• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුක් ගින්නෙන් එතෙර වෙලා ජය අරගෙන පිම්මේ… මම එනතුරු ඉදිකඩ ළග ඉන්නවාද අම්මේ…

December 29, 2020
in Exclusive, Uncategorized
Reading Time: 8 mins read
A A
දුක් ගින්නෙන් එතෙර වෙලා ජය අරගෙන පිම්මේ… මම එනතුරු ඉදිකඩ ළග ඉන්නවාද අම්මේ…
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර දුෂ්කර ගම්මානයක ඉපිද ජිවිතයේ අනේකවිධ කම්කටොලුවලට මුහුණ දුන් ඇය නමින් සදමාලි දිසානායක නම් විය. ඇය ජිවිතයේ නොයෙක් අවස්ථාවන්හිදී දුක් කම්කටොලු මාධ්‍යයේ වැටි වැටි නැගිට්ට තැනැත්තියකි. ඇය ජිවිතය දැක්කේ සිහිනයක් ලෙසයි. ඒ සිහිනය සැබෑ කරගන්න තාමත් උත්සහ දරනවා. ඒ කටුකයි කියන ජිවිත කථාව ගැන සදමාලි බිබිසි පුවත් සේවයට කියා තිබුණේ මෙහෙමයි.

“මට හිටියේ දරදඬු අම්මා කෙනෙක්. අසීමිත බැණුම්, ගුටි කෑම් මැද්දේ පොඩි කාලයේ ජීවිතේ ගෙවුණේ එක එක ගෙවල්වල. පිය සෙසෙහස ජිවිතයේ කවදාවත් ලැබිලා නැහැ. අම්මට කුලී වැඩ නැති දවස් ගණන් ගෙවෙද්දි කොහිල අල ටිකකින්, මඤ්ඤොක්කා අල ටිකකින්, තම්බපු බඩ ඉරිඟු කරල් දෙක තුනකින්, වරකා මදුල් ටිකකින්, කොස් ඇට ටිකකින්, බැදපු ඉරිඟු ඇට සෝයා ඇට ටිකකින් ගෙවපු දවස් ඕනෑ තරම්,” මට අවුරුදු අටක් වෙනකොට මගේ මල්ලිට අවුරුදු තුනයි. අක්කා ඒ වෙනකොට හිටියේ ඉස්කෝලේ අට වසරෙයි. ඒ 1995 අවුරුද්දේ. ගමේ කුලි වැඩ හැමදාම නැති නිසා අම්මාට අපිට කන්න දෙන්න සල්ලි තිබුණේ නැහැ. අම්මාට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ මාවයි මල්ලිවයි ගමේ නැදෑ ගෙදරකට භාරදිලා අක්කාව ඉස්කෝලෙන් අස්කරගෙන අම්මා කොළඹ ගියා. ඒ ගියේ ගෘහ සේවයටයි. අපි දෙන්නා නැවැත්තුව නෑදෑ ගෙදරක. ඒක තිබුනේ ගණ කැලෑවක මැටි පැලක් විදියටයි. ගෙයක් පේන තෙක්මානේ නැහැ. විදුලියත් තිබුණෙත් කලාතුරකින් ගෙදරකටයි.

අපිට නැදෑ ගෙදර දැනුණේ වධකාගාරයක් විදියටයි. අපි පුංචි නිසා එතනින් යන්න ඕනේ කියලා අපිට තේරුමක් නැහැ. ඒ ගෙදර මාමා කුලි වැඩ කරලා හවසට ගෙදර එන්නේ කනමදයා වගේ බීගෙනයි. ඒ ඇවිත් නැන්දට අඩත්තේට්ටම් කරනවා. බඩුත් පොලේ ගහනවා අපි මාමා හවසට බිගෙන ගෙදර එනකොට හැංගෙනවා. වෙරි හිදුනාම මාමා සාලේ මැද වමනේ දානවා ඒ ගෙදර හැමදාම රණ්ඩු නිසා නැන්දා මට කියලා ලියුමක් ලියලා අම්මාට යැව්වා. අම්මා ඇවිත් අරන් ගියා එහේදි ඉස්කෝලේ ගියේ ඉඳහිට. පස්සෙ මම කොළඹ ගියා.

