සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) ඇලන් මැතිනියාරාමෙට ගොස් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි මුණගැසී සාකච්ජා කිරීමට පියවර ගත්තේය.
මෙහිදී පවතින දේශපාලන තත්ත්වය පිළිබදවද, අනෙකුත් කරුණු පිළිබදවද සාකච්ජාවක් පැවැත්විණ.
ඊයේ දිනයේදී කොළඹ ධර්මායතනයට ගොස් ඇල්ලේ ගුණවංශ හිමියන් මුණගැසී සාකච්ජා පැවැත්වූ විපක්ෂනායකවරයා අද දින උඩුවේ ධම්මාලෝක හිමියන් මුණ ගැසී සාකච්ජා පැවැත්වීම විශේෂ සිදුවීමක් ලෙස දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.










