමුදාවෙ රණවිරුවො. ඒ වෙද්දි යූ.ඇන්.පී. එක විපක්ෂයේ අන්තිම තැනට තමයි වැටිල තිබ්බෙ. අඩුම තරමින් කවුරුත් ජනාධිපතිවරණයට එන තත්ත්වයක්වත් තිබුණෙ නෑ. දැන් මේ පොරකන කවුරුත් ඒ දවස්වල අහල පහලකවත් නෑ. කොටින්ම කියනවා නම් මහින්ද නිතරගයෙන් එන තත්ත්වයක් තිබුණෙ. ඒ වෙලාවෙ තමයි මට යූ.ඇන්.පී. එකෙන් ආරාධනාව ආවෙ. මමත් රජයෙ වැඩ ගැන ඒ වෙලාවෙ කලකිරීමෙන් හිටපු නිසා දේශපාලන තීන්දුවක් ගත්තා. එහෙම නොවුණ නම් ඒ වෙලාවෙ යූ.ඇන්.පී.ය විනාශ වෙලාම යන්න තිබුණ. මම ආපු නිසා පක්ෂයට පිබිදීමක් ඇතිවුණා. පාක්ෂිකයො බය නැතුව එළියට ආව. රැස්වීම්වලට ජන ගංගාවක් වගේ සෙනඟ ආවා. ඒක තමයි ඒ වෙලාවෙ ගත්ත හොඳම තීන්දුව. එහෙම වුණේ නැත්නම් ආයෙ කවදාවත් ලංකාවෙ ජනාධිපතිවරණ නොතිබෙන්නත් තිබුණ. අපි ඡන්දෙ කළේ රාජපක්ෂවරුන්ගෙ භීෂණය මැද්දෙ. බෙලිඅත්තෙදි අපිට වෙඩිත් තිබ්බ. අපි යූ.ඇන්.පී.යට වඩා ඒ වෙලාවෙ රාජපක්ෂවරුන් එක්ක හැප්පුණා. අද මේවා සමහරුන්ට මතක නෑ. ඊට පස්සෙ මම හිරේ ගිහිල්ල 2012 එළියට ඇවිත් එතැන තිබ්බ ජීප් එකක නැඟල කිව්ව 2015දි රාජපක්ෂලව ගෙදර යවනව කියල. ඒක ඒ විදිහටම අපි කළා.


2015දි මෛත්‍රිගෙ නම ආවෙ අන්තිම මොහොතෙ. ඒ වෙද්දි ඔබතුමාල කාවද යෝජනා කරල තිබ්බෙ?
මම තුන්පාරක් කිවව රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉල්ලන්න කියල. ඒ වෙද්දි මගේ පක්ෂෙට ඡන්ද 3,75,000ක් තිබ්බ. පළාත් සභා මන්ත්‍රීවරු 17ක් හිටිය. රනිල්, මලික් මාව හම්බුවෙන්න ආපුවහම මම කිවවෙ කවුරු ආවත් හැම පැත්තෙන්ම ඒ ඉල්ලන කෙනාට ශක්තිය ඕනෙ කියලයි. හැබැයි ඒ වෙලාවෙ රනිල්ට විවිධ පාර්ශ්ව අකමැත්තක් දැක්වුවා. මාධ්‍ය කැමැති වුණේ නෑ. සමහර විදෙස් රටවල් කැමැති වුණේ නෑ. ඒ වාතාවරණය මත තමයි මෛත්‍රිපාලගෙ නම අන්තිම මොහොතෙදි යෝජනා වුණේ.


