• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාහන ගෙන්වා උගුලේ වැටුණු වෘත්තිකයෝ ආණ්ඩුවෙන් සහනයක් ඉල්ලති

December 20, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
වාහන ගෙන්වා උගුලේ වැටුණු වෘත්තිකයෝ ආණ්ඩුවෙන් සහනයක් ඉල්ලති
Share on WhatsAppShare on Facebook

ආනයන තහනමට පෙර බදු සහන බලපත්‍ර යටතේ විදේශ සැපයුම්කරුවන් වෙතින් රථ වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කළ වෘත්තිකයෝ පිරිසක් අදාළ රථ වාහන නැව්ගත කිරීමට අවසර ලබාදෙන මෙන් රජයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති ‘2020 මාර්තු 19 දිනට පෙර ණයවර ලිපි විවෘත කළ හා ආනයන තහනම නිසා බලපෑමට ලක්වූ වෘත්තිකයනගේ සමූහය’ නම් වූ එකතුවට වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, කථිකාචාර්යවරුන්, ගණකාධිකාරිවරුන් සහ වෙනත් රජයේ විධායක නිලධාරී තනතුරු දරන වෘත්තිකයන් 300කට අධික පිරිසක් ඇතුළත් වෙති.

මෙම වෘත්තිකයන් සිය පුද්ගලික පරිහරණය වෙනුවෙන් රථ වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති අතර, ඇතැම් අය ඇණවුම් ලබාදී ඇත්තේ 2019 ඔක්තෝබර් 31 දිනට පවා පෙරය.

කොවිඞ් 19 රෝග ව්‍යාප්තිය හමුවේ ලොව පුරා විවිධ බාධාවන් නිර්මාණය වීම නිසා මෙම වාහන ආනයන කිරීමේ කටයුතුද ප්‍රමාද විය.

එහෙත් 2020 මැයි මස අවසාන භාගයේදී මෙම වාහන නැව්ගත කිරීමේ කටයුතු සූදානම් කර තිබුණද, පසුව ගැසට් අංක 2176/19ට අනුව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් 2020 මැයි මස 21 වන දිනට පසුව වාහන නැව්ගත කිරීම සීමා කරමින් 2020 මැයි මස 29 වන දින චක්‍රලේඛයක් නිකුත් කර තිබූ නිසා එම වාහන නැව්ගත කිරීමට නොහැකි විය.

කෙසේ වුවද මෙම තහනම හමුවේ පවා ඇතැම් පාර්ශ්වයන් විසින් චක්‍රලේඛයන් උල්ලංඝනය කරමින් 2020 මැයි 21 දිනට පසුවද වාහන නැව්ගත කිරීම් කටයුතු සිදුකළ බව අනාවරණය වී තිබේ.

එසේ වුවත් ආනයනය සහ අපනයනය පාලන දෙපාර්තමේන්තුව විසින් අතීත දිනයන්ට පමණක් බලපාන පරිදි තවත් චක්‍රලේඛ 2ක් නිකුත් කරමින් 2020/05/21 දිනට පසු ඇතැම් පාර්ශ්වයන් අයථා අන්දමින් නැව්ගත කරන ලද වාහන නිදහස් කර ගැනීම සඳහා අවසර ලබාදී ඇති බවට මෙම නිලධාරීන් චෝදනා කරයි.

උදාහරණයක් ලෙස ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් අතීත දිනයකට පමණක් බලපාන පරිදි 2020/06/19 දින නිකුත් කරන ලද චක්‍රලේඛයක් මඟින් 2020/06/16 දින දක්වා නැව්ගත කර ලද වාහන හා 2020/07/10 දින නිකුත් කරන ලද චක්‍රලේඛයත් මගින් 2020/06/26 දක්වා නැව්ගත කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවකාශය ලබාදීම තුළින් අයථා අන්දමින් වාහන නැව්ගත කරන ලද පාර්ශ්වයන්ට නීතියේ රැකවරණය ලබාදී ඇති බැව් ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව වාහන ආනයන තහනම උල්ලංඝනය කරමින් 2020/05/21 දින සිට 2020/06/21 දින දක්වා අයථා ලෙස නැව්ගත කරන ලද වාහන මේ වන විට නිදහස් කර ගැනීමට අවකාශය ලැබී ඇත.

එක් පාර්ශ්වයකට පමණක් වාසි සහගත වන අයුරින් නිකුත් කරන ලද මෙම චක්‍රලේඛ 2ක සම්බන්ධයෙන් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට ඍජුව චෝදනා එල්ල නොකරන නමුත් අදිසි හස්තයක් ක්‍රියාත්මක වීම තුළින් මෙම චක්‍රලේඛ නිකුත් කිරීම සිදුවන්නට ඇතැයි ඔවුන් සැක පහළ කරයි.

ඒ අනුව මෙම චක්‍රලේඛයට අනුකූලව නීතිගරුකව කටයුතු කිරීම නිසා රජයේ වෘත්තිකයන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් 300 දෙනකු පමණ නැවත නැවැතත් දැඩි අසාධාරණයකට ලක්වී ඇති බව ඔවුන් දන්වා සිටී.

සැප්තැම්බර් මාසයේදී මෙම ගැටලුව අවධාරණය කරමින් බලධාරීන් වෙත ලිපි යොමු කරන ලද නමුත් ඒ සඳහා තවමත් ප්‍රතිචාර ලැබී නොමැත.

