• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් එළියට බහී (රාජ්‍ය රහස්)

December 20, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 11 mins read
A A
ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් එළියට බහී (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

මේ දිනවල ආණ්ඩුව ඇතුළේ හොඳ හොඳ සෙල්ලම් සිදුවන ආකාරයක් දැකගන්නට තිබේ. එකිනෙකාට එරෙහිව එල්ල කරගන්නා චෝදනා, බැණ අඬගසාගැනීම්, ලිපි ලිවීම්, ඇමැතිවරුන් යන උත්සවවලදී ජනතා විරෝධය එල්ල වීම් ආදිය මෙහිදී දැකගන්නට ඇති විශේෂ කරුණුය. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීම් අලුත් ආණ්ඩුවක් පත්වී වසර දෙක තුනක් ඉක්ම ගිය තැන මතුවන ඒවා වුවද මෙවර එය කණපිට පෙරළමින් තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා අවුරුද්දක්වත් යෑමට පළමුව මෙවැනි සිදුවීම් දැකගන්නට ලැබී තිබේ.

වාසුදේවට ඇහැලියගොඩදී දැඩි විරෝධයක්

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මෙහි එක් සිදුවීමක් දැකගන්නට ලැබුණේ ඇහැලියගොඩදීය. එහිදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඇහැලියගොඩ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමට පැමිණි නමුත් ජනතාවගේ දැඩි විරෝධ්‍ය මධ්‍යයේ අවසානයේදී වාසුට සිදුවූයේ එම විවෘත කිරීම නොකොට ජනතාවගේ හූ හඬ මැද්දේ හිස් අතින් ආපසු හැරී යන්නටය.
මීට අමතරව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මඩකළපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන නිරීක්ෂණයට ගිය අතරවාරයේදී පිරිසක් සමඟ පැමිණි මඩකළපු දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්‍ය රාසමාණික්කම් මහතා විදුරට දැඩි විරෝධයක් පළකර සිටියේය. ඔහු කියා සිටියේ තමන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකදී තමන් දැනුවත් නොකොට මෙසේ අමාත්‍යවරයා පැමිණීම වැරැදි යැයි කියාය. එහිදී රාසමාණික්කම් දැක්වූ විරෝධය හේතුකොටගෙන උණුසුම්කාරී තත්ත්වයක් මතුවූ නමුත් කලබලයක් ඇති කර නොගත් විදුර එම විරෝධයට ඉඩදී සාමකාමීව එම ස්ථානයෙන් ඉවත්ව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.

බන්දුල – පී.බී. ගැටුම

මේ අතරවාරයේ ආණ්ඩුව ඇතුළේ පැසවමින් තිබූ ගැටලුවක් අය වැය විවාදය අතරතුරදී බන්දුල ප්‍රසිද්ධියේම පාර්ලිමේන්තුවේදී එළියට දැම්මේය. එහිදී බන්දුල කියා සිටියේ මේ ආණ්ඩුව ඇතුළේ ඇමැතිවරුන්වත් ගණන් නොගන්නා සර්වබලධාරී නිලධාරීන් සිටින බවය. මෙම සර්වබලධාරී නිලධාරීන් ඇමැතිවරුන්ව ‘පුලන්නන්ගේ’ තත්ත්වයට පත්කොට ඇති බවද බන්දුල කියා සිටියේය. මෙය තමන්ට පමණක් නොව ඇමැති මණ්ඩලයේ බොහෝදෙනකුට ඇති ප්‍රශ්නයක් බවත්, වහාම ඊට එරෙහිව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී බරපතළ තත්ත්වයක් මතුවිය හැකි බවත් බන්දුල මෙහිදී ප්‍රසිද්ධියේම කියා සිටියේය.
මේ ආකාරයට බන්දුල ප්‍රසිද්ධියේම ගැහුවේ වෙන කාටවත් නොව ජනාධිපති ලේකම්වරයා වන පී.බී. ජයසුන්දරටය. බන්දුල එහිදී නොකියා කියා සිටියේ එදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් පී.බී. කටයුතු කරද්දී ඇමැතිවරුන්ට මුදල් ලබා නොදුන්නාක් මෙන් අද ජනාධිපති ලේකම්වරයා වශයෙන් කටයුතු කළද පී.බී. මුදල් අමාත්‍යාංශයට බලපෑම් කරමින් ඇමැතිවරුන්ගේ මුදල් කප්පාදු කර ඇති බවකි.

