• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සල්ලාල පෙම්වතාට මම හරි ප්‍රියයි

December 20, 2020
in Heart
Reading Time: 4 mins read
A A
සල්ලාල පෙම්වතාට මම හරි ප්‍රියයි
Share on WhatsAppShare on Facebook

පෙම්වතා දුෂ්ටයා වීම – වීරයා ජෝකර් වීම – ශාන්තුවරයා ඩබල්ගේම්කාරයෙක් වීම නළු කලාවට හොඳ වින්දනයක්…

හිට් කිරීමේ කලාව තියෙන්නේ රඟපාන නළුවා – නිළිය අතේ…

‘ගිහාන් ප්‍රනාන්දු’ නම් රංගවේදියා ගැන කුමන හැඳින්වීමක් කළයුතු දැයි යන්න සිතන්නට වුවමනා නැත. ඒ ගැන කාලය වැය කිරීමක් අවැසි නොවන තරමට ඒ ලියැවිල්ල සරලය. වචන හතරකින් කියනවා නම් ‘ගිහාන් ප්‍රනාන්දු’ මරු පොරකි. ටෙලිනාට්‍ය රැසක ගිහාන් රඟපෑ විවිධ වූ චරිතයන් එයට මොනවට සාක්‍ෂි දරන්නේය. උපහාසය, ප්‍රහර්සනය, නොහොබිනාකම් සහ ප්‍රේමාන්විත චරිතයන් තුළ ඔහු මවන්නා වූ රංග ප්‍රතිභාවට ඔබ රුචි නම්, ඒ අපූරු රංගවේදියා සමඟ කෙරෙන මේ පිළිසඳරට ඔබටත් ආරාධනා.
ඉතින් ගිහාන් ඔබ සුවෙන් ඇතැයි සිතනවා?
ඔව්… මම බොහොම සතුටෙන්, සුවෙන් දවස ගෙවනවා. ඒ අතර කලා කටයුතු නිසා මඳක් කාර්යබහුලයි.
එකිනෙකට පරස්පර චරිත අතර ඔබේ රංගනය දෝලනය වෙනවා?
රංගවේදියකු ලබන වාසනාවක් එය. එකම චරිත පෙළකට කොටුවෙනවාට වඩා පෙම්වතා, දුෂ්ටයා වීම, වීරයා ජෝකර් වීම සහ ශාන්තුවරයා ඩබල් ගේම්කාරයකු වීම නළු කලාවට හොඳ වින්දනයක් වෙනවා.
ඒ වින්දනය තුළ ඔබ වඩා කැමැත්තෙන් කළ චරිත නිරූපණය කුමක්දැයි ඇසුවහොත්?
එය වර්ග කිරීම අසාධාරණයි මම හිතන්නේ. මොකද මෙය අපේ වෘත්තීය. එහි මෙය තමයි (Best), අරක හොඳ මදි, මේක හරි නැහැ කීම ටිකක් බෝරිං වැඩක්. කෙටියෙන් කියනවා නම් රඟපෑ හැම චරිතයකටම මම කැමැතියි. අනෙක ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් කෙළින්ම දෙන්නට නම් ටිකක් දුර හිතන්න ඕනෑ. එකපාරටම චරිතයක් තෝරා ගැනීම පහසු නැහැ. මට හිතෙන හැටියට, ඔන්න ප්‍රේක්‍ෂකයෙක් මගෙන් ඇහුවොත් අහවල් චරිතයට ඔබ වඩාත්ම කැමැති යැයි නේද කියලා මට එයට යමක් කිව හැකියි.
ප්‍රේක්‍ෂකයකු ලෙස ඇසුවහොත් ඔබ වඩාත්ම ප්‍රිය ‘ආගන්තුකයෝ’ හී ‘මොරිස්’ට නේදැයි කියලා?
මෙහෙමයි… ‘මොරිස්’ගේ චරිතයට මම බෙහෙවින්ම ප්‍රියයි. හැබැයි එයට වඩා මම කැමැති වෙනත් උත්තරයක් තියෙනවා. ඒ ‘බට්ටි’හි ‘මෙරිල් හාමු’ගේ චරිතයයි. ඒ ‘සල්ලාල පෙම්වතාට’ මම හරිම ප්‍රියයි ඇත්තෙන්ම.
ප්‍රේක්‍ෂකයන් අතර එය වඩාත් ජනප්‍රිය වූ නිසාද ඔබ මෙරිල්ට කැමැති?
