ෆයිසර් එන්නත ලබා දුන් අමෙරිකාවේ රෝහල් සේවකයකු හට සතියකින් පසු කොරෝනා රෝගය වැළදී ඇති බව ABC News මාධ්‍ය ආයතනය වාර්තා කොට ඇත.
ඩබ්ලිව්. මැතීව් යනුවෙන් හැදින්වෙන මෙම පුද්ගලයා හට කොරෝනා එන්නත ලබා දීමෙන් පසු කිසිදු අතුරු ආබාධයක් මතුවී නොමැති නමුත් දින 6කට පසු රෝහලේ කටයුතු කරමින් සිටින අතරතුරදී කොරෝනා ලක්ෂණ පහළ කොට ඇති බව එම මාධ්‍ය වාර්තා කොට තිබේ.
ඒ අනුව කළ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු වී ඇත.
කෙසේවෙතත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එන්නත ලබා දුන්නද එය ක්‍රියාත්මක වීමට යම් කාලයක් ගන්නා බවකි.










