ඉකුත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සියලු දෙනාටම යුක්තිය ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් සදහන් කොට ඇත.
එමෙන්ම සියලු ජාතීන්ට සැකෙන් බියෙන් තොරව නත්තලේ ආගමික වතාවත් සිදුකිරීමට අවශ්‍ය පරිසරය සකස් කර ඇති බවද ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩය මගින් දැනුම් දී ඇත.