එමෙන්ම තවත් සංවිධාන රාශියක්ද මේ වන විට මෙම ගැටලුව විසඳා ගැනීමේ අරමුණින් බලධාරීන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

මොවුන්ගේ ඇනවුම් මත නිෂ්පාදනය කරන ලද වාහන 300 පමණ 2020 මැයි මස අගභාගයේ සිට නැව්ගත කිරීම සඳහා සූදානමින් තිබූ අතර එම වාහනවලින් වාහන 120ක් මාස 05ක් තිස්සේ සිංගප්පූරු වරායේ ගාල්කර ඇති අතර, ඉතිරි වාහන 180 විදේශ සැපයුම්කරුවන්ගේ වාහන අංගනවල ගාල් කර ඇති බැව් කියා සිටී.

මේ වන විට විදේශ වරායන්හි ගාල් කර ඇති එම එක් වාහනයක් සඳහා රු. ලක්ෂ 6ක ප්‍රමාද ගාස්තුවක් ගෙවිය යුතු බැව්ද, මීට අමතරව දේශීය සැපයුම්කරුවන් වෙත නියෝජිත ගාස්තු වශයෙන් රු. ලක්ෂ 3-5ත් අතර මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා ඇතත් ඒවා නැවැත ලබාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැව්ද මොවුන් ප්‍රකාශ කර සිටී.

මොවුන් අතරින් ඇතැමෙකු ණයවර ලිපි විවෘත කිරීම සඳහා මුදල් ලබා ගැනීමට එතෙක් භාවිතා කළ වාහන විකුණා ඇති අතර තවත් අයකු බැංකුවලින් ණයද ලබාගෙන මේ සඳහා යොදවා ඇතත් අවසානයේදී සිදුවී ඇත්තේ බැංකු ණය සඳහා පොලී ගෙවීමටත්, පෞද්ගලික වාහන මොැති නිසා කුලී වාහන මගින් රාජකාරි වාර්තා කිරීමටත් පමණක් බව ඔවුන් දැඩි කළකිරීමෙන් යුතුව ප්‍රකාශ කරයි.

මෙම වාහන ‘වෙනස් කළ නොහැකි ණයවර ලිපිය යටතේ’ ඇනවුම් කර ඇති බැවින් දෙපාර්ශ්වයම මූල්‍ය අලාභයක් නොවන පරිදි එම ගිවිසුම් අවලංගු කළ නොහැකි අතර, එසේ අවලංගු කිරීම ජාත්‍යන්තර ආනයන නීති උල්ලංඝනය කිරීමක් බැවින් අප වෙත සිදුවන මූල්‍යමය පාඩු වළක්වා ගත නොහැකි බැව්ද ඔවුන් පෙන්වා දෙයි.

රටේ පවතින විදේශ විණිමය දුෂ්කරතා පිළිබඳව විදේශ සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කළ පසුව එම වාහන නැව්ගත කළ දිනයේ සිට දින 365ක් ණය සහන කාලසීමාවක් ලබාදීමට විදේශ සැපයුම්කරුවන් කැමැත්ත පලකර ඇති බැව් ඔවුන් ප්‍රකාශ කර සිටී.

ඒ අනුව මෙම සමූහය රජයෙන් ඉල්ලා සිටින්නේ 2020 මාර්තු 19 දින හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපිවලට අදාළ වාහන දින 365ක ණය කාලසීමාවක් යටතේ නිශ්චිත කාලරාමුවක් තුළ නැව්ගත කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසයි.

2020 මැයි 21 දින රජය විසින් පනවන ලද නව ආනයන සීමාවන් අනුව නැව්ගත කිරීම අත්හිටුවා ඇති බැවින් 2019 ඔක්තෝබර් 31 දිනට පෙර විවෘත කරන ලද ණයවර ලිපිවලට අදාළ රථ වාහන මීට පෙර පැවැති ආනයන බදු ව්‍යුහය යටතේ නිදහස් කර ගැනීමට අවසර ලබාදෙන ලෙසද මෙම සමූහය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනු ලැබේ.

එමෙන්ම මෙම දුෂ්කර කාලසීමාවේදී ආනයන තහනමක් පැනවීම සඳහා රජය තීරණය කිරීමට බලපෑ හේතු මෙම සමූහයේ සාමාජිකයන්ට මැනවින් වැටහෙන නමුත්, තවදුරටත් මෙම වාහන සම්බන්ධයෙන් ප්‍රමාද ගාස්තු ගෙවමින් බලා සිටීම නිශ්ඵල බැවින් දැනටමත් අප සියලුදෙනා හසුවී සිටින උගුලෙන් බේරීමට රජයෙන් සහනයක් ලබාගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බැව් මෙම සමූහය අදාළ බලධාරීන් වෙත කාරුණිකව දන්වා සිටී.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා සහ ඍජුව සාමාජිකයන් හා සම්බන්ධ වීම සඳහා කරුණාකර 071152333 අංකය අමතන්න.

SendShareShare
Previous Post

වැලිවිටින් ඇල්ලූ කෝටි 6ක කුඩු සල්ලි ඩුබායි ‘හරක් කටා’ගේ

Next Post

‘මම කාලි: ඔබවහන්සේගේ අම්මා’: ධම්මික කපුවාගේ කෑ ගැහිල්ල ගැන විශේෂඥ මනෝ වෛද්‍යවරයකුගෙන් අපූරු විග්‍රහයක්

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.