ඔබතුමාටත් දැන් වසර 10ක දේශපාලන පළපුරුද්දක් තියෙනවා. මොකක්ද මේ එජාපය ඇතුළෙ නායකයා පන්නන්න ඕනෙ කියන ප්‍රශ්නෙ?
රනිල්ගෙත් අඩුපාඩු තියෙනවා. අපි ඒක පිළිගන්න ඕනෙ. නමුත් අපි මේ වෙලාවෙ බලන්න ඕනෙ රනිල්ව අයින් කරල කාවද ගේන්න ඕනෙ කියල. විශ්වාසභංගෙ ආපු වෙලාවෙත් හැමෝම කිව්ව රනිල්ට අයින් වෙන්න කියල. හැබැයි මම කිව්වෙ එතුමට අයින් වෙනන් එපා කියලයි. මොකද පක්ෂය භාරගන්න හරිහමන් කෙනෙක් නෑ. රනිල් වටේ විශ්වාසයෙන් හිටපු අය එතුමට දුන්නෙ හරිහමන් උපදෙස් නෙවෙයි. ඒ අය රනිල්ට විවිධ දේවල් කරන්න කිව්වත් ඒව සාර්ථක වුණේ නෑ. අනෙක් පැත්තෙන් විපක්ෂය බොරු මතයක් රටට මවල පෙන්වනව ඒ අය තමයි දේශප්‍රේමී, මෙතැන ඉන්නෙ දේශද්‍රෝහී අය කියල. එජාපය රට විකුණනව කියල. හැබැයි විකුණපු ඔක්කොම දේවල් විකුණුවේ ඒ අය. ඒ අය ගාව තියෙන්නෙ බොරු දේශප්‍රේමය. මාධ්‍යවලින් හැබැයි පෙන්නන්නෙ වෙන එකක්. අනෙක එජාපය ඇතුළෙ ප්‍රජාතන්ත්‍රවාදය වැඩියි. ඕන කෙනකුට කෑගහන්න, දඟලන්න පුළුවන්. ඒක දුර්වලකමක්. අනෙක් පක්ෂවලත් මෙහෙම ප්‍රශ්න තිබ්බට නායකයො ඒව බලෙන් නවත්තගෙන ඉන්නවා. හැබැයි කොයි පක්ෂෙක වුණත් විනයක් තියෙන්න ඕනෙ. ඔය එජාපය ඇතුළෙ කෑගහන අයට තියෙන්නෙ නායකත්වයෙ ප්‍රශ්නෙට වඩා වෙන ප්‍රශ්න. සමහර අයට කැබිනට් ඇමැතිකම් නෑ. සමහරු ජ්‍යෙෂ්ඨයොත් නෙමෙයි. ප්‍රශ්න තියෙනව නම් සාකච්ඡා කරල විසඳගන්න ඕනෙ.


ඔබතුමා මෑතකදී රාජපක්ෂලා ගැන වර්ණනා කරමින් කතා කළා. මොකක් හරි ඩීල් එකක්ද? නැත්නම් මොකක්ද ඒ වෙනස?
ඔය කතාව ආවෙ අය – වැය විවාදෙදි. මගේ කතාවෙදි මම කිව්ව මේ ආණ්ඩුව තීන්දු තීරණ ගන්න පරක්කුයි කියල. කොටි මාවිල්ආරුව වහපු වෙලාවෙ අපි විනාඩි 30ක් ඇතුළත තීන්දු කළා මාවිල්ආරු අරිනකම් සටන් කරන්න. හැබැයි මේ ආණ්ඩුව ඒ තීන්දුව ගන්න ගියා නම් මාවිල්ආරු අරින්න වෙන්නෙම නෑ. ඒ කතාව මම රාජපක්ෂල ගැන හිතල කළේ නෑ. හැබැයි ඇත්ත කතාව ඒක. අනෙක පාස්කු බෝම්බ පුපුරපු වෙලාවෙත් මම කිව්වෙ ආරක්ෂාව ගැන දන්න කට්ටිය ඒ ඒ තනතුරුවලට දාන්න ඕනෙ කියලයි. ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ආරක්ෂාව ගැන කිසි දෙයක් දන්නෑ. අගමැතිතුමාව ආරක්ෂක මණ්ඩලයට කැඳවලත් නෑ. හැබැයි ඒ කාලෙ එහෙම නෙමෙයි. මේව මම කියපු නිසයි සමහරු මම රාජපක්ෂලා වර්ණනා කළා කියල කියන්නෙ. හැබැයි මුළු රටම දන්නව මගේ කටේ කෙළ හිඳෙනකම් මම රාජපක්ෂවරුන්ගෙ කෙරුවාව ගැන කියල තියෙනව කියල.