කාටත් හොරෙන් පී.බී. දුන් උත්තරේ

මේ ආකාරයට ඇමැතිවරුන්ගෙන් ඇනුම්පද ඇසීම පී.බී.ට නම් අලුත් දෙයක් නොවේ. මන්දයත් 2010 – 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පී.බී.ව හඳුන්වනු ලැබුවේ ‘ආර්ථික ඝාතකයා‘ යැයි කියාය. පී.බී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ලෝක බැංකුවේ පදයට නටමින් රටේ ආර්ථිකය විනාශ කරන බව එදා විමල් ප්‍රසිද්ධියේම කියා සිටියේය. කෙසේ වෙතත් බන්දුල පී.බී.ට එල්ල කළ ප්‍රහාරයට විමල් තවම එකතු වී නැතත් ඉදිරියේදී බොහෝ දුරට විමල්ද එම සටනට එකතු වන ලකුණු මේ වන විටත් පහළ වෙමින් ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
මේ ආකාරයට ආණ්ඩුවේ සිටින සර්වබලධාරීන් යැයි කියමින් බන්දුල පී.බී.ට ප්‍රසිද්ධියේම ප්‍රහාර එල්ල කළත් මේ වන තෙක්ම ඊට පී.බී. හෝ ජනාධිපතිවරයා හෝ අගමැති මහින්ද රාජපක්ෂ හෝ වචනයකින්වත් ප්‍රතිචාර දක්වා නොතිබීම විශේෂ සිදුවීමකි. නමුත්, රාජ්‍ය රහස් තීරයට වාර්තා වන තොරතුරුවලට අනුව අගමැතිවරයා පවා පී.බී.ගේ ඇතැම් ක්‍රියාකලාපයන් හේතුවෙන් පසුවන්නේ දැඩි කෝපයෙන් යුක්තවය. අගමැතිවරයා යටතේ ඇති මුදල් අමාත්‍යාංශයට කෙරෙන බලපෑම් ඒ සඳහා බලපා ඇති බවක් දැනගන්නට ඇත.
කෙසේ වෙතත් තමන්ට එරෙහිව ප්‍රසිද්ධියේ එල්ල වන මෙම චෝදනාවලට කොයිම අවස්ථාවකදී හෝ පී.බී. පිළිතුරු දීමට කටයුතු කළේ නැතත් පසුගිය සතියේදී පී.බී. අපූරු වැඩක් කළේය. ඒ වැඩිදෙනෙක්ගේ ඇස නොගැටෙන ඉංග්‍රීසි මාධ්‍යයෙන් මාසිකව පළවන ව්‍යාපාරික සඟරාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදීමය. එහිදී පී.බී. පැහැදිලිවම තමන්ට එරෙහිව ඇතැම් ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කර ඇති චෝදනාවන්ට ප්‍රතිචාර දක්වා තිබීම විශේෂ සිදුවීමකි.
“අය වැය හදද්දී මම මගේ දායකත්වය ලබාදුන්නෙ අගමැතිවරයාගේ උපදෙස් මත. මෙතැනදි අගමැතිතුමා පෞද්ගලික අංශයේ නියෝජිතයන් එක්ක වගේම අය වැය සම්බන්ධ සියලුම අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා වාර සියයකට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වුවා. අගමැතිතුමත් ඒවට සහභාගි වුණා. අය වැය ඇස්තමේන්තු සහ ඊට අදාළ ලියකියවිලි සකස් කළේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. මට කිව්වෙ අය වැය කතාව සිංහලෙන් හදල දෙන්න කියලා විතරයි. මේ සේරම මම කළේ අගමැතිතුමාගෙ සහ භාණ්ඩාගාර ලේකම්තුමාගෙ උපදෙස් මතයි. ඒ නිසා මම ඇත්තටම පුදුම වුණා මෙහෙම කතාවක් දැක්කහම. මේ නිලධාරීන් එක්ක මම අවුරුදු ගණනාවක් වැඩ කරල තියෙනවා…” යන්න එහිදී පී.බී. එම සඟරාවට පවසා තිබූ කතාව විය.
ඒ අනුව එකක් හොඳටම පැහැදැලිය. ඒ තමන්ට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීම සඳහා පී.බී. අඩියක් පෙරට තබා ඇති බවය.

හිමිවරුන් දැඩි කලකිරීමක

වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් සිදුකළේ ස්වාමීන් වහන්සේලාය. විශේෂයෙන්ම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවිදි හඬ සංවිධානය නිර්මාණය කොට එහි සභාපතිත්වය දරමින් මේ සඳහා විශාල වැඩ කොටසක් කළේය. ඇල්ලේ ගුණවංශ හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, බෙංගමුවේ නාලක හිමි, උඩුවේ ධම්මාලෝක හිමි, අක්මීමන දයාරතන හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි එදා රට වටේ යමින් ආණ්ඩු පෙරළියක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කොට තිබිණ. තවත් ආන්දෝලනාත්මක හිමිනමක් වූ ගලගොඩඅත්තේ ඥාණසාර හිමිද මේ සඳහා යම් වැඩ කොටසක් සිදුකර තිබිණ.
කෙසේ වෙතත් 20 වැනි සංශෝධනය සම්මත කිරීම, කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වීම වැනි කරුණු කිහිපයක් මුල්කරගෙන මේ වන විට ආණ්ඩුවට සහාය දැක්වූ මේ කියන සියලුම භික්ෂුන් වහන්සේලා සිටින්නේ තරමක කළකිරුණු ස්වභාවයකින්ය. විශේෂයෙන්ම ආණ්ඩුව විසින් 20 වන ව්‍යවස්ථාව සම්මත කිරීමට එරෙහිව ඇල්ලේ ගුණවංශ හිමි සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රසිද්ධියේම සාකච්ඡා පවත්වා ඊට විරෝධය පළකිරීමට පියවර ගත්හ. එපමණක් නොව ඇල්ලේ ගුණවංශ හිමියන් කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීම මුල්කරගෙන එහි සේවකයන් දැක්වූ විරෝධයේදී එම ස්ථානයට ගොස් එම විරෝධයට සම්බන්ධ වීමටද පියවර ගත්තේය. ඒ හරහා මෙම හිමිවරුන් ආණ්ඩුවට එම කරුණු සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය ඍජුව පෙන්වා සිටීමටද කටයුතු කර තිබිණ.

