කොවිඩ් මරණවල අවසන් කටයුතු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අනවශ්‍ය ලෙස මැදිහත් වන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා අධිකරණ ව්‍යාධිවිද්‍යා විද්‍යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම ලිපියේ මෙසේ සදහන් වේ.
ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරන ලද මරණ කළමනාකරණ ස්වාධීන ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස මැදිහත් වීමෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ “COVID 19 ආසාදිත සිරුරු බැහැර කිරීම” පිළිබඳ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා කෙරෙහි මෑතකදී දැක්වූ තර්ජනාත්මක පිළිවෙත හේතුවෙන් ගරු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකා අධිකරණ ව්‍යාධිවිද්‍යා විද්‍යාලය විසින් දැඩි ලෙස හෙළා දකියි.