එච්චර ලොකු ගෙදරක් මං ජීවිතේ පළවෙනි වතාවටයි. ඒ දැක්කෙ ඒ ගෙදර මම ගොඩාක් කල් හිටියේ නැහැ. ඒ මැඩම්ගේ ලොකු දුව බැඳලා හිටියේ මොරටුවෙන්. එයාගේ පොඩි බබාව බලාගන්න මාව එහේ ගෙනිච්චා. ඒ ඉන්න අතරේ මාව පරිවාස භාරයට ගත්තා. ඊට පස්සේ මට අනුරාධපුර අවන්තිදේවි ළමා නිවාසයට යන්න ලැබුණා. ළමා නිවාසෙ ඉඳන් ආයෙමත් කේ.බී රත්නායක විදුහලේ හතර වසරට ගියා. අවුරුද්දක් විභාග අතපසු වුණු නිසා හතර වසරේ තව අවුරුද්දක් ඉන්න වුණා. දැඩි අධිෂ්ඨානයෙන් ඉගෙනිම් කටයුතු කළ නිසා හැම අවුරුද්දකම පළවෙනියා වුණා. කන්න දෙයක් ගෙදර නැතිම තැන හන්දියේ බේකරියෙන් කුණු ගොඩට විසිකරපු පුස් කාල කුණුවෙච්ච පාන් අහුලන් ඇවිත් වේල් පිරිමහගන්නවා. මම හරි ආසයි දෙසැම්බර් මාසයට. මොකද අම්මා ඒක්ක ගිහින් ටවුමට අලුත් පොත් අරන් දෙන නිසා. ඒ අරන් දෙන්නෙත් බැන බැන “ගන්න ඒකක් එකසැරේ ගන්න මම සල්ලි ගස්වලින් කඩන්නේ නැනේ” කියලා ඒ බැනුම් මැද මම අසරණ වෙනවා. අක්කාට වයස අවුරුදු 12ක් වෙනකොට ඉස්කෝලෙන් අස්කරලා ගෙදරක වැඩට යැව්වා. මල්ලිට කන්න දෙන්න නැති කමට මහණ කරලා පන්සලට යැව්වා. ඒක මහා දුක්බර අවසානයක් වුණා.
මල්ලි පොඩි නිසා කිහිප වතාවක්ම සිවුරු ඇරලා ගෙදර ආවා. මේ දේවලුත් හේතු වෙන්න ඇති මල්ලි ජිවිතයෙන් පලායන්න. ඒක අදටත් අපහැදිලියි. මුලින්ම මහන කළේ ගාල්ලේ බද්දෙගම ලොකු පන්සලකයි. පන්සලේ හිටියේ අවුරුදු හතළිහක විතර ලොකු හාමුදුරුවෝයි මල්ලියි, මල්ලි එක්ක මහණ කළ අනිත් හාමුදුරුවොයි විතරයි. මට මතකයි ඒ දවස. මල්ලිට සුදු අන්දලා හිස මුඩු කරද්දී එයාගේ මුහුණේ තිබුණ කඩා වැටිච්ච බැල්ම මතක් වෙද්දි තාමත් පපුව පිච්චෙනවා. එයාට ඕනෙ ගෙදර ඇතුලෙ දුවල පැනල සතුටින් ඉන්න. බඩට නොකා හරි මාත් එක්ක ආදරයෙන් ඉන්න. මහණ කරනකොට අවුරුදු නවයයි අපි මල්ලිව ගාල්ලේ පන්සලේ තනිකරලා ගෙදර ආවා.