පළාත් සභා තියනවටත් විරුද්ධ වෙයි

මීට අමතරව පසුගිය සතියේදී මුරුත්තෙට්ටුවේ හිමියනුත්, ඇල්ලේ ගුණවංශ හිමියනුත් ආණ්ඩුවට එරෙහිව තවත් වෙඩිල්ලක් පත්තු කළේය. ඒ, මේ දිනවල ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වීම මුල්කරගෙනය. මෙහිදී මෙම හිමිවරුන් දෙදෙනාම මාධ්‍ය හමුවේ කියා සිටියේ මේ අවස්ථාවේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සුදුසු නැති බවත්, ආණ්ඩුව මේ සූදානම් වන්නේ තමන්ගේ හෙන්චයියන්ට ආදායම් මාර්ග සලසා දීමට කටයුතු කිරීමට බවත්ය. පළාත් සභා යනු සුදු අලියෙක් බවත්, එය තවදුරටත් නඩත්තු කරගෙන යනවා වෙනුවට ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි තීන්දුවක් ගතයුතු බවත් එහිදී උන්වහන්සේලා ප්‍රකාශ කර සිටියහ.
මේ අතර පසුගිය සතියේ ඥාණසාර හිමියන්ගේ මවගේ 80 වැනි ජන්ම දිනය යෙදී තිබිණ. මෙහිදී භික්ෂුන් වහන්සේලා දෙසිය නමක් විෂයෙහි දානමය පුණ්‍යකර්මයක් පැවැති අතර, ඊට සහභාගි වන ලෙස ආරාධනා කිරීම සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුණගැසීමට ඥානසාර හිමි පසුගිය සඳුදා නාරාහේන්පිට අභයාරාමයට පැමිණියේය. මෙහිදී ඥාණසාර හිමියන් සහ මුරුත්තෙට්ටුවේ හිමි අතර පවතින දේශපාලන වටපිටාව සම්බන්ධයෙන් විශේෂ කරුණු කාරණා රැසක් සාකච්ඡා වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණ. එහිදී එක් තැනකදී අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සම්බන්ධයෙන් ඥාණසාර හිමියන්ගෙන් විමසීමටද මුරුත්තෙට්ටුවේ හිමියන් අමතක කළේ නැත. එහිදී ඊට ඥාණසාර හිමියන් ලබාදුන්නේ තරමක කලකිරුණු පිළිතුරකි.

ඥානසාර හිමියන් අඩව්වකට සූදානම් වෙයි

“අපිට ආරංචි වෙලා තියෙනවා හාමුදුරුවනේ මගේ මන්ත්‍රිකම දැන් රතන හිමියන්ට දෙන්න යනවා කියලා. ඒකට බැසිල් රාජපක්ෂ මහත්තයත් කැමැත්ත දුන්නා කියල ආරංචියි. දැන් ඉතින් මැතිවරණ කොමිසමෙත් ඉන්නෙ ආණ්ඩුවට හිතවත් අයනෙ. ඒ ඒ අයට ඕන ඕන දේවල් දැන් කරගන්න පුළුවන්. හැබැයි මේ ආණ්ඩුව ගේන්න රට ඇතුළෙ අපිත් ලොකු මතවාදයක් හැදුවා. මම හැදුවෙ පාර්ලිමේන්තුව ඇතුළෙ මේ රටේ හඬක් නැති සිංහල බෞද්ධයන් වෙනුවෙන් හඬක් නඟන්න. හැබැයි ඉතින් රතන හාමුදුරුවන්ට මන්ත්‍රිකම දුන්න කියල මට ප්‍රශ්නයක් නෑ. මම ඒවට ගැටෙන්න යන්නෙත් නෑ. හැබැයි ඉතින් අපි බලමු….” යනුවෙන් කියමින් ප්‍රශ්නාර්ථයක් ඉතිරිකොට සිය අදහස් දැක්වීම අවසන් කිරීමට ඥාණසාර හිමියන් වගබලා ගත් ආකාරයක් දැකගන්නට තිබිණ.

හිමිවරුන්ගෙන් වෙනම පක්ෂයක්

ඒ අනුව සිදුවෙමින් තිබෙන දෑ සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ද සිටින්නේ තරමක් කළකිරීමකින් බව මුරුත්තෙට්ටුවේ හිමියන්ට වැටහිණ. පසුව මුරුත්තෙට්ටුවේ හිමියන් කළේ මේ සම්බන්ධයෙන් තමන්ට හිතවත් ප්‍රධාන පෙළේ හිමිවරුන් කිහිපනමක් සමඟ සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වීමය. එහිදී හිමිවරුන් රැසක්ම අවධාරණය කොට සිටියේ දේශපාලනඥයන් පසුපස ගොස් ඔවුන්ට ආණ්ඩු හදාදීම භික්ෂුන් වහන්සේලා විසින් අවසන් කළ යුතු බවත්, ඒ වෙනුවට පිරිසුදු දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට ඇප කැප විය යුතු බවත්ය. රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ භික්ෂුන් වහන්සේලා පමණක් මුල්කරගත් පිරිසුදු දේශපාලන බලවේගයක් ඒ අනුව ඉදිරියේදී නිර්මාණය වීමට බොහෝ ඉඩකඩක් ඇති බවකි.