2015 ඔබතුමාගෙ සේනාධිනායකය ජනාධිපතිවරණෙට ආව. 2019 ඔබතුමාගෙ ආරක්ෂක ලේකම්වරය ජනාධිපතිවරණෙට එන්නෙ. කොහොමද එතුමා ගැන ඔබතුමාගෙ තක්සේරුව?
ඒක මම අනුමත කරන්නෙ නෑ. ගෝඨාභයට දේශපාලන අත්දැකීම් නෑ. අනෙක එයා අවුරුදු 15ක්ම ලංකාවෙ හිටපු කෙනෙකුත් නෙවෙයි. අවුරුදු 15ක් පිටරටක ඉන්න තරම් මේ රට ඒ තරමටම බංකොලොත්ද. අනෙක එයා යුද්ධෙදිත් එච්චර අත්දැකීම් තිබ්බ කෙනෙක් නෙවෙයි. එයයි මායි අන්තිමට එකට වැඩ කළේ යාපනේදි. අපි දෙන්න යාපනේ කොටුව අල්ලන්න ගියා. එතැනින් එළියට ආපු ගමන්ම එයා ඇමෙරිකාවෙ ගියා. ආයෙ ආවෙ අයිය ජනාධිපති වුණාම. දැන් ඔය එක එක දේවල් එයා කිව්වට අපි යුද්ධෙ කරද්දි වුණත් එයා කිසිම දේකට අතගැහුවෙ නෑ. එකම එක පාරක් විතරක් එයා මගෙන් ඇහුව වවුනියාවට අමතර සේනාංකයක් දාන්න බැරිද කියල. මොකද යුද්ධෙදි මගේ සැලැස්ම වෙලා තිබ්බෙ භූමිය අල්ලන එක නෙවෙයි. කොටින්ව මරන එක. ඉතිහාසයේ අපිට වැරදුණේ භූමිය අල්ලන්න ගිහිල්ලයි. ඒ නිසා මගේ සැලැස්ම සම්පූර්ණයෙන්ම වෙනස් එකක් තිබ්බෙ. එතැනදි ශවේන්ද්‍රට භාරදීල තිබ්බෙ මන්නාරම. ශවේන්ද්‍රට ඉස්සෙල්ල මන්නාරමේ හිටියෙ චාගි ගාල්ලගේ. එයාට පපුවෙ අමාරුවක් හැදුණ. පස්සෙ ශවේන්ද්‍රව දැම්මහම එයාටත් පපුවෙ අමාරුවක් හැදුණා. මොකද මන්නාරම ටිකක් අමාරු තැනක්. ඉතින් මන්නාරමට අමතර සේනාංකයක් දාන්න කියල ගෝඨාභය මගෙන් ඉල්ලද්දි මට තේරුණා යෝජනාව එන්න ඇත්තෙ කොහෙන්ද කියල. ඒ ඇරෙන්න මගේ යුද සැලැසුමට අතගහන්න කවුරුවත් ආවෙ නෑ.
අනෙක මම යුද සැලැස්ම කොහේවත් ලිව්වෙ නෑ. ලිඛිත දෙයක් නෑ. ඔක්කොම තිබ්බෙ මගෙ ඔළුවෙ. මම ඒක කාටවත් කියන්න ගියෙත් නෑ. එකපාරක් 2012දි කරන්නාගොඩ සිතියමක් ගෙනල්ලා ඔක්කොම ඉන්න තැනදි කිළිනොච්චියට කෙළින් ඊතලයක් ගහල කිව්ව ඇයි මෙහෙම කෙළින් යන්නෙ නැතුව වටෙන් යන්නෙ කියල. මම වටේ හිටපු කට්ටියගෙ මූණ බැලුවහම ඒ කතාවට ඒ අයගෙත් ඇස් දිලිසෙනව. මට තේරුණා කට්ටිය කතාවෙලා තමයි ඇවිල්ල ඉන්නෙ කියල. ඉතින් මම කිව්ව මුහුදෙ නැව් යන විදිහට ඊතල ගහල ගොඩබිමේ කෙළින් යුද්ධ කරන්න බෑ කියල. එතැනදිත් මම මගේ සැලැස්ම එළියට දැම්මෙ නෑ. හැබැයි මම දින දීල තිබුණ 2008 වෙද්දි මාන්කුලම් අල්ලනව කියල. 2008 අන්තිම වෙද්දි කිලිනොච්චි අල්ලල මුලතිව් අල්ලනව කියල. මම ඒ දීපු දිනවලට දවස් දෙකයි එහෙ මෙහෙ වුණේ.
ගෝඨාභය ගැන තව කතාවක් කියනව නම් එක පාරක් මට විශාල ප්‍රශ්නයක් ආව වෙඩි උණ්ඩ නැතිව. මොකද අපි චීනෙන් තමයි මල්ටිබැරල් වෙඩි උණ්ඩ ගෙනාවෙ. ඒ කාලෙ චීනෙ ඔලිම්පික් තිබ්බා. ඒ හින්ද නැව් ආවෙ නෑ. අනෙක අපිට චීනෙ ආයුධ දුන්නෙ ණයට. මම ගිහින් ගෝඨාභයට කිව්ව යුද්ධ කරන්න උණ්ඩ නෑ කියල. ගෝඨාභය කිව්වෙ සල්ලි නැහැ කියල. පස්සෙ මම පකිස්තානෙ යුද හමුදාපතිතුමාට කතා කරල උණ්ඩ ඉල්ලුව. එතුම කිව්ව ඒ අය ගාව තියෙනව සල්ලි දුන්නොත් උණ්ඩ දෙන්නම් කියල. පස්සෙ මම ගිහින් ගෝඨාභයගෙන් ඩොලර් මිලියන 100ක් ඉල්ලුවහම එයා මට කිව්වෙ සල්ලි නෑ සරත් මොනව කරන්නද කියල. පස්සෙ මම ගිහින් බැසිල්ව හම්බුණා. මේ ප්‍රශ්නෙ ගැන කිව්වහම එතුම පී.බී. ජයසුන්දරට කතා කරල විනාඩි 10ක් ඇතුළත සල්ලි පාස් කරල දුන්න. ඒ කාලෙ ගෝඨාභය එහෙමයි යුද්ධ කළේ. අනෙක එයා කොළඹ ලස්සන කළා කියනව. හැබැයි ඒකෙ යට විශාල දූෂණයක් තියෙනවා. උදාහරණයක් විදිහට එක්තරා ආයතනයක 1500ක් කොළඹ සුද්ධ කළා. හැබැයි මේ අය හැමදාම 3000කට පඩි ගෙවල තියෙනවා. ඒ සල්ලි කොහෙටද ගියේ. අනෙක හැමදාම උදේ 10.00ට ඇවිත් 4.00ට ගෙදර යනවා. අපි රෑ 10.00 – 11.00 වෙනකම් වැඩ කළා.


