• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

හැංගිලා ඉඳන් කුඩු මාෆියාවේ ඔළු කුඩු කරන කව්ද මේ පොලිසියේ සාමන්ත CID SPECIAL

December 28, 2020
in CID, Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
හැංගිලා ඉඳන් කුඩු මාෆියාවේ ඔළු කුඩු කරන කව්ද මේ පොලිසියේ සාමන්ත CID SPECIAL
Share on WhatsAppShare on Facebook

මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් සමග මත්කුඩු ජාවාරමේ නිරතව සිටි නිලධාරීක් පිරිසක් හේතුකොටගෙන කඩා වැටුණු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නැවත ගොඩ ගැනීමේ කටයුත්ත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පවරන්නේ නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර යන නිලධාරීන්ටය. මේ අතර සිටින සාමන්ත විජේසේකර පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත නිහඬ චරිතයකි.

කව්ද මේ සාමන්ත?

බොහෝ අවස්ථාවන්වලදී ඔහුට හිමිවී ඇත්තේ අභියෝගාත්මක අපරාධ විමර්ශනයන්ය. යුද්ධය දරුණුවටම පැවැති මෙයට වසර පහළොවකට විස්සකට පෙර සාමන්ත විජේසේකර සේවයේ නිරතව සිටියේ දියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසිනි. එකල ඔහු පොලිස් පරීක්ෂකවරයෙකි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයින් රටේ තැන තැන මේ කාලයේ පිපිරවීම් කරන්නට වූයේ සිවිල් වැසියන්, ආර්ථික මර්මස්ථාන සහ හමුදා සාමාජිකයින් ඉලක්කරගෙනය. එසේ හමුදා සාමාජිකයින් පිරිසක් ඉලක්කර දිගම්පතහ ප්‍රදේශයේ පුපුරවා හරින ලද ත්‍රස්තවාදීන්ගේ වාහන බෝම්බය මෙරට ඉතිහාසයේ ලියැවී ඇත්තේ නිරායුධ හමුදා සාමාජිකයින් වැඩි පිරිසකට යුදමය නොවන ප්‍රදේශයකදී ත්‍රස්තවාදීන් එල්ල කළ දරුණුතම ප්‍රහාරයක් ලෙසිනි. ත්‍රස්තවාදීන්ගේ ඊළඟ ඉලක්කය වී තිබුණේ දියතලාව හමුදා කඳවුරේ සෙබලු සිය දහස් ගණනක් එකවර ඝාතනය කිරීමය. ඒ සඳහා පොල් පටවන ලදසේ කිලෝ 1000කට වැඩි පුපුරණ ද්‍රව්‍ය ඇටවූ ලොරියක් පවා ත්‍රස්තවාදීන් දියතලාවට එව්වේය. එහෙත් හමුදා කඳවුර පිහිටි පැත්ත පළාතකට එම ලොරියට ඇතුළු වීමට ඉඩක් නොලැබෙන්නේ එකල සාමන්ත විජේසේකර විසින් තම පොලිස් බල ප්‍රදේශයේ දියත් කර තිබුණු ආරක්ෂක වැඩ පිළිවෙළ හේතුවෙනි. එම ලොරිය පසුව කුරුණෑගල කොටවෙහෙර පිහිටි පොලිස් මාර්ග බාධකයකදී හසුවන්නේ ඉලක්කය ලබාගැනීමට නොහැකිව රැගෙන යමින් තිබියදීය.