ඉඳුරාගාරේ හිමියන්ගෙන් ඉගියක්

ඒ පිළිබඳව පසුගිය සතියේ පැවැති එක්තරා අවස්ථාවකදී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් කිසියම් ඉඟියක් ලබාදුන් ආකාරයක් දැකගත හැකි විය. එහිදී ධම්මරතන හිමියන් ප්‍රසිද්ධියේම කියා සිටියේ තව අවුරුදු දෙක තුනකින් මිශ්‍ර පාර්ශ්වයන් අතර ගැටුමක් හටගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, භික්ෂුන් වහන්සේලා විසින් නව දේශපාලන ආරම්භයක් සනිටුහන් කළ යුතු බවත්ය. භික්ෂුන් වහන්සේලා කළ යුත්තේ දේශපාලනය බවත්, එය උන්වහන්සේලාගේ අයිතියක් බවත් එහිදී උන්වහන්සේ සඳහන් කර සිටියහ. එමෙන්ම රජ පරම්පරා අවසන් වී යන බවත්, ස්වාමීන් වහන්සේලා අලුත් සෙල්ලමකට සූදානම් විය යුතු බවත් කියා සිටි උන්වහන්සේ ඉදිරියේදී සියල්ල උඩු යටිකුරු වීමට ඉඩ ඇති බවද සඳහන් කර සිටියහ.
ඒ අනුව බොහෝ දුරට ඉදිරියේදී භික්ෂුන් වහන්සේලාගෙන් පෙරළිකාර පියවරක් දැකබලා ගැනීමට රටේ ජනතාවට හැකියාව ලැබෙනු ඇත.

අගමැති මහ රෑ අභයාරාමේ

මේ අතරවාරයේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්න හටගත් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ අගමැතිවරයා ශිරන්ති රාජපක්ෂ මැතිනියත් සමඟ වෙනත් ගමනක් ගොස් යළි පැමිණෙමින් සිටියදී අභයාරාමයටද ගොඩවැදීමට පියවර ගත්තේය. ඒ වන විටත් මුරුත්තෙට්ටුවේ හිමියන්ටද උසාවි සංකීර්ණයේ ගින්න සම්බන්ධයෙන් වූ වීඩියෝවක් දැකගන්නට ලැබී තිබිණ. ඒ අනුව අගමැතිවරයා දුටු සැණින් මුරුත්තෙට්ටුවේ හිමියන් ඔහුගෙන් විමසා සිටියේ ‘මොනවද මහත්තයෝ මේ වෙන්නෙ…’ යැයි කියාය. ආණ්ඩුවට මේවා සුබ ලකුණු නොවන බවත්, වහාම රටේ සිදුවන ඇතැම් කරුණු සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත් උන්වහන්සේ කියා සිටියහ. එහිදී මහින්ද කියා සිටියේ “තව ටිකක් බලමුකො අපේ හාමුදුරුවනේ…” යැයි කියාය. නමුත් මුරුත්තෙට්ටුවේ හිමියන් එතැනින් නැවතුණේ නැත.
“අගමැතිතුමනි මේ පන්සලට හැමදාම ගොඩක් මිනිස්සු එනවා. මැති, ඇමැතිවරු එනවා. විපක්ෂයේ අය එනවා. ඒ අය රටේ තියෙන ප්‍රශ්න, ආණ්ඩුවේ තියෙන ප්‍රශ්න අපිට කියනවා. ගොඩක් දෙනෙක් දැන් කලකිරිලා ඉන්නෙ. ඒ ප්‍රශ්න විසඳන්න අද කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඔබතුමාට විතරයි මේක කරන්න පුළුවන්. තවත් නිහඬව ඉන්නෙ නැතුව මේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්න….” යනුවෙන් එහිදී මුරුත්තෙට්ටුවේ හිමියන් කියද්දී මහින්ද නිහඬව ඒ සියල්ල අසා සිටියා විනා ඊට පිළිතුරක් දීමට පියවර ගත්තේ නැත.

සජිත්ට ඇල්ලේ හිමි දොර අරියි

කෙසේ වෙතත් ආණ්ඩුවට සහාය දැක්වූ හිමිවරුන් මෙසේ ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වද්දී පසුගිය සතියේ තවත් එක්තරා විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, මෙතෙක් විපක්ෂයේ දේශපාලනඥයන් හා ආණ්ඩුවට හිතවත් ස්වාමීන් වහන්සේලා අතර තිබූ අඩු සබඳකම් වෙනුවට එම දේශපාලනඥයන් සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනැඟෙන ලකුණු පහළවීමය. ඊට මුල්වූයේ වෙන කවුරුවත් නොව විපක්ෂ නායක මෙන්ම, සමඟි ජන බලවේගයේ නායකයාද වන සජිත් ප්‍රේමදාස මහතාය. සජිත් මීට දින කිහිපයකට ඉහතදී ඇල්ලේ ගුණවංශ හිමියන් සහ උඩුවේ ධම්මාලෝක හිමියන්ට දුරකතන ඇමැතුම් ලබාදී උන්වහන්සේලා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දැනුම් දී සිටියේය. ඒ අනුව පසුගිය සතියේදී සජිත්ට කතා කළ ඇල්ලේ හිමියන් සහ උඩුවේ හිමියන් ඒ සඳහා අඟහරුවාදා දිනයත්, බදාදා දිනයත් ලබාදීමට පියවර ගත්හ.