මේ බාධක හමුවේ මම අධ්‍යාපන කටයුතු හොදින් කරගෙන ගියා. මට පන්ති නායක කම පවා ගුරුවරුන් ලබාදුන්නා කවමදාවත් ගුරුවරුන්ගෙන් බැනුම් අහලා නැහැ. පාසලේ විනය අතින් හොද ළමයෙක් විදියට චරිතය මම රැක ගත්තා. ගමේ ඉන්න දුප්පත්ම ළමයා මෙන්ම පන්තියේ මා පළවෙනියා වෙන නිසා මට ගුරුවරුන් බොහෝ සෙයින් ආදරය කළා. මට හිටිය ගුරුවරු උදව් කළා මිස මාව කොන් කළේ නැහැ. ජීවිතයේ විවිධ හැලහැප්පීම් නිසා මට සමාජය ගැන යම් බයක් තිබුණා. ඒ නිසා මම බොහෝ දෙනෙක් ආශ්‍රය කළේ නැහැ “ගුරුමණ්ඩලයේ අය විසින් ශිෂ්‍ය නායිකාවක් විදියට වඩාත් සුදුසු යැයි කියා අයදුම්පත් නොදාම මාව තෝරා ගත්තා. මේ ඉන්න අතරේ මම ගමේ කුලී වැඩ කරලා යම් මුදලක් සොයා ගත්තා. මගේ අතට උදැල්ල හරි හුරුයි. ඉගෙන ගන්න නිසා ගමේ අය මට ගෞරව කළා බඩඉරිගු කඩන්න එහෙම ගමේ අය මට කථාකළා. නමුත් අමතර පංතිවලට ගෙවන්න මුදල් තිබුණේ නැහැ ටීවි, රේඩියෝවක්, පත්තරයක් නැති ලෝකයෙන් හුදෙකලා ජීවියෙක් වගේ ජීවත් වුණ මම දහය වසරට එනතෙක් සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ මොකක්ද කියලවත් දැන හිටියේ නැහැ. අනිත් අය විෂය පථය ගැන කථාකරනකොට මම පුදුමයෙන් බලන් සිටියා.
“විභාගේ ප්‍රතිඵල එනකන් මහරගම පිළිකා රෝහළ පාරේ නිවසක ගෘහ සේවිකාවක් විදියට රැකියාව කළා. මාසේ අන්තිම දවසට අම්මා ඇවිදින් මාසෙ පඩිය රුපියල් 3000ම මහත්තයාගෙන් ඉල්ලන් ගියා. ගෙදර මහත්තයා ඔෆිස් ගිහින් එනකොට ඕලෙවල් ප්‍රතිඵල වාර්තාවත් අරගෙන ආවා.

සාමාන්‍යපෙල විභාගයෙන් A තුනක්, B එකක්, Cහයක් ලෙස විෂයන් දහයම සමත්වුණා. කැකිරාම මධ්‍ය මහ විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා. ඒ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන්න මට සම්මුඛ පරික්ෂණයට යන්න අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් හිටියේ නැහැ. ගොඩක් ගුරුවරු මම දක්ෂ බව දැනගෙන උදව් කළා. ඉගෙනීමේ උනන්දුව නිසාම මට අමතර පංතිවලට එන්න කියලා ෆ්‍රී කාඞ් දෙන්න මුල් වුණේ කැකිරාවේ සෙනරත් එකේ ගිණුම්කරණය උගන්නපු මධ්‍ය මහා විද්‍යාලයේ විනය පාලක දිසානායක සර්. අනෙක් අයටද මම ගැන කියලා නොමිලේ පංතිවලට යන්න ඒ සර් ඉඩ සලසලා දුන්නා. මගේ භාරකාරයා විදියට ඉස්කෝලෙට ඇප වෙන්නත් සර් කටයුතු කළා. මට බෝඩිමක් සොයාගෙන පාරවල්වල ඇවිදින්න වුණා. ගෙදර ඉඳන් පාසලට කිලෝමීටර දහඅටක් තිබුණා. විභාගයට යන්න නම් පාසලට ළඟ තැනක නතර වෙන්න වුණා. මොකද ගම්වල පොදු ප්‍රවාහන සේවය ගැන විශ්වාසයක් තියන්න බැහැ. උසස් පෙළ ප්‍රථිපල ආවා. මට දරාගන්න බැරි සතුටක් තිබුණේ ඒත් අම්මාගේ මුහුණේ කිසිදු වෙනසක් තිබුණේ නැහැ. ඇය හිතුවේ මේක තවත් බරක් ලෙසයි. මට වාණිජ අංශයෙන් A සාමාර්ථ තුනක් ලැබුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අංශයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා. වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වීමත් සමග මට ලංකා බැංකුවේ ආධුනික රැකියාවක් ලැබුණු අතර එයින් දිනකට රුපියල් 325ක වැටුපක් ලැබුණා. උසස් පෙළ ජයග්‍රහණය ගැන පුවත්පතකට ලිපියක් යොමු කළ අතර, එය පළ වීමෙන් පසු බොහෝ දෙනෙකු මූල්‍යමය ආධාර ලබා දීමට කටයුතු කළා. එයින් ගේ හදාගැනිමටද අම්මාට මුදල් දුන්නා.