කොටකෙතන ගහපු බොරු

පොලිස් පරීක්ෂක ධුරයේ සිටි සාමන්ත විජේසේකර අනතුරුව සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස් වීම් ලබන්නේ තරග විභාගයකින් ඉහළින්ම සමත් වෙමිනි. එම උසස්වීමත් සමග ඔහුට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ නුවරඑළියටය. එතැනින් ඔහුට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. කහවත්ත කොටකෙතෙනේ කාන්තා ඝාතන රැල්ලක් හටගෙන තිබෙන්නේ එම වකවානුවේදීය. කාන්තාවන් ඝාතනය වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කොළඹ අපරාධ කොට්ඨාසයත් ඝාතකයන් යැයි සඳහන් කරමින් සැකකරුවන් අල්ලන්නට වූයේ තරගයට මෙනි. එහෙත් කොටකෙතන කාන්තා ඝාතනයන්ට නැවතීමේ තිත තැබුණේ නැත. ඒ අතර කාන්තා ඝාතකයන් බවට සැකයට ලක්වන පුද්ගලයින් අතුරුදන්වන්නටද ගත්තේය. ඒ අය අදටත් අතුරුදන්ය. ඒ අතර පොලීසිය නිරපරාදේ තමන්ව අත්අඩංගුවට ගෙන කාන්තාවන් දූෂණය කර ඝාතනය කළේයැයි බොරැ චෝදනා ඉදිරිපත් කළේ යැයි සිත් තැවුලට පත්ව සිය දිවි හානිකරගත්තවුන්ද නැතුවාම නොවේ. සිය පෙම්වතියගේ උපන්දිනය වෙනුවෙන් තෑග්ගක් ලබාදීමට රුපියල් 1500ක මුදලක් ලබා නොදුන්නේ යැයි කියා සිය මව ඝාතනය කර දූෂණය කර මරා මළ සිරුර කොටකෙතන ගම මැදින් ගලා බසින ඇලේ සැඟවූ බවට මවගේම පුතාට පවා චෝදනාවක් පොලීසිය එල්ලකරමින් එම පුත්‍රයාව අත්අඩංගුවට ගන්නේද කාන්තා ඝාතනයක් සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයන්ට අදාළවය. එසේම මේ වන විට කොටකෙතනේ ද්විත්ව කාන්තා ඝාතනයකට මරණීය දණ්ඩනයෙන්ද පුද්ගලයෙක් දඬුවම් ලැබ සිටින්නේ පොලීසිය දක්ෂ ලෙස ඔහුට එරෙහිව සාක්ෂි ගොඩ නගා අධිකරණය හමුවේ දිග හැරීම හේතුවෙනි. ඒ යැයි කියා කොටකෙතනේ ඝාතන රැල්ලට නැවතීමේ තිත තැබුණේ නැත. ඒ සැබෑ කාන්තා ඝාතකයා ඒ වන විටත් නිදහසේ සිටි නිසාය. එම ඝාතකයා නීතියේ රැහැනට හසුකර ගැනීමේ මොහෙයුමේ සාමන්ත විජේසේකර ප්‍රධාන චරිතයකි. ඔහු පිටුපසින් එදා සිටියේ වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නය. කොටකෙතනේ සිදුවුණු කාන්තා ඝාතන 19න් එකක් හැරුණු කොට සෙසු ඝාතන සියල්ලක්ම සිදුකළේ තමන් විසින් බවට සාමන්ත විජේසේකර ඇතුළු කණ්ඩායම විසින් අල්ලාගත් සැබෑ ඝාතකයා විසින් අධිකරණය හමුවේද රහස් පාපොච්චාරණයක්ද කළේය. එකී ඝාතන ඩී.එන්.ඒ පරීක්ෂාවන් තුළින්ද තහවුරු වන්නට විය. මරණිය දණ්ඩනයෙන් මේ වන විට දඬුවම් ලබාසිටින පුද්ගලයාට චෝදනා එල්ලවී ඇති ද්විත්ව කාන්තා ඝාතනය පවා කළේ තමන් බව අවසානයට අල්ලා ගත් ඝාතකයාගේ පාපොච්චාරණයේ ඇතුළත් විය. එම ද්විත්ව කාන්තා ඝාතනයෙන් පසු ඒ කාන්තාවන්ගේ නිවසේ තිබී ඔහු විසින් සොරාගත්තේයැයි කියන මුදල් තොගයක් අතර තිබුණු විදේශීය මුදල් නෝට්ටුවක් පවා සාමන්ත විජේසේකර ඇතුළු කණ්ඩායම සැකකරුගේ නිවසින් සොයාගත්තේය. ඒ එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් වූ පෙර පැවැති විමර්ශනයන් සම්බන්ධයෙන් යම් ගැටලුවක්ද ඇති කරමිනි. ඒ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවේ සිටියේ මුල් විමර්ශන නිලධාරියා වූ බැවින් ඒ ගැන වැඩිදුර විමර්ශනයක් සිදුවීදැයි අදටත් ඇත්තේ ගැටලුවකි. එහෙත් සාමන්ත ඇතුළු කණ්ඩායම කොටකෙතනේ ඝාතන රැල්ල මැඩලුවේ සැබෑ අපරාධකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරමිනි. අදටත් කොටකෙතනේ කාන්තාවක් අභිරහස් ආකාරයට ඝාතනය වී නැත්තේ එබැවිනි. එම විමර්ශනයට අදාළව එකල පොලිස්පතිවරයාව සිටි එන්.කේ. ඉලංගකෝන් සාමන්ත ඇතුළු නිලධාරීන්ට උසස් වීම් ඇතුළු ත්‍යාග නිර්දේශ කළේය. එහෙත් වසර පහකට වැඩි කාලයක් ගතවී ඇතත් අදටත් ඒ නිලධාරීන්ට එම උසස්වීම් ලැබී ඇති බවක් දැන ගන්නට නැත. ඒ අදෘෂ්‍යමාන හස්තයක් විසින් එම උසස් වීම් එකල වළකා තිබුණු බැවිණි. කොටකෙතනේ ඝාතන රැල්ලේ පොලිස් විමර්ශනවල බොරුව සහ සැබෑව හොඳින් දන්නා වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නුදුරේම සැබෑ විමර්ශකයන්ට මෙන්ම වින්දිතයන්ටද යම් සහනයක් ඉටුකරනු ඇතැයි විශ්වාස කළ හැකිය.