හමුව වළකන්න වළි කෑ බිස්නස්කාරයෝ

කෙසේ වෙතත් සජිත් ඇල්ලේ හිමියන් මුණගැසීමට අවස්ථාවක් ඉල්ලා ඇති බව වාර්තා වීමත් සමඟ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිටින පිරිසකගෙන් සජිත්ව මුණ නොගැසෙන ලෙසට ඇල්ලේ හිමියන්ට විශාල බලපෑමක් පැමිණ ඇති බවක් රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇත. මධ්‍යස්ථ මතධාරීන් ලෙස පෙනී සිටින මෙම ව්‍යාපාරිකයන් පසුගිය සතියේ ඇල්ලේ හිමියන් මුණගැසීම සඳහා බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයට ගොස් සජිත්ව මුණ නොගැසෙන ලෙසට උන්වහන්සේට දැනුම්දී ඇති බව දැනගන්නට තිබේ. මේ ගිය ව්‍යාපාරිකයන්ගේ නම්, ගම් සියල්ල රාජ්‍ය රහස් තීරය සතුව ඇති අතර, ඉදිරියේදී අප නියත වශයෙන්ම ඔවුන්ගේ නම්, ගම් ජනතාවගේ දැනගැනීම සඳහා හෙළිදරව් කිරීමට සූදානමින් සිටින බවද මෙහිදී සඳහන් කළ යුතුය.

සුචරිතයට අලුත් මුහුණකට බාරදෙයි

නමුත් සඳහන් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ මෙසේ බලපෑම් එල්ල වුවද ඒ කිසිවක් කනකට නොගෙන ඇල්ලේ හිමියන් සජිත්ට තමන් හමුවීම සඳහා පසුගිය අඟහරුවාදා දින වේලාව ලබාදීමය. සජිත්ගේ පියා වූ ප්‍රේමදාස මහතා සහ ඇල්ලේ හිමියන් අතර තිබූ ඉතා සමීප සබඳතාවය ඊට මුල් වූ ප්‍රධාන කරුණ විය. ඒ අනුව ඇල්ලේ හිමියන් මුණගැසීමට යාම සඳහා සජිත් මාතර සමඟි ජන බලවේගයේ මන්ත්‍රිවරයා වූ බුද්ධික පතිරණ මහතාවද එක්කර ගත්තේය. ඒ විශේෂ හේතුවක් නිසාය. මන්දයත් සජිත් සැලැසුම් කොට ඇත්තේ සුචරිතය යළි පණගැන්වීමෙන් පසු එහි ප්‍රධාන තනතුරක් බුද්ධිකට ලබාදී එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑම බුද්ධිකට භාරදීමටය. සජිත් එය ඇල්ලේ හිමියන්ටද දැනුම් දී සිටීමට පියවර ගත්තේය. ඊට ඇල්ලේ හිමියන්ගේ ආශීර්වාදය හිමි විය. මෙම හමුව පැය දෙකකට ආසන්න කාලයක් පැවැතීමද විශේෂ සිදුවීමක් විය.

උඩුවේ හිමියන්ගේ අලියාට සජිත් කෑම කවයි

උඩුවේ හිමියන්ගෙන් සජිත්ට ලැබී තිබුණේ බදාදා දිනය. ඒ අනුව බදාදා ඇලන්මැතිනියාරාමයට ගිය සජිත්ට උන්වහන්සේගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. එහිදී රටේ දැනට මතුව ඇති තත්ත්වය පිළිබඳව උඩුවේ හිමියන් සමඟ සාකච්ඡා කළ සජිත් උන්වහන්සේටද තම පියාණන්ගේ සුචරිත ව්‍යාපාරය යළිත් ආරම්භ කරන බව දැනුම්දී සිටියේය.
මීට අමතරව තවත් විශේෂ සිදුවීමක්ද එහිදී සිදුවිය. ඒ උඩුවේ හිමියන්ගේ පන්සලේ සිටින අලි පැටියා මුල්කරගෙනය. ඉකුත් යහපාලන සමයේදී මේ අලි පැටියා හේතුවෙන් උඩුවේ හිමියන්ට අවස්ථා ගණනාවකදී උසාවි ගාණේ රස්තියාදු වීමට සිදුවූවා පමණක් නොව හිරේ විලංගුවේ වැටෙන්නට පවා සිදුවිය. කෙසේ වෙතත් උඩුවේ හිමිගේ පන්සලේ මේ අලි පැටවා සිටිනු දැකීමත් සමඟ සජිත් නිරායාසයෙන්ම ඒ දෙසට යැවුණු ආකාරයක් දැකගත හැකි විය. ඒ සජිත්ද වන සතුන්ට ඉතාමත්ම ප්‍රිය කරන දේශපාලන චරිතයක් වීම නිසාය. සජිත් කොච්චර වන සතුන්ට, විශේෂ අලින්ට ප්‍රිය කරනවාද කියනවා නම් ලංකාවේ සිටින ඕනෑම අලියකු දුටු මනතින් උගේ නම කතාකොට කතාකිරීමේ හැකියාවක් සජිත්ට තිබේ. මේ හේතුව නිසාම වහාම උඩුවේ හිමියන් සමඟ ඇත් පැටවා අසලට ගිය සජිත් ඌට කෑම බීම ලබාදීමට පවා කටයුතු කළේය. මෙසේ උඩුවේ හිමියන් සමඟ ඇලන්මැතිනියාරාමයේ කාලය ගත කළ සජිත් ඉන් පිටව ගියේ පැය දෙකහමාරක පමණ කාලයක් එහි රැඳී සිටීමෙන් පසුවය.

