ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය පාරිභෝගිකයින් වෙත ආකර්ෂණීය වට්ටම් ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු විශේෂ දීමනා රැසක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව දිවයින පුරා විසිරුණු සිංගර් ප්‍රදර්ශනාගාර වෙත පැමිණ හෝ www.singer.lk වෙබ් අඩවිය හරහා භාණ්ඩ මිලදී ගැනීම සිදු කරන සියලුම පාරිභෝගිකයින් සඳහා 25% දක්වා වට්ටම් ඇතුළුව තෝරාගත් භාණ්ඩ සඳහා වසර තුනක කාලයක සුවිශේෂී වගකීම් කාලයක් හිමි වේ.
තවද දිවයිනපුරා පිහිටි ඕනෑම සිංගර් ප්‍රදර්ශනාගාරයක් වෙත පැමිණ ඔබගේ ආදරණීයයන්ට මේ උත්සව සමයේ ඔවුන්ට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් තෝරා ගැනීමට අවස්ථාව සලසා දෙමින් විවිධ වටිනාකම් රැසකින් යුත් වවුචර පත් මිලදී ගැනීමේ හැකියාවද හිමි වේ.
මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන හරහා නවතම රුපවාහිනී යන්ත්‍ර සඳහා රුපියල් 30,000 දක්වා වූ වෙළඳ වට්ටම්, නවතම රෙදි සෝදන යන්ත්‍ර සඳහා රුපියල් 26,000ක් දක්වා වූ වෙළඳ වට්ටම්, නවතම වායුසමීකරණ යන්ත්‍ර සඳහා රුපියල් 15,000ක් දක්වා වූ වට්ටම්, ශීතකරණ සඳහා සුවිශේෂී වට්ටම්, ඇතුළුව පොලී රහිත වාරික ගෙවීමේ වරප්‍රසාදද හිමි වේ. තවද හොට් වෝටර් ෂවර් සඳහා 10% වට්ටම්, Prestige ඉවුම් පිහුම් උපකරණ සඳහා 25% විශේෂ වට්ටම් ඇතුළුව ත්‍යාගද සූදානම් කර ඇත.