පාස්කු ප්‍රහාරයේ මොළකාරයන් අල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන මොහොත වන විට සාමන්ත විජේසේකර සිටින්නේ අම්පාර පොලිස් ප්‍රධානියා ලෙසිනි. නැගෙනහිර ක්‍රියාත්මක වූ සහරාන්ගේ අන්තවාදී ජාලයට සම්බන්ධ ප්‍රබලයින් රැසක්ම කොටුකර ගන්නේ සාමන්තගේ නායකත්වයෙනි. දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සයින්දුමරුදු නිවසක සැගවී සිටි සැකකරුවන් එම නිවස තුළ බෝම්බ පුපුරවාගෙන මරුමුවට පත්වන්නේද රාජ්‍ය බුද්ධි සේවය සමග ඒකාබද්ධව ඔහු විසින් කළ මෙහෙයුමකට අනුවය. එම මෙහෙයුමේදී අම්පාරේ නිවාස කිහිපයකින් අවි ආයුධ පවා සොයාගත් අතර අවසානයේදී සහරාන්ගේ ජාලයට සම්බන්ධවූවෝ 100 කට වැඩි පිරිසක් කොටුකර ගැනීමටද සමත්විය. ඒ සියල්ලම සිදුවූයේ නිහඬවය. මාධ්‍ය ඉදිරියේ ඔහු පිම්බෙන්නට ගියේද නැත. අම්පාරෙන් සාමන්තට ස්ථාන මාරුවක් ලැබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශසයටය. ඒ ඔහුගෙන් තවත් වැඩ ගන්නටය. ඒ අතර කොළඹ දකුණ පොලිස් ප්‍රධානියා ලෙසද මොණරාගල පොලිස් ප්‍රධානියා ලෙසද ඔහු සේවය කළේය. අවසානයේදී පොලිස්පති සී.ඩී. ඔහුව කැඳවන්නේ කඩා වැටුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ගොඩ ගන්නටය. ඒ අනුව ඔහු පසුගිය මාස කිහිපය තුළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ විශාල වෙනසක් සිදුකළේය.ඒ ව්‍යූහාත්මක මෙන්ම ආකල්ප වශයෙනුත්ය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැටුණු තැනින් නැගිටුවා දිග ගමනකට මුලපුරමින් රහස් මෙහෙයුමක් දියත් කරන්නේ අනතුරුවය. ඒ මහා පරිමාණයේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටින ජාවාරම්කරුවෙක් කොටුකර ගන්නටය. ඒ මත්කුඩු තොගයක්ද සමගිනි. එහෙත් අල්ලා ගන්නට හැකියාව ලැබෙන්නේ මත්කුඩු ග්‍රෑම් 300ක් පමණ වූ සුළු ප්‍රමාණයක් පමණි. මහා පරිමාණ ජාවාරම්කරු වෙනුවට කොටුවන්නේ ඔහුගේ ගෝලයෙකි. ඒ ඉලක්කය වූ මිදිගම චින්තක නොහොත් හරක් කටා නැමැති ජාවාරම්කරු හොර රහසේ ඩුබායි රටට පළාගොස් සිටි බැවිනි. ඒ යැයි කියා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අධෛර්්‍යමත් වූයේ නැත. අල්ලාගත් සැකකරුගේ කඩුවෙල හේවාගම පිහිටි නිවසක් සෝදිසියට ලක්කළේය. ඒ නිවසේ මත්ද්‍රව්‍ය සඟවා තිබේදැයි කියාය. එහෙත් මත්ද්‍රව්‍ය වෙනුවට නිවසේ කබඞ්ඩුවකින් මතුවන්නේ බන්ඩල් කරන ලද මුදල් නෝට්ටු තොගයකි. වැඩිපුරම දකින්නට වූයේ රුපියල් 5000 නෝට්ටුය. බැලින්නම් මේ මත්කුඩු ජාවාරමෙන් දින 10ක් වැනි කෙටි කාලයක් තුළ උපයාගත් මුදල්ය. මේ මුදල් මෙසේ රැස්කර තිබී ඇත්තේ ජාවාරම්කරුවන් අතර සිදුවන උණ්ඩියල් නමින් හදුන්වන මුදල් හුවමාරුවක් හරහා ඩුබායි රටට යවන්නටය. එම ප්‍රමාණය රුපියල් කෝටි හයකට අඩුවන්නේ ලක්ෂ නවයක් පමණි.