සජබෙ ව්‍යවස්ථාවේ ඇතුළෙ තියෙන දේවල්

මේ අතරවාරයේ සමඟි ජන බලවේගයේ නායකකාරකාදීන් මේ දිනවල විශාල අවධානයක් යොමුකොට ඇත්තේ සිය පක්ෂයේ ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ කටයුත්ත අවසන් කිරීමටය. ඒ අනුව මේ වනවිට සැලසුම් කර ඇත්තේ මෙම සතිඅන්තයේදී බදුල්ලේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී පක්ෂ ව්‍යවස්ථාව රටට ඉදිරිපත් කිරීමට නියමිතය. රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇති ආකාරයට මෙම නව ව්‍යවස්ථාව මඟින් සමඟි ජන බලවේගයට ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු හතරක් හඳුන්වා දී තිබේ. එමෙන්ම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන් 75 දෙනකුගෙන් සමන්විතය. ඊට නායකයාට පත් කළ හැක්කේ සාමාජිකයන් නවදෙනකු පමණි. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 16 දෙනකුගේ අස්සනින් ඕනෑම අවස්ථාවක කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීමේ අවස්ථාවද සකස් කොට ඇති බව දැනගන්නට ඇත. ඒ හරහා ප්‍රධාන පෙළේ පක්ෂවල පවතින දැඩි ඒකාධිපති ස්වරූපය සමඟි ජන බලවේගයේ ව්‍යවස්ථාවෙන් ඉවත් කොට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් යටතේ පක්ෂය මෙහෙයවීම එහි ප්‍රධානීන්ගේ අරමුණ වී ඇති ආකාරයක් දැකගන්නට ඇත.

චම්පික හිටිහැටියේ අයින් වුණේ ඇයි

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක ධුරයෙන් හිටි හැටියේම පාඨලී චම්පික රණවක මහතා පසුගිය සතියේදී ඉවත් වූයේ සමඟි ජන බලවේගයේ ව්‍යවස්ථාව මෙසේ ජනගත කිරීමට දින කිහිපයක් තබාය. මේ හේතුව නිසාම ඇතැම් මාධ්‍යයත් කියා සිටියේ චම්පික සමඟි ජන බලවේගයට එකතු වීම සඳහා හෙළ උරුමයෙන් ඉවත් වූවා යැයි කියාය. එමෙන්ම ඇතැම් මාධ්‍ය මෙහෙයුමක් දියත් කරමින් කියා සිටියේ සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය නායක ධුරය ලබාගැනීමේ අරමුණින් මෙසේ චම්පික හෙළ උරුමයෙන් ඉවත් වූ බවත්, ඒ හරහා මේ වන විට චම්පිකට එරෙහිව සමඟි ජන බලවේගය ඇතුළේ විරෝධයක් මතුව ඇති බවත්ය.
මේ හේතුව නිසාම පසුගිය සතියේදී බොහෝදෙනකු සජිත්ට කතාකොට මේ පිළිබඳව ඔහුගෙන් විමසා සිටීමට පියවර ගත්තේය. ඒ කතා කළ සෑම කෙනකුටම සජිත් කියා සිටියේ තමන් නිර්මාණය කිරීමට නියමිත නව බලවේගයේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකිරීමේ වගකීම චම්පිකට පැවරී ඇතැයි කියාය. ඔහුට සුදුසු ස්ථානය එහිදී ලබාදෙන බව කී සජිත් ඒ ගැන කිසිදු සැකයක් තබාගත යුතු නැති බවද කියා සිටියේය.
මීට අමතරව ඇතැම් අය චම්පිකගෙන්ද මේ සම්බන්ධයෙන් විමසා සිටීමට පියවර ගෙන තිබිණ. ඒ කතා කළ සියල්ලන්ට චම්පිකද කියා තිබුණේ මේ ආකාරයට විවිධ මාධ්‍යවල තනතුරු පිළිබඳ සඳහන් කරමින් පුවත් මැවීම එක්තරා කණ්ඩායමකගේ සැලැසුම් සහගත කුමන්ත්‍රණයක් යැයි කියාය. තමන් කිසිදු අවස්ථාවක, කිසිවකුගෙන් නියෝජ්‍ය නායක තනතුරු ඉල්ලා නැති බවත්, ඇතැමුන් එවැනි අසත්‍ය පුවත් පල කරන්නේ ප්‍රශ්න ඇති කිරීමේ වුවමනාවෙන් බවත් ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් සමඟි ජන බලවේගයේ ව්‍යවස්ථාව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු බව කියා සිටි චම්පික ඒකාධිපති ව්‍යවස්ථා සහිත පක්ෂ හේතුකොටගෙන රටේ ජනතාව බැටකා ඇති බවත්, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ඉදිරිපත් වන්නේ නම් තම කණ්ඩායමටද ඊට සම්බන්ධ විය හැකි බවත් වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් එළියට යයිද

පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය මහ මැතිවරණයේදී එක්ව තරග වැදුනද ආණ්ඩුව පිහිටවූ තැන පටන්ම දෙපාර්ශ්වය අතර එතරම් ඇයිහොඳැයියක් තිබුණේ නැත. ඇමැති මණ්ඩලය නම් කිරීමේදී ශ්‍රීලනිප සභාපතිවරයා වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැපීගොස් තිබූ අතර, තිදෙනෙක්ට පමණක් කැබිනට් ඇමැති ධුර හිමිවිය. එමෙන්ම ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ට ලැබී තිබුණේද එතරම් වැදගම්මකට නැති රාජ්‍ය අමාත්‍යංශයන්ය.
එමෙන්ම 20 වැනි සංශෝධනයේදී සිදුවිය යුතු වෙනස්කම් ඇතුළත් කරමින් ශ්‍රීලනිපය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් ආණ්ඩුව පැත්තෙන් යොමුකර තිබුණේ නැත. මේ නිසාම පසුගිය කාලවකවානුව පුරා ශ්‍රීලනිපය ආණ්ඩුව ඇතුළේ සිටියේ එතරම් සන්තෝෂයකින් නොවේ. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ඔවුන් වේලාවක් ඉල්ලා තිබුණත් ඊට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොතිබීමද මේ කලකිරීම ඉහළ නැංවීමට සමත්ව ිතිබිණ. මේ නිසාම අවසානයේදී මෛත්‍රිපාල සහ මහින්ද අතර, අය වැය පැවැත්වෙන දිනවලද පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පැවැත්වුණත් එමඟින්ද බලාපොරොත්තු වූ තරමේ වාසි සහගත තත්ත්වයක් ඇතිකර ගැනීමට ශ්‍රීලනිපයට හැකියාව ලැබුණේ නැත.
මේ නිසාම පසුගිය සතියේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්තේය. එහිදී දයාසිරි කියා සිටියේ ආණ්ඩුව කළගුණ අමතක කොට ඇති බවත්, ශ්‍රීලනිපය පිළිබඳව කිසිදු තැකීමක් නොකොට කටයුතු කරන බවත්ය. තවදුරටත් මේ ආකාරයට ගියහොත් ශ්‍රීලනිපයටද තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවත් දයාසිරි වැඩිදුරටත් එහිදී කියා සිටියේය.
හිටි හැටියේම දයාසිරි මෙවැනි දැඩි ප්‍රකාශයක් නිකුත් කළේ ආවාට ගියාට නොව කිසියම් සැලැස්මක් ඔළුවේ තබාගෙනය. ඒ සැලැසුම වෙන මොකක්වත් නොව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයය. මේ වන විටත් ආණ්ඩුවට බිම් මට්ටමේ ජනතාවගෙන් විරෝධයක් ගොඩනැඟෙමින් පවතින බව දයාසිරිලාට වාර්තා වී තිබීම ඊට හේතුවය. පාර්ලිමේන්තුවේදී මහින්ද සමඟ පැවැති සාකච්ඡාවේදී මේ තත්ත්වය මහින්දට දැනුම්දී සිටීමට මෛත්‍රි ඇතුළු කණ්ඩායමද පියවර ගෙන තිබිණ. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රීලනිපයේ අනුමානය වී ඇත්තේ ගම් මට්ටමින් ආණ්ඩුවට එරෙහිව පවතින විරෝධාය මුල්කරගෙන ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රීලනිපය වෙනම කණ්ඩායමක් ලෙස බුලත් කොළයෙන් තරග කළහොත් වැඩි ජයග්‍රහණයක් ලබාගත හැකි යැයි කියාය. එම නිසා දේශපාලන ක්ෂේත්‍රයේ කතාව යන්නේ දයාසිරි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා මෙසේ ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කළේ වෙනම තරග වැදීමේ පළමු පියවර තැබීමට යැයි කියාය.