ඊට පස්සෙ එයාගෙ ගෙදර මට නවතින්න දෙන්නම් ජොබ් එකකුත් හොයල දෙන්නම් කීවම අම්මා ඒ මාමත් එක්ක මාව කොළඹ එන්න පිටත් කළා. මතුගමද කොහෙද ගම කිව්වෙ. ඒත් කොටුවෙන් එයා මට පොඞ්ඩක් ඉන්න කියල මාව සීටීබී බස් ස්ටෑන්ඞ් එකේ වාඩි කරවලා එයා ගියා. මං රෑ වෙනකන් බලාගෙන හිටියා එතනට වෙලා. ඒ මාමා ආවෙ නෑ. ගෙදර ආපහු යන්න සල්ලිත් තිබුණේ නෑ මගේ ළඟ. අම්ම කිව්වෙ ඒ මාමා මටත් එක්ක ටිකට් ගනියි කියලයි.මම මල්ලිට කන්න දිලා කොටුවෙන් බස්ඒකට ගොඩකරලා චමින්ද අයියාට කිව්වා පරිස්සමෙන් ගේ ළගින් බස්සන්න කියලා. තවත් මාසයකින් මම ගෙදර යනකොට ආයෙමත් මයෙ මල්ලි ගෙදරින් අතුරුදහන්. ආයෙමත් පාසලෙන් අස් කරවලා දඹුල්ලෙ ඌරු කොටුවක ඌරො බලාගන්න යවලා. මාසෙට රුපියල් හත්දාහෙ පඩියට.

හැම මාසෙම පඩි දෙන දවසට අම්ම ගිහින් මල්ලිගෙ රුපියල් හත්දාහ අරගෙන එනවා. ඒත් ඒක මල්ලිගෙ පළවෙනි වගේම අන්තිම රැකියාව වුණා.ඌරු කොටුව තිබුණ කැලේ අලි ඇවිත් ඌරු කොටුව පෙරළන නිසා මල්ලි රෑට නිදාගත්තෙ ඒ කැලේම ඌරු කොටුව ළඟ ගහක් උඩ පැළක. එක දවසක් එයා ඒ ගහේම ඔ අකුර වගේ අත්තකට ලණුවක් දාලා බෙල්ල ඔතාගෙන ගහෙන් පැනලා තිබුණා.

මල්ලි මැරුන බව ඌරු කොටුව අයිති මිනිස්සු දන්නේ පැය විසිහතරක් ගියාට පස්සේ. “ඒ මිනිස්සු හරි දරුණුයි චූටි අක්කෙ,” මල්ලි නිතර කිව්ව කතාවක්.ඒත් මල්ලිගෙ හදිසි මරණය, මැරුනට පස්සෙ මල්ලිගෙ ෆෝන් එක ගෙනත් නොදී කල් ගත්ත එක, එයාට ආපු කෙටි පණිවිඩ කවුරු හරි බලල තිබුණ එක මට හරි සැකයි. නමුත් මේ ගැන අම්මාට කියද්දී අම්මා ගත්තේ ඒ මිනිස්සුන්ගේ පැත්ත.” මං ඔළුව පාත් කරන් අම්ම දිහාවත් නොබල පොලිසියෙන් පිටවෙලා ආවා.

මට ආපන ශාලාවක රැකියාවක් හම්බුණා. හෝටලය අයිති අයගෙම ගෙදර නැවතිලා ඉන්න නිසා එයාල මගෙන් සල්ලි ගත්තේ නැහැ. හැමදාම උදේ 5.30ට නැගිටලා 6.10 විතර වෙද්දි හෝටලයට යනවා.

මේ සියල්ල අතර විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ද පෙර සේම හොඳින් සිදුකළා. අම්මාගේ අඩන්තේට්ටම් සහ සමාජයෙන් එල්ල වූ විවිධ බාධක මැඩගෙන වසර හතරකට පසුව විශේෂ කළමනාකරණ උපාධිය ලබාගත්තා.
මගේ ජීවිතය ගොඩනැගුවේ මම විසින්මයි. පොඩි කාලයේ ඉඳන්ම මම හැමදේම දිනපොතක ලියනවා. ජීවිතයේ සැලැස්ම හැමවෙලාවෙම ලියලා තිබුණා. මගේ හයියට කිසි කෙනෙක් හිටියේ නැහැ.

