ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (24) 194 ක් දක්වා පහළ ගියේ ය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (24) රුපියල් 194.66 දක්වා පහළ ගිය අතර ගැනුම් අගය රුපියල් 189.08ක් ලෙස දැක්විණි.
මේ වසරේ අප්‍රේල් මාසයේ 3 වැනිදා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 193 සීමාව ඉක්මවා ගිය අතර මැයි මස (4) වැනිදා නැවත වරක් 194 සීමාව ඉක්මවා ගියේය.
ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කළ නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අප්‍රේල් මස (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට 200 සීමාව ඉක්මවා ගිය අතර එදින ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200.46ක් ලෙස දැක්විණි.