ඔබතුමා වැඩ කරපු ඇමැතිවරයෙක්. ඇමැතිකම නැති වෙච්ච එක ගැන කනගාටුවක් නැද්ද?
අනෙක් අය හැමෝම ගිහිල්ල ජනාධිපතිතුමාගෙන් සමාව අරගෙන එක එක ඇමැතිකම් ගත්ත. අමාත්‍යාංශ වැඩිකර ගත්ත. මටත් ගිහිල්ල සමාව ගන්න කිව්ව. මම එදා හිරේ ඉද්දිවත් රාජපක්ෂවරුන්ගෙන් සමාව ගන්න ගියේ නෑ. මම ඇමැතිකමේ ඉද්දි විශාල ප්‍රශ්නයක් වෙච්ච අලිවැට ගහන්න මුදල් පාස්කරගෙනයි තිබුණෙ. මේ අගෝස්තු වෙද්දි හැම තැනම අලි වැට ගහල ඒ ප්‍රශ්නය ඉවර කරන්න මම සැලැසුම් හදල තිබ්බ. ඒක කරන්න බැරි වුණා. දැනුයි ඒකට ටෙන්ඩර් කැඳවන්නෙ. ඒකෙන් පාඩු වුණේ මට නෙවෙයි රටේ ජනතාවටයි. පහුගිය කාලෙ මට ආරක්ෂක ඇමැතිකම දෙන්න කියල යෝජනාවක් ඇරියහම මුලින්ම ඩී.අයි.ජී.ල විරුද්ධ වුණා කියල මට ආරක්ෂක ඇමැතිකම දුන්නෙ නෑ. පාස්කු බෝම්බෙ ගියාම මලික්ගෙ අතේ පණිවුඩයක් එවල තිබුණ වෙන ඇමැතිකමක් දෙන්නම් ආරක්ෂක මණ්ඩලයේ උපදේශකයෙක් කරන්නම කියලා. මම ඒත් එපා කිව්වා. ඊට පස්සෙ තව පණිවුඩයක් ආව කැබිනට් ඇමැතිකමක් එක්ක ආරක්ෂක රාජ්‍ය ඇමැති ධුරය දෙන්නම් කියල. මම කිව්ව අභ්‍යන්තර ආරක්ෂාව ගැසට් එකකින් පවර දෙනව නම් ගන්නම් කියල. ඒකට ජනාධිපතිුමා එකඟ වුණේ නෑ.


