කෑගල්ලේ ධම්මික බණ්ඩාර කපු මහතා විසින් හඳුන්වා දුන් කොරෝනා පැණිය පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසූවේ වරකපොල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 05ක් වූ දරුවකු සහ ඇගේ මව ඇතුළු පස් දෙනෙකු මෙසේ ආසාදිත වී ඇති බවකි.
තමන් එම ඖෂධය පානය කළ බව ඔවුන් විසින් සෞඛ්‍යය නිලධාරීන් සමග තොරතුරු හෙළි කර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
අදාළ ආසාදිතයන් පස් දෙනා මේ වන විට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති බවද ඒ මහතා පැවසීය.
නිරෝධායන නීති නොතකමින් පෝලිම්වල පැය ගණන් පොරකමින් එම ඖෂධය ලබා ගැනීමට යාමෙන් ඉදිරියේදී එම ප්‍රදේශවල වෛරසය තවත් දැඩිව ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බව ද ඒ මහතා කියා සිටියේය.
සෞඛ්‍ය නීති නොතකමින් මෙවන් දේ පසුපස ගොස් ජීවිතය අවදානමක දමා නොගන්නැයි ඉතා ඔ්නෑකමින් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු තව දුරටත් පැවසීය.