හරක් කටාගේ පැටිකිරිය

විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට අනුව “හරක් කටා“ ඩුබායි පනින්නේ මෑතකදීය. ඒ වෙනත් පුද්ගලයෙකුගේ තොරතුරු ඇතුළත්ව ඔහුගේ මුහුණ යොදා සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයකිනි. එසේ වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ඔහු රටින් පැන ගන්නේ මිනිස් ඝාතන මංකොල්ලකෑම්, කප්පම් ගැනීම් සහ මත්කුඩු ජාවාරමට ඔහුට එරෙහිව අධිකරණ රැසක නඩු විභාග වන බැවින් විදෙස්ගතවීම් ඒ අනුව තහනම් කර ඇති බැවිනි. අනාවරණය වන අකාරයට අනුව “හරක් කටා “ ඩුබායි පනින්නේ අංගොඩ ලොක්කාගේ මරණින් පසුවය. කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාරය එල්ලකර සමයං ඇතුළු හත් දෙනෙක් ඝාතනය කිරීමෙන් පසු අංගොඩ ලොක්කා ඉන්දියාවට පළායාමෙන් පසු ඔහුගේ සියලුම මෙරට අපරාධ සම්බන්ධීකරණය කළේද හරක් කටාය. මිදිගම පදිංචිකරුවෙන් වන හරක් කටා අංගොඩ ලොක්කාට සමීප වන්නේ මාකඳුරේ මධුෂ් හරහාය. මධුෂ් ඩුබායි පොලීසියට කොටුවීමෙන් පසු මධුෂ්ගේ කල්ලිය අංගොඩ ලොක්කාගේ අණසකට යටත්කිරීමේ මෙහයුමේ නිරතව සිටියේ යැයි කියන්නේද හරක් කටාය. පසුගිය මැයි 30 වෙනිදා අළුයම මිරිස්ස ධිවර වරාය ඉදිරිපිටදී සන්ෂයින් සුද්දා නැමැති මධුෂ්ගේ සමීපතයෙකුට වෙඩි තැබීමටද නම කියැවෙන්නේ ද ඔහුගේය. මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයට පවා සහභාගිවීමට ඩුබායි ගොස් එරට පොලිස් අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ අයෙක් වන සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමට මුල්වන්නේ අංගොඩ ලොක්කාට පක්ෂපාතී නොවීම යැයි කියති. මධුෂ්ට අයත් බහුදින යාත්‍රා මෙහෙයවන්නෙක් බවට හඳුනාගෙන ඇති සන්ෂයින් සුද්දා සංචාරක හෝටල් හිමිකරුවෙකි. එදා සන්ෂයින් සුද්දාට වෙඩි තබන්නේද අතුරුගිරියෙන් ගෙන්වාගත් කුලී ඝාතකයෙක් යොදාගෙන බව පොලිස් ආරංචිමාර්ග කියයි.

කව්ද මේ පොට්ට වජිර

අංගොඩ ලොක්කාගේත්, මධුෂ්ගෙත් මරණවලින් ඔවුන්ගේ පාතාල ජාලය මෙහෙයවන්නේ හරක් කටා සහ පොට්ට වජිර යන දෙදෙනා විසිනි. පොට්ට වජිර නැමැත්තා මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයෙකි. ඔහුට පොට්ට වජිර යැයි කියන්නේ දෑස් නොපෙනෙන බැවිනි. මාකදුරේ මධුෂ් ඩුබායි හී සැපවත් ජීවිතයක් ගතකරමින් සිටියදී ඔහුගේ පාතාල ජාලය බිඳ දැමීමට පොලිස් විශේෂ කාර්ය බළකාය දියත් කළ මෙහෙයුමකදී කටුනායක කුරණ හංදියේදී එල්ලවුණු වෙඩි ප්‍රහාරයකින් දෑස් අන්ධ වූ වජිර එදා සිට පොට්ට වජිර බවට පත්විය. මේ වන විට සැඟවී ජීවිතයක් ගතකරන ඔහු මධුෂ්ගේ පාතාලයේ ගෝල බාලයින් රැසක් මෙහෙයවමින් සිටින්නේ තමාගේ දෑස් අන්ධ වීමට මුල්වුණු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ඉව අල්ලමින් බවද කියැවේ.

පොට්ට වජිර එසේ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ඉව අල්ලමින් සිටියදී ඔහුවත් තනිකරමින් ඩුබායි පැනගත් හරක් කටා එරට සිට මෙරට මත්කුඩු ජාවාරමට සම්බන්ධව සිටින්නේ මෑතකදී සුරාබදු නිලධාරීන් විසින් ඉරණවිලින් අල්ලාගත් මත්කුඩු ජාලයට සම්බන්ධ වූවෝ සමගිනි. ඒ අතර සිටින බත්තරමුල්ලේ සංජුගේ පළමු බිරියවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අල්ලාගත්තේය. ඒ ඇයද මෙම ජාවාරමේ කොටස්කාරියක් බව මුදල් සමගින් අල්ලාගත් සැකකරුගේ තොරතුරු ඔස්සේ කළ විමර්ශනයේදීය. ඇය වෙන කිසිවෙක් නොව, දේශපාලන හයි හත්තියද ඇතිව වැඩ පෙන්වූ සොත්ති උපාලි නම් වූ පාතාල මැරයාගේ දියණිය වන සිඟිතිය. ඇය මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මෙයට පෙරද පොලිස් අත්අඩංගුවට පත්වූ තැනැත්තියක් වූවාය. ඇය ඇසුරු කරන්නේ මෙරට නම ගිය පාතාල අපරාධකරුවන්ය. කලක් ඇය මාකදුරේ මධුෂ්ගේද හිතවතියක් වී සිටියාය. මධුෂ්ට ඇප දී 2015 වසරේදී බන්ධනාගාරයෙන් නිදහස්කර ගැනීමට මෙන්ම මධුෂ්ව ඩුබායි රටට පැන්නවීමට මුල්වන්නේද සිඟිති බව පොලිසිය කියයි. මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් මේ වන විට මරණීය දණ්ඩනය නියම වී සිටින බොරැල්ලේ කුඩු තිලාන්ගේද බිරිය බව කියැවේ. ඇගේ සැලසුමකට අනුව කුඩු තිලාන් වරක් බන්ධනාගාරයෙන් පැන්නේය. ඒ ව්‍යාජ අසනීපයක් ගෙන රාගම රෝහලට ඇතුළත් කර සිටියදීය. සති ගණනාවක් සැඟවී සිටි ඔහු වෙස් වලාගෙන ඩුබායි පනින්නට සූදානම් වන්නේ කටුනායක ගුවන් තොටුපොළ හරහාය. එහෙත් ඒ සැලසුම ව්‍යර්ථ වන්නේ රාජ්‍ය බුද්ධි සේවයට ලැබී තිබුණු යම් තොරතුරක් නිසාය. එසේ නොවන්නට අද ඔහු සිටින්නේ හිර ගෙදර නොව, ඩුබායි රටේය.