මම ආසියානු රටක ගිණුම් අංශයේ රැකියාවක් ද කළා. ඒ අතර කොරියානු භාෂා විභාගය ද කළා. එයින් උසස් ලෙස සමත් වුණා. නමුත් ඒ අතර යුරෝපා රටකට යන්නට අවස්ථාවක් ලැබුණා.

මට තව සැලැස්මක් තිබෙනවා. ඒ වෙනත් යුරෝපා රටකට ගිහින් ජීවත් වෙන්න. මගේ සැලසුම් සාර්ථක වෙන තෙක් මම හෙළි කරන්නේ නැහැ. ඒකයි මම ඉන්න රටේ නම දාන්න එපා කිව්වේ.

අද මම අම්මාට සහ අක්කාට ඉතා හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න සල්ලි යවනවා. මගේ සාර්ථකත්වය සහ මේ ගමන ගැන ආපසු හැරී බලන කළ මටම පුදුමයි. ඥාතීන් සහ සමහර පුද්ගලයන් මට බනිනවා අම්මා ගැන මේ දේවල් හෙළි කරන්න එපා කියලා. නමුත් දරුවන් වැදූ පමණින් ඔවුන්ට හිංසා කරන්න අම්මාටවත් බැහැ. මම අම්මාටත් සමාව දෙනවා. මරණය ඇරෙන්න සමාවක් දෙන්න බැරි වැරදි මගෙ ජීවිතයේ නැහැ,”

මේ කථාවෙන් අපිට බොහේ දේ ඉගෙන ගන්න පුළුවන් . සමාජයේ සදමාලිලා තවත් කොතරම් ඇත්ද? ජීවිතයේ සැලැස්මක් අධිෂ්ඨානයක් තියෙනවානම් සහින සැබැ කරගන්න ඒක ඒතරම් අපහසු වෙන්නේ නැති බව සදමාලි සමාජයට කියලා දුන්නා. ජීවිතේ මුලසිටම සැලසුම් කළා නම් ජිවිතය ජයගන්න පහසු බවද අපට තේරුම් කරදුන්නා. මිනිස්සුන්ගේ ජිවිතවල සිහින තියෙනවා ඒ සිහින සැබෑ කරගැනිම තියෙන්නේ තමන්ගේ අතේමයි. කුඩා කාලයේ ළමයින්ගේ පෞරුෂ වර්ධනයට අම්මාගේ තාත්තාගේ ආදරය කරුණාව අවශ්‍ය බවද මේ කථාවෙන් තහවුරු වුනා. එහෙම ලැබුණේ නැතිවුණාම ජිවත විනාශ වෙනවා. ඒ අම්මාට ඕනේ වුනේ ළමයින්ව වහල් සේවයට යවලා හරි මුදල් උපයන්න විතරයි. දරුවන්ගේ අනාගතය ගැන වගකිමක් දැනුණේ නැහැ. අහිංසක හිත් ඇති මිනිසුන් කුරිරු වැඩ (මාංශ වෙළදාම) කළාම නපුරු සිත් ඇතිවන බවද සදමාලිගේ මල්ලිගේ කථාවෙන් ඉගෙන ගන්න පුළුවන්. දෙමව්පියන් යුතුකම් ඉෂ්ඨ කළානම් ජීවිත මෙහෙම අයාලේ මියැදෙන්නේ නැහැ. දෙමව්පියන්ට කොතරම් අගහිගකම් තිබුණත්, පුළුවන් විදියට දරුවන්ට යුතුකම් ඉෂ්ඨ කරන්න ඔනේ. දෙමව්පියන් ජීවිතේ දරුවන්ව දරුවෝ විදියට මිසක් මුදල් උපයන මැෂින් වගේ හිතලා ළමයින්ගෙන් මුදල් සූරන් කන්න හොඳ නැති බවද ද සදමාලි සමාජයට කියලා දුන්නා.

සකස් කළේ නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ධම්මිකගේ පැණිය ගහපු 5කට කොරෝනා: පෝලිම්වල පොරකාපු අය ගැන බියක්

Next Post

අතිභයානක බ්‍රිතාන්‍ය කොරෝනාව ඉන්දියාවටත් පනී: ලංකාව අධිඅවදානමක

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.