මහජන උපයෝගීතා කොමිසම් පනත සහ විදුලිබල පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සදහා ඊයේ (21) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ බලතල සීමා කිරීමටත්, නව නීති පද්ධතියක් හදුන්වා දීමටත් එහිදී අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් යෝජනා මගින් කර්මාන්ත නියාමකයා ලෙස කටයුතු කරන උපයෝගීතා කොමිසමේ බලතල සීමා කිරීම හරහා පාරිභෝගික ආරක්ෂාව සමඟ ඉදිරියට ගෙන යාම, ආරක්ෂණ ප්‍රමිතීන් නියාමනය කිරීම සහ නව බලශක්ති සංවර්ධන ව්‍යාපෘති කැබිනට් මණ්ඩලය විසින් තීරණය කිරීමට නියමිතය.
ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සටහනක දැක්වෙන්නේ උපයෝගීතා කොමිසම තම කාර්යභාරය ඉක්මවා ගොස් ඇති අතර ඉහළ විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා කඩිනමින් අවශ්‍ය වන නව විදුලි ව්‍යාපෘති කිහිපයක් අවහිර කළ බවයි.
කෙසේවෙතත් විපක්ෂ දේශපාලඥයන් පෙන්වා දෙන්නේ මේ හරහා ක්ෂේත්‍රයේ නියාමන කටයුතු දුර්වල වන බවත්, මහාපරිමාණ වංචා දූෂණයන්ට පාර කැපෙන බවත්ය.
ඉදිරි අවුරුදු 2 ඇතුළත ඩොලර් බිලියන 2කට ආසන්න මුදලක් මෙම ක්ෂේත්‍රයේ ආයෝජනය වීමට නියමිතය.