සුරා බදු නිලධාරීන් බේරුණු හැටි

හරක් කටා, තිලාන්, බත්තරමුල්ලේ සංජු, ජූඞ්, මේ සියලුදෙනාම දැන් සිටින්නේ එකම මත්කුඩු ජාලයකය. බන්ධනාගාරගතව සිටියත් තිලාන්ගේ මත්කුඩු ජාලය අදටත් ක්‍රියාත්මකය. සුරාබදු නිලධාරීන් විසින් මෙම ජාලයට සම්බන්ධ මත්කුඩු කිලෝ 200ක් අල්ලා ගැනීමද ඔවුන්ට තදබල ලෙස දැනී ඇත. සුරාබදු නිලධාරීන්ට එරෙහිව ඔවුන් මෙහෙයුමක් දියත්කරමින් මඩ ගැසීමක් පවා කරනු ලැබුවේ ඒ නිසාය. එහෙත් ඔවුන් බලා පොරොත්තු වූ’ආකාරයට සුරාබදු නිලධාරීන්ට මඩ ගසා ඒ අය පොලිස් අත්අඩංගුවට පත්කරලීමට ගත් උත්සහය එතරම් සාර්ථක නොවන්නේ බුද්ධි අංශ ප්‍රධානියෙක් මැදිහත්වී අවශ්‍ය තැන්වලට අවශ්‍ය වේලාවේදීම තොරතුරු ලබාදීම නිසාය. එසේ නොවන්නට අද සුරාබදු නිලධාරීන් රැසක්ම සිටින්නේ හිරගෙදරය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විමර්ශන තොරතුරුවලට අනුව හෙරොයින් මත්කුඩු කිලෝවක් පකිස්තානයේ සිට මෙරට මුහුදු තීරයට ගෙනවිත් භාරදීම වෙනුවෙන් පකිස්තානු ජාවාරම්කරුවන් අය කරනු ලබන්නේ රුපියල් ලක්ෂ 20 ක් පමණ වූ මුදලකි. කිලෝ 100 කට වැඩි ඇනවුමක් නම් එම ඇනවුමට ගිනි අවි කිහිපයක් එක්කරනුයේ දිරි ගැන්වීමක් ලෙසිනි. මෙම මත්කුඩු කිලෝව කොටස් කිහිපයකට වෙන්ව සිල්ලරයට අලෙවි වන විට ග්‍රෑම් එකක් අලෙවි වන්නේ යැයි කියන්නේ රුපියල් 3500ත් 4000ත් අතර මිලකටය. පසුගිය කාලයේ පොලිස් වැටලීම් වැඩි වශයෙන් දියත්වන විට ග්‍රෑම් එක අලෙවි වූයේ යැයි කියන සිල්ලර මිල රුපියල් 5000කි. ඒ අනුව හෙරොයින් කිලෝවක් සිල්ලරයට පවා අලෙවි වන උපරිම වටිනාකම වන්නේ රුපියල් ලක්ෂ 50ක් වැනි මිලකි. එහෙත් වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා මත්කුඩුවලට පොලීසියේම ඇතැම් පාර්ශව කිලෝවක් රුපියල් කෝටියයි යැයි කියමින් ලබාදෙන්නේ මත්කුඩුවලට වෙළද පොළේත් නැති අධි තක්සේරුවකි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට පෙනී ගොස් ඇත්තේ ඒ තුළින් සිදුවන්නේ මත්කුඩුවලට නැති වටිනාකමක් දෙමින් ඊට යම් පෙළඹවීමක් කෙරෙන බවකි. කෙසේ වෙතත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් හරක් කටාගේ ගෝලයාගේ නිවසින් සොයා ගන්නා මුදල් තොගය හෙරොයින් කිලෝ විස්සක් තිහක් පමණ අලෙවි කිරීම් තුළින් උපයාගත් ඒවා බව නම් පැහැදිලිය.