ඒ කියන්නෙ ඔබතුමා ගැන මොකක් හරි බයක් තියෙනවද?
බයකට වඩා මම රටට යමක් කරල ජනතාව අතර ජනප්‍රිය වෙයි කියන බය තමයි ඒ අයට තියෙන්නෙ. 2018 මට සහරාන් ගැන කියල තිබ්බ නම් ඒ විදිහට නටන්න දෙන්නෙ නෑ. මොකද අපිට ඉවක් තියෙනවා. අඩු තරමින් මේ අය එස්.ටී.එෆ්. එකටවත් මේ ගැන දැනුම්දීල නෑ. එස්.ටී.එෆ්. එකේ දහදාහක් විතර ඉන්නවා. එතැන ඉන්න වැඩිහරියක් කරන්නෙ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි ආරක්ෂා කරන්න.


ඔබතුමා තවමත් කියනව සහරාන්ලගෙ ත්‍රස්තවාදය ඉවර නෑ කියල. ඒක කියන්න තොරතුරු මතද නැත්නම් නිකන්ද?
නෑ පත්තරවල තියෙනව කඳවුරු 7ක 1000ක් පුහුණු වුණා කියල. තේරීම් කාරකසභාවෙදි හෙළිවුණා ත්‍රස්ත විමර්ශන ඒකකය 127කගෙ ලැයිස්තුවක් දීල තිබුණ කියල. තවම ඇල්ලුවෙ 54යි. මේ ළඟදිත් 10ක් ඇල්ලුව. එතකොට 64යි. ඒ කියන්නෙ 50%ක් තවම එළියෙ. අනෙක දැන් අගමැතිතුමා කාරකසභාවට ඇවිල්ල කිව්ව ආරක්ෂක මණ්ඩලය අහෝසි කරලයි තියෙන්නෙ කියල. ඉතින් කොහොමද ආරක්ෂාව තහවුරු කළා කියන්නෙ.


ඔබතුමාට ආරක්ෂාව භාර දුන්නොත් සැලැස්මක් තියෙනවද?
ඔව්. අවුරුදු 2, 1/2ක් ඇතුළත රටට ප්‍රශ්න ඇති නොවන තැනට මේක ඉවර කරනවා. ඊළඟට අවුරුදු 8ක් ඇතුළත මේ විෂබීජය සම්පූර්ණයෙන්ම අතුගාල දානවා.


ආයෙමත් එල්.ටී.ටී.ඊ.ය හිස ඔසවයිද?
හිස ඔසවන්න අපි මෙලෝ දෙයක් ඉතිරි කළේ නෑ.