ඔව්… සමහර විට එයද එක් හේතුවක්. වික්‍රමනායකගේ කතාවක් පාදක කොටගෙන නිෂ්පාදනය වූ ‘බට්ටි’ කිහිපවතාවක්ම ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුණා. එයට පසුව අවස්ථා කිහියකට එය විවිධ සේවා හරහාද විකාශනය වුණා. ඒ හැම වතාවකම වගේ ප්‍රේක්‍ෂකයා නැවැත නැවැතත් එයට සමීප වුණා. ඉන්දියානු නාට්‍ය කලාවට ඇබ්බැහිව සිටි බොහෝ දෙනකු එය අතහැර ‘බට්ටි’ නාට්‍යය නරඹන්නට පෙළගැසීම ඒ දවස්වල හරි අපූරු ආශ්චර්යයක් වුණා. ඒ අතර නොහොබිනා චරිත නිරූපණයක් වූ ‘මෙරිල් හාමු’ වටාද හොඳ ප්‍රේක්‍ෂක පිරිසක් බිහිවුණා.
‘ආගන්තුකයා’හී රස්තියාදුකාර ‘මොරිස්’ වටාද හොඳ ප්‍රේක්‍ෂක පිරිසක් එකතු වුණා නේද?
ඔව්… මැරයෙක් වූ ආගන්තුකයා වටාද අසීමිත ප්‍රේක්‍ෂක පිරිසක් ඉදිවුණා.
රස්තියාදුකාර ‘මොරිස්’ට සුවිශේෂීව කාන්තාවන් ඇලුම් කළ බව අසන්නට ලැබුණා?
පාතාලයේ කෙරුම්කාරයකු වුවද, ‘මොරිස්’ ‘මාලනී’ට හරි අපූරුවට පෙම් කළා. ඔබ කියන ඔය ස්ත්‍රී ඇල්ම ඇති වුණේ ඒ නිසා වන්නට ඇති. කොයික කෙසේ වුවද, බොහෝ නිවෙස්වල ‘ආගන්තුකයා’ නැරැඹීම සඳහා පවුල් පිටින් ප්‍රේක්‍ෂකයන් අසුන් ගත් බව දැනගන්නට ලැබුණා. එයට බොහෝ අනුග්‍රාහකයන්ද ලැබුණා. තව දිගින් දිගටම කතා මාලාව ගෙන යන්නට වුවද අවකාශය තිබුණා.
‘ආගන්තුකයා’ යම් අනුකරණයක් මත නිර්මාණය වූ ටෙලි කතාවක් නේද?
ඔව්… එය ඉංග්‍රීසි චිත්‍රපටයක කතා තේමාවක් අනුව තැනුණු නිර්මාණයක්. අනුකරණයක්ය කීවාට… පාදක කොට ගත්තේ තේමාව පමණයි.
‘ආගන්තුකයා’ හී අවසානය ගැන ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩවුණාය කියා කියනවා?
ඔව්… එවැන්නක් සිදුවූ බව දැනගන්නට ලැබුණා. ප්‍රේක්‍ෂකයන් බලා සිටි අවසානය එය නොවන වග ඔවුන්ගේ ප්‍රතිචාර හමුවේ එළිදැක්වුණා.
ඔබ නිතර ටෙලි තිරය මත සැරිසරනවා, එයට හේතුව, ඕනෑම චරිතයක් බාර ගැනීමද?
චරිත තෝරා බේරාගෙන රඟන කලාව මා තුළ නැහැ. මම අහලා තියෙනවා බොහෝ රංගන ශිල්පීන් ඔය කතාව කියනවා. ‘මම චරිත රඟපාන්නේ තෝරලා බේරලාය කියා. හැබැයි මගේ කතාව ඊට වෙනස්. චරිතයක හොඳ – නරක තිබෙන්නේ එය රඟපාන ආකාරය තුළ මිසක තිරපිටපත තුළ නෙවෙයි. රංගනවේදියකුට පුළුවන් වැඩකට නැති ඕනෑම චරිතයක් ප්‍රේක්‍ෂකයන් අතර ‘හිට්’ කරවන්න. ඒ ‘හිට්’ කරවීමේ කලාව තියෙන්නේ රංගනය සඳහා දායක වන ඔහු හෝ ඇය අතම පමණයි. මට ලැබෙන චරිතය මම වෙනස් කරනවා. තිර පිටපතට හානියක් නොවන ආකාරයට එයට විවිධ රසයන් එක්කාසු කරනවා. රසිකයාට ප්‍රියමනාප වන අන්දමට එයට අඩු වැඩියද එකතු කරනවා. ඒ ආකාරයට මා කළ අත්හදා බැලීම් තවම වැරැදිලාද නැහැ. අන්න ඒ නිසා චරිතය හරි නැහැ කියා රිජෙක්ට් කරනවාට වැඩිය එයට යම් රසයක් එක්කිරීම වඩා හොඳයි. මොකද.., රංගනය කියන්නේ වෘත්තියක්. හොඳයි, නරකයි කියා එය බෙදන්න ගියාම අවැඩක් සිදුවිය හැකියි.