අංගොඩ ලොක්කාගේ වෙපන් දෙක

මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකාය මුල්ලේරියාවේ ඉඩමක වළදමා තිබී නවීන වර්ගයේ ගිනි අවි දෙකක් ඉකුත් සතියේ සොයා ගත්තේය. මෙම ගිනි අවි දෙක පිස්තෝලවලට සමානය. එහෙත් ඒ එක් අවියක් පතොරම් 30 ක මැගසිනයක් සවිකරන එකකි. අනෙක් ගිනි අවිය ලේසර් කිරණ මගින් ඉලක්කය ලබා ගැනීමට හැකි අලුත්ම තාක්ෂණය සහිත වූවකි. මෙම අවි දෙකම අංගොඩ ලොක්කට අයත් බව විශේෂ කාර්ය බළකායට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය. මෙම අවි දෙක වළදමා තිබී ඇත්තේ ලීටර් 04 ප්‍රමාණයේ අයිස්ක්‍රීම් කප් එකක ග්‍රීස් තුළ බහාය. මෙම අවි අංගොඩ ලොක්කා අතට පත්වීමේ කථාවද අපූරු එකකි. එය 2018 වසරේ මුල් කාර්තුව දක්වා දිව යන්නෙකි. එකල මාකඳුරේ මධුෂ් මත්කුඩු ජාවාරම මෙහෙයවන්නේ ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙක් වන මොරිල් සමග එක්වය. මොරිල් සිටින්නේද ඩුබායිහීය. දෙදෙනා එක්ව පකිස්තානයට ලබාදුන් ඇනවුමකට අනුව මත්කුඩු කිලෝ 110ක් ගොඩ බාන්නේ දෙවුන්දර වෙරළටය. මාකදුරේ මධුෂ් මෙම මත්කුඩු තොගය සිය ගෝලයින් යොදා මංකොල්ල කන්නේ පොලිස් වෙස් ගෙනය. ඒ අය අතර සන්ෂයින් සුද්දාද සිටියේය. මධුෂ් මත්කුඩු තොගය කොල්ලකනවා පමණක් නොව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයටද මෙම මත්කුඩු තොගය ගැන ඔත්තුව ලබාදෙන්නේ ඒවා කොළඹට රැගෙන ඒමට සූදානමින් සිටි අයගේද තොරතුරු සමගිනි. ඒ මත්කුඩු තොගය පොලිස් වෙසින් කොල්ලකන අය ගැන නොව, වෙරළට ගෙන ඒමෙන් පසු එම මත්කුඩු තොගය රැගෙන යන්නට සූදානමින් සිටි සැබෑ පිරිස ගැනය.
මධුෂ්ගේ සැලසුමට අනුව සන්ෂයින් සුද්දා ඇතුළු පිරිසක් පොලිස් වෙසින් මත්කුඩු තොගය කොල්ලකා පළා යන විට ඒ තැනට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කඩා පනින්නේ ඒ කිසිවක් නොදැනය. එහිදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අල්ලාගන්නට ඉතිරි වන්නේ මත්කුඩු වෙරළට ගෙන ආ බෝට්ටුවත් එම මත්කුඩු කොළඹට රැගෙන ඒමට සූදානමින් සිටි පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ ව්‍යාපාරිකයෙක් ඇතුළු කිහිප දෙනෙක් පමණි. ඒ ඔවුන් පැමිණි සුබෝපභෝගී මෝටර් රථද සමගිනි. මධුෂ් මෙහිදී මොරිල්ට ඒත්තු ගන්වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මත්කුඩු තොගය හොර පාරෙන් පිටකර ඒවා රැගෙන යාමට පැමිණි කිහිප දෙනා පමණක් අත්අඩංගුවට ගෙන ඇති බවකි. මොරිල්ද එය විශ්වාස කළේය. මධුෂ් ඩබල් ගේමක් ගසා ඇතැයි මොරිල් දැන ගන්නේ ටික කාලයකට පසුවය. සිය දියණියගේ උපන්දින සාදයේදී ඩුබායි පොලිසියට මධුෂ්ව කොටුවන්නේ තමාට කළ කපටි වැඬේට මොරිල් ගැසූ ගේමකට අනුවය. එදා පකිස්තානයේ සිට රැගෙන විත් දෙවුන්දරට ගොඩබාන ලද හොරායින් කිලෝ 110 අතර ගිනි අවි 07ක්ද තිබී ඇත. ඒ පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් ලැබුණු තෑග්ගකි. පොලිස් විශේෂ කාර්ය බළකාගේ නිලධාරීන් මුල්ලේරියාවෙන් ගොඩගන්නේ එම අවිවලින් අංගොඩ ලොක්කාට වෙන්වුණු අවි දෙකකි. එදා පොලිස් වෙසින් සිදුකළ මත්කුඩු මංකොල්ලයට අංගොඩ ලොක්කාද සම්බන්ධව සිටියේය. ඒ ඉන්දියාවේ සිට සිය ගෝල බාලයින් යොදාගෙනය. ඔහුට ගිනි අවි ලැබෙන්නේ ඒ අනුවය. එම අවි කාලයක් තිස්සේම තිබෙන්නේ ඔහුගේ ගෝලයෙක් භාරයේය. එම අවි දෙක වළ දැමෙන්නේ අංගොඩ ලොක්කාගේ මරණයත් සමගිනි.