එතකොට මේ ආරක්ෂක ප්‍රශ්නෙදි ජනාධිපතිවරයටත් වගකීමක් එනවද?
අනිවාර්යයෙන්ම. මොකද එතුම ආරක්ෂක ඇමැති. සේනාධිපති. යුද්ධෙ කාලෙදි අපි හැම දේටම සැලැස්මක් හැදුව. උද්ඝෝෂණයක් කළොත්, කොටි ගැහුවොත්, ස්ට්‍රයික් එකක් ගියොත්, බෝම්බයක් පිපුරුණොත් විනාඩි 5ක් ඇතුළත මොකද කරන්න ඕනෙ කියල සියලුම සැලැසුම් හදලයි තිබ්බෙ. අද ඒව මොනවත් වෙන්නෙ නෑ.


අවසන් වශයෙන් රනිල් ආවොත් දිනන්න පුළුවන් කියල ඔබතුමා හිතනවද?
මට විශ්වාසයක් තියෙනවා. අභියෝගයක් තමයි. හැබැයි ජනතාව දැනුවත් කරල ගෝඨාභයගෙ ඇත්ත තත්ත්වය රටට පෙන්නන්න අපිට විශාල වගකීමක් තියෙනව. අනෙක දූෂණය නැති කරන්න, රටේ විනය හදන වැඩපිළිවෙළක් අපි ජනතාවට පෙන්නන්න ඕනෙ. ඒ ඔක්කොටම වඩා අපේ එකමුතුකම පෙන්නන්න ඕනෙ. මේ විදියට ගිහිල්ල පක්ෂය කඩන් ගියොත් ඒකෙන් වාසිය වෙන්නෙ සතුරට. අපි හරියට එකතු වුණොත් පොල්පිත්තක් දැම්මත් අපිට දිනන්න පුළුවන්. අපි ඒක 2015දි ඔප්පු කරල පෙන්නුව.


2010 ඔබතුමා ඉල්ලල්දි මිලිටරි පාලකයෙක් එනව කියල චෝදනා කළා. දැන් එන්නෙ ඔබතුමාගෙ කාලෙ හිටපු ආරක්ෂක ලේකම්. එතුමත් මිලිටරි. ඔබට ආපු චෝදනාවම එතුමටත් යනව නේද?
සමහරු අපිට ඇඟිල්ල දික්කළාට අපි කවදාවත් මිනීමැරුවෙ නෑ. සුදු වෑන්වලින් මිනිස්සු උස්සන් ගිහිල්ල අතුරුදන් කරපු චෝදනා නෑ. මාධ්‍යවේදීන්ට ගහපු චෝදනා නෑ. අපි අතරෙ ලොකු වෙනසක් තියෙනව.

කපිල පුුංචිමාන්නගේ

SendShareShare
Previous Post

19 හදපු ජයම්පති ඊළග ජනපතිට තියෙන බලතල ගැන ‌හෙළිකරයි

Next Post

නුවරඑළිය සිරිය ගිරිතලේට කැන්දන Deer Park

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

තවත් ජංජාලයක්! ආණ්ඩුව ඩිජිටල් ID ටෙන්ඩරය බ්ලැක්ලිස්ට් වෙච්ච ඉන්දීය සමාගමකට දෙන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Uncategorized

O/L කරලත් ඉවරයි! A/L කරලත් ඉවරයි! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් තවම සිසුන්ට ID එක ඇවිත් නෑ! දෙපාර්තමේන්තුවත් සද්ද නෑ! I Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Uncategorized

වචනයක්වත් කතා නොකර අනුර දවස් 3ක් පාර්ලිමේන්තුවේ මොනවද කළේ? I Sri Lanka Latest News

කොළඹ ගෙදරින් දොට්ට දැමූ මහින්දව පිළිගන්න ගමේ මහසෙනගක් රැස්වෙයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රශ්නයක් නෑ! මහින්ද එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

මේ පාර කතානායක ධූරය වෛද්‍යවරයෙක්ට!  I Sri Lanka Latest News
Uncategorized

බාර දීලා මාස 4ක්! තාම කිසිම දෙයක් කරලා නෑ! පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධියේ වාර්තාව තවම කතානායක ළඟ! I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.