අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම්කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඊයේ දිනයේදී අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර ත්‍රීකුණාමලය අභයපුර ග්‍රාමනිලධාරී වසම සහ ජින්නානගර් ප්‍රදේශයත් අද උදෑසන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබුණි.