මාධ්‍යවේදීන්ග‌ේ පරීක්ෂණයට මොකද වුණේ

මෙරට පාතාලය සතුව තිබුණු විශාලතම ගිනි අවි තොගය සොයා ගන්නේද විශේෂ කාර්ය බළකායේ මෙම කණ්ඩායම විසිනි. හෝමාගම පිටිපන පිහිටි ව්‍යාපාරික ගොඩනැගිල්ලක බිම් මහලේ සඟවා තිබුණු එම අවි අතර ටී 56 අවි 11ක්ද ටී 81 වර්ගයේ අවියක්ද විය. දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අල්ලාගත් මෙම අවි සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙන්නේ පුළුල් විමර්ශනයක් සිදුකළ යුතු නිසාය. ඒ අනුව මේ වන විට තවත් ගිනි අවි 30කට වැඩි ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන හමාරය. ඒ අවි සියල්ලක්ම පාහේ පාතාලය අතට පත්ව ඇත්තේ යැයි අනාවරණය වන්නේ ආරක්ෂක අංශයකට සම්බන්ධ පිරිසක් හරහාය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේජර්වරයෙක් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් 07 දෙනෙක්ද මාධ්‍යවේදියෙක්ද, පාතාලයේ පිරිසක්ද අත්අඩංගුවට ගෙන ඇත. උතුරුමැද පළාතේ පිහිටි යම් ස්ථානයකින් මෙම ගිනි අවි රැගෙනවිත් ඇති අතර මාධ්‍යෙව්දියා සම්බන්ධවී ඇත්තේයැයි හෙළිවී ඇත්තේ එම අවි ප්‍රවාහනයටය. ඔහුට ඒ සදහා සහය දුන් තවත් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළිවී ඇතත් ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී දෙවරක් සිතන්නට මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවී හමාරය. කෙසේ වෙතත් මෙම අවි ප්‍රවාහනයටත්, බෙදා හැරීමටත් සම්බන්ධ වූ බව කියන නාරාහේන්පිට පදිංචි පාතාලයේ ක්‍රියාකාරිකයෙක් වන අමිල නැමැත්තාද සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. බොහෝ දේවල් හෙළිකරන්නේ ඔහුය. ඒ අතර මෙතෙක් මෙම අවි ජාවාරම සම්බන්ධයෙන් සහ මෙම ජාවාරමට සම්බන්ධ පාතාල අපරාධකරුවන් සමග සම්බන්ධකම් පැවැත්වීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමකට ඉදිරියේ ලක්වීමට සිටින අය අතර මාධ්‍යෙව්දීන් පවා සිටිති. ඒ අය අතර සිටින යම් අයෙක් යුරෝපීය රටක රැකවරණය ලබාගෙන රටින් පැන යාමේ සූදානමක් පවා සිටින බවට බුද්ධි අංශ හෙළිකරගෙන හමාරය. එම මාධ්‍යව්දියා මෙයට වසර කිහිපයකට පෙරද තවත් මාධ්‍යව්දීන් තිදෙනෙක් සමග එක්ව පාතාලයෙන් තර්ජන එල්ලවී ඇතැයි සඳහන් කරමින් යුරෝපීය රටකට පළායාමට පිඹුරුපත් සකස්කර ඇති බවද සඳහන්ය. එහෙත් එම අවස්ථාව ඔහුට නොව, තිදෙනා අතර සිටි වෙනත් මාධ්‍යවේදියෙකුට ලැබිණ. දැන් ඔහු ස්විට්සර්ලන්තයේ ජීවත්වන්නේ රැකවරණය සහිතවය.

