පාර්ලිමේන්තු රැස්වීම් මාධ්‍යයට ආවරණය කිරිම සදහා එක් මාධ්‍ය ආයතනයකින් මාධ්‍යවේදීන්දෙදෙනෙකුට අවසර ලබා දිමට තිරණය කර ඇත.
මේ අනුව පාර්ලිමේන්තුව නැවත රැස්වන ලබන ජනවාරි 5 වැනිදා සිට පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය සදහා එක් මාධ්‍ය ආයතනයකින් එක් මාධ්‍යවේදියකු බැගින් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුලත් කරගනු ඇති බව පැවසේ.
එක් මාධ්‍ය ආයතනයකට පාර්ලිමේන්තු අවසර පත් දෙකක් නිකුත් කරනු ලබන්නේ මෙලෙස එක් මාධ්‍යවේදීයකුට පාර්ලිමේන්තුවට පැමිණිමට නොහැකි වුවහොත් අවසර පත් හිමි අනෙක් මාධ්‍යවේදියාට පැමිණිය හැකි ආකාරයටය.