පළාත් සභා විරෝධය කැබිනට්ටුවටත්

මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වූයේ ද වීඩියෝ තාක්ෂණය ඔස්සේය. ඒ පහුගිය සඳුදාය. සවස 5.00ට ආරම්භ වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීමට කලින්ම බොහෝ ඇමතිවරු තම තමන්ගේ ආසනවලට පැමිණ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ වී සිටියේ ජනාධිපති ගෝඨාභය පැමිණෙන තුරුය.
පළාත් සභා මැතිවරණය පැවති ක්‍රමයට කඩිනමින් පැවැත්වීමට යෝජනාවක් මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ ඇමති ජනක බණ්ඩාර තෙන්නකොන්ය. මුලින්ම ඇමති බන්දුල ඊට එරෙහි වූයේය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරන බවට ජනාධිපතිතුමා ප්‍රතිඥා දීලා තියෙන වෙලාවක්. මේ වෙලාවේ පළාත් සභාවලට විරුද්ධව දැඩි විරෝධයක් රට තුළ තිබෙනවා. හදිස්සියේ මෙහෙම කළොත් ඒක ලොකු ප්‍රශ්නයක්” යැයි බන්දුල කීවේය.
“මේ වෙලාවේ පළාත් සභා තියෙනවා. මහජනතාවගේ නියෝජිතයා නැතිව. මේක ලොකු අර්බුදයක්” යැයි වාසු කියද්දී ප්‍රසන්න කීවේ පළාත් සභා හැකි ඉක්මණින් පැවැත්විය යුතු යැයි කියාය.
“පහුගිය ආණ්ඩුව කාලේ අපි පළාත් සභා මැතිවරණය තියන්න කියලා ලොකු විරෝධයක් මතු කළා. මම ඒ කමිටුවේ හිටියා. අපිට ජනාධිපතිතුමා පත් කරන්න ආණ්ඩුව හදන්න හුඟක් මහන්සි වුණ පිරිසක් අද එළියට වෙලා ඉන්නවා. නිලධාරීන් වැඩ කරගෙන යනවා. මේ සමහර වැඩ මහජන හිතකාමී විදියට වෙන්නේ නෑ. අපි රනිල්ට බැන්නේ ජනතා පරමාධිපත්‍ය නැති කළා කියලා. ඒ නිසා පළාත් සභා ඉක්මනින් තියන්න ඕන…” යන්න ප්‍රසන්නගේ ස්ථාවරය විය.
රමේෂ් ද කථා කළේ ඇමති ප්‍රසන්නගේ මතය නිවැරදි බව කියමිනි.
“13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ මේ රටේ කිසියම් ගැටලුවකට විසඳුමක් හැටියට. නිශ්චිත විසඳුමක් දෙනකම් ඒ ආයතන බලාගන්න එක හොඳයි. ව්‍යවස්ථාව වෙනස් කළාට පස්සේ ඒ ගැන සලකා බලනතුරු ඉක්මණින් මැතිවරණය තියන්න ඕන. මැතිවරණය මේ වතාවේ තියලා ඊළඟ වතාවේ සංශෝධනවලට යමු” රමේෂ් කීවේය.
“ඔබතුමා පහුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් කිව්වා මේ පවතින ඡන්ද ක්‍රමය වෙනස් කරන බව. මහින්ද රාජපක්ෂ රජයේ අවසාන කාලයේ පළාත් පාලන ඡන්ද ක්‍රමය අපි වෙනස් කළා. නමුත් හිටපු අගමැතිතුමා පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කිරීම හිතා මතා ප්‍රමාද කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කමිටුවක් පත් කරලා ඒ ගැන කටයුතු කරද්දි අපි පරණ ක්‍රමයට ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා” ඇමති දිනේෂ් කීවේය.
ජනතාව ජනාධිපතිතුමා ගැන තියා ඇති විශ්වාසය මේ මඟින් පළුදු විය හැකි බවද ඔහු කීවේය.
“පළාත් සභා ප්‍රශ්නයයි, ඡන්ද ක්‍රමයයි මේ දෙක එකට ගත්තොත් ගැටලුවක් තියෙනවා. ඡන්ද ක්‍රමය ගැන ගැටලුව මඳක් පසෙකට තියලා අපි පළාත් සභා තියන එකෙන් කිසියම් ගැටලුවක් වෙයිද කියන එක මට ගැටලුවක්” වාසු කීවේය.
“වාසු ඇමතිතුමා මේ පත්‍රිකාව තියෙන්නේ ඡන්ද ක්‍රමය ගැන. හිරවිල්ල තියෙන්නේ ඡන්ද ක්‍රමය ගැන. මේක හදිසි කරන්න ගියොත් අවුලක්. අපි හැදුව පළාත් පාලන මැතිවරණ ක්‍රමය නෙමෙයි තිබුණේ. රනිල්ලා මේක නාඩගමක් කළා. මේක ගැන දේශපාලන තීන්දුවක් ගත යුතුය” දිනේෂ් නැවත කීවේය.
“කොවිඞ් තත්වය යටතේ ඡන්දයක් තියෙන එක ගැන ඇත්තටම මේ වන විට සමාජය තුළ හොද ප්‍රතිචාරයක් නෑ. ඒ ගැනත් අපි සැලකිලිමත් විය යුතුයි“ විමල් කියද්දී ඇමති සරත් වීරසේකර කීවේද මේ වේලාවේ පළාත් සභා මැතිවරණයකට නොයා යුතු බවයි.

තීන්දුව පක්ෂ නායක රැස්වීමට

“ඔබතුමාගේ සංකල්පය අනුව එක රටක් එක නීතියක් නම් පළාත් විෂයයන් සම්බන්ධයෙන් පලාත් 09ට නීති නමයක් හදන්න පුලුවන්. පළාත් සභා අවශ්‍යද කියන එක ගැනත් අපි හිතන්න ඕනේ. කෘෂිකර්ම, අධ්‍යාපන වගේ විෂයයන්වලට පළාත් ඇමතිවරු ඉන්නවා. ඔක්කොම ඇමතිවරු 10ක් විතර රටේම හිටියා. මොනවද වූණේ. වසර 03ක් පළාත් සභා තිබුණේ නෑ. රට ආපස්සට ගියාද? 13 අපිට බලෙන් පටවපු එකක්. ඒ නිසා පළාත් සභා අවශ්‍ය නොවන බවයි මගේ අදහස.” සරත් වීරසේකර වැඩිදුරටත් කීවේය.
“මේක පක්ෂ නායක මට්ටමින් තිරණය කළ යුතු දෙයක්. ඒ නිසා මේක පක්ෂ නායක රැස්වීමට දාලා මන්ත්‍රි කණ්ඩායමේ අනුමැතිය අරගෙන ඉදිරි පියවර ගන්න එක හොදයි” ඇමති නාමල් කීවේ ය.
ජනාධිපතිවරයාද දැරුවේ ඊට සමාන මතයකි. ඔහු කීවේද මෙය පක්ෂ නායකයන් හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බවයි.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

කොරෝනා එන්නත ගන්න ආණ්ඩුව ලෝක බැංකුවෙන් බිලියන 10ක ණයක් ඉල්ලයි

Next Post

අනුන්ගෙ සල්ලි එක්ක සෙල්ලම් කරන්න මම කැමැති නැහැ

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.