වෙඩිවැදුණු මහර සිරකරුවෝ

මහර බන්ධනාගාර ගැටුම තවමත් නිමාවක් නොදකින විමර්ශනයකි. වෙඩි වැදීම්වලින් කිසිදු රැඳවූවෙක් මියගොස් නැතැයි වගකිවයුතු ඇමතිවරු උත්තරීතර පාර්ලිමේන්තුවේදී පවා සඳහන් කළද මිය ගිය රැඳවූවන්ගෙන් අටදෙනෙකුගේම මරණ සිදුව ඇත්තේ වෙඩි තැබීම්වලින් බව පශ්චාත් මරණ පරීක්ෂණවලින් මේ වන විටත් තහවුරු වී හමාරය. මේ පශ්චාත් මරණ පරීක්ෂණ අටක වාර්තා පමණි. ඒ අනුව තවත් පශ්චාත් මරණ පරීක්ෂණ තුනක වාර්තා එළියට එන්නට තිබේ. එම වාර්තා ඉදිරි සතිය තුළ අධිකරණයට ඉදිරිපත් වනු ඇත.
මහර බන්ධනාගාරය තුළ ඇතිවුණු නොසන්සුන් තත්වයෙන් රැඳවූවන් 11 දෙනෙක් මිය ගිය ගිය අතර 106 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය. මේ නිල වශයෙන් ප්‍රකාශ වුණු තත්වයන් පමණි. මුල් අවස්තාවේදී නිල ප්‍රකාශයන්ට අනුව කියැවුණේද කිසිදු රැඳවූවෙක් වෙඩි ප්‍රහාරයන්ට ලක්ව නැති බවය. මියගොස් ඇති රැඳවූවන්ද සිරකරුවන් අතර හටගත් ගැටුමෙන් කපාකොටා ගැනීම්වලින් මියගොස් ඇති බව නිල වශයෙන් කියැවුණේය. එම රැඳවූවන් කොවිඞ් ආසාදිතයන් බැවින් මළ සිරුරු පුළුස්සා දැමීමට පවා බලධාරීන් තීරණය කළේය. ඒ තීරණය වෙනස් වන්නේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධානයක් ප්‍රම්‍රඛ සිරකරුවන්ගේ පවුලේ සාමාජිකයන් විසින් අධිකරණයට යාමත් සමගිනි. මෙහිදී නීතිපති දප්පුල ලිවේරා ඉදිරියට ආවේ සාධාරණ විමර්ශනයකට පාර කපමිනි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට යෝජනා කරන්නේ මිය ගිය රැඳවූවන් සම්බන්ධයෙන් විධිමත් ආකාරයකට පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන්නටය. ඒ එක් අධිකරණ වෛද්‍යවරයෙකු මගින් නොව, යම් මණ්ඩලයක අධික්ෂණය යටතේය. කැපුම් කෙටුම්වලින් මිය ගියේ යැයි කියූ රැඳවූවන්ගේ මරණ වෙඩි වැදීම්වලින් සිදුව ඇති බව තහවුරු වන්නේ ඒ අනුවය. ඒවාද ටී 56 අවිවලින් තැබූඒවාය. ඇතැම් රැඳවූවන්ගේ සිරුරුවලට වෙඩි වැදී ඇත්තේ එකක් දෙකක් නොව, ඊට වඩා වැඩි ප්‍රමාණයක් වැදී ඇති බවද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරුවී හමාරය. බන්ධනාගාර බලධාරීන් හත්පොළේ දිවුරමින් සුරංගනා කථා ගොතමින් මුලින් සදහන් කළ ආකාරයට අනුව ඒ අය වෙඩි තබා අහසටය. ඒ රැඳවූවන් බිය ගන්වන්නටය. පසුව ඔවුන් කියන්නට වූයේ පාදවලට වෙඩි තැබූ බවය. එහෙත් ඒ මිය ගිය කිසිදු රැඳවූවෙකුගේ පාදවලට වෙඩි වැදී ඇති බවක් නම් තවමත් කියැවෙන්නේ නැත. පාදවලට වෙඩි තැබුවේ නම් මේ ආකාරයට රැඳවූවන් මිය යන්නේද නැත. වෙඩි තැබීම සැඟවීමත් කොවිඞ් 19 වෛරසයට මුවා වී වෙඩි වැදී නැති බව කියමින් මළ සිරුරු පිළිස්සීමට ගත් උත්සහයත් දෙස බැලීමේදී ඕනෑම පුද්ගලයෙකුට ඒ ගැන සාධාරණ සැකයක් ඇති වීම වැළැක්විය නොහැකිය.
රත්ගම පොල්දූව ආරන්‍ය සේනාසනායේ භාවනායෝගීව වැඩ විසූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ මරණය පිටිපස පවා ඇත්තේ මෙවන් සැකයකි. ඒ උන්වහන්සේගේ මරණය සිය දිවි හානිකර ගැනීමක් බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කිරීමටත් පෙර එළියට දැමීම නිසාය. රත්ගම කලපුවේ ගිලී තිබුණු උන්වහන්සේගේ දේහය සම්බන්ධයෙන් යම් සැකසංකා ඇතිවන්නේ පාද ගැටගසා ඊට ගලක්ද ගැටගසා දියේ ගිලී තිබීම හේතුවෙනි. එම මරණය සිය දිවි හානිකර ගැනීමක් යැයි කියා සියල්ල එතැනින් හමාර කිරීමට ඇතැම්හු උත්සහ ගත්තද තවමත් නිශ්චිත ලෙස එම මරණය සියදිවි හාකිකර ගැනීමක් හෝ ඝාතනයක් බව තහවුරු වී නැත. ඊට සාක්ෂිද සොයා ගෙන නැත. එහෙත් මරණය සිදුවී ඇත්තේ සැකයන් උපදවන ආකාරයට බැවින් මරණය පිටුපස විසඳීමට යම් අභිරහසක් ඇතැයි ඒ ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පෙනී ගොස් තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව, උන් වහන්සේට සිය දිවි හානි කර ගැනීමට තරම් මානසික වියවුල් තත්වයක් පැවැති බව මෙතෙක් කළ විමර්ශනවලින් තහවුරු නොවන බැවිනි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

විශ්‍රාමික මේජර් ජනරාල් කමල්ට-ලුතිනන් ජනරාල් ශවේන්ද්‍රට එකවර ජනරාල් ධූර

Next Post

පරෙස්සමෙන්: ගැබිනි මව්වරු 600කට වඩා කොරෝනා හැදිලා

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.