ඔබ කී විශේෂත්වයන් එක් කරන විට අධ්‍යක්‍ෂවරයා එයට බලපෑම් කරන අවස්ථා නැතිද?
අධ්‍යක්‍ෂවරයා සමඟ එය කතාබහ කළ යුතුයි. තිර පිටපතක් ලැබුණු පසු මම එය හොඳින් කියවනවා. ඉහත කී රසයන් එයට එක් කළ යුතුයි නම් අධ්‍යක්‍ෂවරයා හමුවී කතාබහ කරනවා. තිර පිටපත ලැබුණු සැණින් පහුවදා සෙට් එකට යන ක්‍රමය මම අනුමත කරන්නේ නැහැ. චරිතය ගැන අධ්‍යයනය කොට අධ්‍යක්‍ෂවරයා සමඟ කතිකා කර තමයි චරිතයට බහින්නේ.
එතැනදී යම් අමනාපකම් ඇති වී චරිත හැරගිය අවස්ථා නැතිද?
මේ වනතුරු එවැන්නක් සිදුවී නැහැ. හරිම සුහදව ඔවුන් සහ මා අතර එම ගනුදෙනුව තවමත් සිදුවෙනවා. ප්‍රතික්‍ෂේප කළ යුතු යැයි සිතෙන සමහර චරිත බාරගෙන ඒ තුළ මම මගේ ප්‍රතිරූපය ඉදිකරගත් එවැනි අවස්ථා අපමණයි.
රංගනය සඳහා නවකයන් පුහුණු කරවන මෙහෙවරකට ඔබ අතගසා තිබෙනවා?
ඔව්… එය මම මහත් සතුටින් කරන මෙහෙවරක්. ආයතන කිහිපයකටම මම මගේ සේවය එම පාඨමාලාවන් සඳහා දානය කරවනවා. ඒ වෙනුවෙන් සහභාගී වන පිරිස දුටු විට රංගනය ගැන නවකයන් මේ තරම් උන්මාදනීයද කියා හිතෙනවා. ‘Hit Act’ කියා මගේ ආයතනයක්ද මම ඒ වෙනුවෙන් ආරම්භ කළේද රංගනය ගැන වාගේම රංගනය ගැන නවකයනට දෙන පුහුණුවද මගේ සිතට තදින්ම ප්‍රිය වූ නිසයි. මීගමුව ප්‍රදේශයේ අය මගෙන් ඉල්ලීමක් කළා ‘Hit Act’ රංගන පුහුණු ආයතනයක් එහිදීද අරඹන්නය කියා. ගමන් පහසුව කරදර නිසා ඔවුන් මගෙන් කළ ඒ ඉල්ලීම මම ළඟකදී ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා.
අධ්‍යක්‍ෂණයට අතගැසීමේ සූදානමක ඉන්නවද ඔබ මේ දවස්වල?
තවම නම් නැහැ. අධ්‍යක්‍ෂණය සිතන තරම් පහසු නැහැ. කරන්නන් වාලේ කරන්නත් බැහැ. තවමත් මම ඒ සඳහා ඉගෙන ගන්නවා. කොරෝනා විරාමයේදීද මම කළේ උසස් නිර්මාණයන් ගැන සහ ප්‍රකට රංගවේදීන් ගැන තනිවම නිවෙසට වී හැදෑරීමයි. ඒ තුළින් මගේ අඩුපාඩු හදා ගන්නා අතර, අලුත් ශෛලීන් සහ ඒ ඒ පුද්ගලයන්ගේ එකිනෙකට වෙනස් රංගනයන් ගැනද මම බොහෝ දෑ ඉගෙනගන්නවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අනුන්ගෙ සල්ලි එක්ක සෙල්ලම් කරන්න මම කැමැති නැහැ

Next Post

මිනිසුන්ට ටෙලිනාට්‍ය එපා කරවන්නෙ TV චැනල්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.