කළුතර දකුණ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් අංශ දෙකක ස්ථානාධිපතිවරුන් දෙදෙනෙක් ඇතුළු කාන්තා පොලිස් නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව කළුතර දකුණ පොලිසිය කියයි.
එම පිරිස අතර ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරික්ෂකවරයා මෙන්ම ප්‍රජා පොලිස් ඒකකයේ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට මෙලෙස ආසාදිත වී ඇත.
අද (24) පොලිස් ස්ථාන භූමියේ සිදු කළ ක්ෂනික ප්‍රති දේහ පරීක්ෂාවකදී මේ බව අනාවරණ වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ආසාදිත එම නිලධාරින් සහ නිලධාරිනිය කුණ්ඩසාලේ පොලිස් රෝහල වෙත සහ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.










